(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
දංඕවිට ප්‍රදේශයේ නිවසක ළිඳක් ඉහින්නට එන්නැයි සොහොන් බිමක සිට දුරකථනයෙන් කළ ව්‍යාජ දැනුම්දීමක් නිසා විය පැහැදම් කරගෙන ගිය ළිං ඉසින්නා මෙන්ම දුරකතනය හිමිකරුද පීඩාවට පත්වීමේ සිද්ධියක් මීරිගම පොලිසියෙන් වාර්තා විය.
ඔහු බෝතලේ ගම්මානයේ දිවි ගෙවන ජීවන ගමනේ අඩ සියවසද ඉක්ම වූවෙකි. බිරිය ලෙඩ ඇඳේය. ජීවිකාව සඳහා කරන්නේ ළිං ඉසීමය. දුරකතනයෙන් දැනුම්දීමක් කළ විගස ගණන් හිලව් කතා කර බාර ගන්නා කාර්යය සාර්ථකව ඉටු කිරීම ඔහුගේ සිරිතය.
ගම්මානයේ මරණයක් සිදුවිය. ගමේ පිරිස වළ කැපීමට සොහොන් බිමට එක්වූයේය. වැඬේ කරන අතර සප්පායම් වූ අයද මේ අතර සිටියහ. කුටුම්භ ගෙයි කොනක එල්ලූ කමිසයක සාක්කුවේ තිබූ දුරකතනයක් අතට ගත් ගමේ කෙනෙකු ළිං ඉසින අයට කතා කළේ දුරකතනයේ හිමිකරුටත් හොර රහසේය.
මම දංඕවිටින් කතා කරන්නේ අපේ ළිඳේ වතුර නරක් වෙලා බොන්න විදියක් නැහැ. අදම සුද්ද කරලා දෙන්න ඔහු ඉල්ලා සිටියේය. රුපියල් 2500 කට ගණන් කතා කර ගත් පසු ආ යුතු ස්ථානයද ඔහුට දැනුම් දුන්නේය. මෝටර් ආදී අඩුම කුඩම කුඩා ලොරියේ පටවාගත් ඔහු ගමන පිටත්වූයේ සොහොන් බිම පසු කරමිනි.
ලොරිය සොහොන් බිම පසු කරනවාත් සමග යළි ඇමතුමක් ආයේය. අනේ ඔයා එනවා නේද වරද්දන්න එපා ඇවිටිලි කරද්දී මම එමින් ඉන්නේ ඔහු කීය. එන්නට කී තැනට ගිය ඔහු අංකයට කතා කළත් පිළිතුරක් නැත. ළිඳක් ඉසින්නට අවශ්‍ය බව කී කිසිවකු හමුවූයේද නැත. අවසානයේ ඔහු ගෙදර ආවේ යක්ෂාවේෂවය.
කේන්තියෙන් පිපිරෙමින් ඔහු කළේ පොලිසියට ගොස් පැමිණිල්ලක් කිරීමයි. තමන්ට කතා කළ අංකය එහි සඳහන් කළේය. ඒ අනුව දුරකතනයේ හිමිකරු පොලිසියට කැඳවිණි. ඒ වනවිට ඔහු සිදුවූ සියල්ල දැන සිටි බව පෙනුණි. එහෙත් ඔහු පැවසුවේ වෙනඑකකි.
මම කිසිවක් දන්නේ නැහැ. කතා කළ කෙනෙක් තමුසේ හොයා ගන්නවා ඔහු ගුගුලේය.
දුරකතනයේ අයිතිකරු නිසා තමන්ට කිසියම් වගකීමක් ඇති බව පොලිසිය ඔහුට අවබෝධ කරදීමෙන් පසු තරමක් සන්සුන් විය. ළිඳ ඉසින්නට කියා ගිය ගමනට අලාභයක් අවශ්‍ය බව කී අය පසුව පැවසුවේ ඉදිරියට මෙවන් අශික්ෂිත වැඩ නොකරන ලෙස හා ඒ සඳහා අනුබල නොදෙන ලෙසට අවවාදයක් කරන ලෙසයි. එයින් සෑහීමකට පත්වූ පුද්ගලයා සියල්ල ඉවසා පිටව යනු දැකිය හැකිවිය.
මීරිගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එම්.පී. විමලරත්න මහතා ඉදිරියේ මේ සිදුවීම දිග හැරුණි.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ළිඳක් ඉහින්න ගිහින් පොලිසි යන්නත් වෙලා