බිරියට මොනරුන් බලන්නට සලස්වා මෝටර් රියේ තිබූ ඇගේ මිරිවැඩි සඟල කැලයට විසිකර එය අසුවීමෙන් පසු බිරියට රුපියල් හාරදහසක නවීන පන්නයේ පාවහන් යුගලක් මිලදී ගෙන දුන් සැමියකු පිළිබඳව පසුගියදා දකුණේ ගමකින් වාර්තා විය.
පරසිදු ව්‍යාපාරිකයෙකි. පසුගියදා ගමින් බැහැර ව්‍යාපාරික කටයුත්තක් සඳහා ගමන් කළේ නවීන මෝටර් රියෙනි. මේ යන ගමනේදී ඔහු තමන්ගේ පැරණි හිතවතියක හමුවීමටද ගියේය. දෙදෙනා අතීත සැමරුම්වල නිරතව සිටියදී මේ ව්‍යාපාරිකයා පැරුණි හිතවතියට සාප්පු සවාරියක යාමට ඇරියුම් කළේ ගමින් දුර බැහැරක නිසා තම විවාහක බිරියට මේ බව දැන ගන්නට නොලැබෙන බව සිතමිනි.
පැරැණි හිතවතියද ඔහුගේ ඇරයුම එක සිතින් පිළිගත්තාය. කලකින් පැරණි පෙම්වතා හා ගමනේ යෙදීමට ඇය ඔහු හා ඔහුගේ රියට ගොඩවූවාය. ගමනේ යන අතර දෙතුන් තැනකදීම මේ දෙදෙනා සිරි නරඹන්නට අමතක කළේ නැත. ඒ අවස්ථාවලදී පැරණි හිතවතිය රියෙන් බැස්සේ පාවහන් නොමැතිව බව ඔහු දුටුවේය.
සාප්පු සවාරියෙන් පසු පැරැණි හිතවතිය ඇරලවා ඔහු ගම බලා ගියේ ඉඩ ලද විටක යළි එන බවට සපථ කරමිනි. නිවසට ගිය සැමියාට බිරියගෙන් ඉල්ලීමක් ඉදිරිපත් වූයේ නිවසේ අඩු පාඩු රැසක් වන බැවින් කඩ මණ්ඩියට යාම සඳහාය. බිරිය රියට ගොඩවූ වහාම පාවහන් යුගල ගලවා පැත්තකින් තැබුවාය.
ටික දුරක් යද්දී සැමියා දුටුවේ බිරියගේ අසුන අසල පාවහන් යුගලක් තිබෙන බවයි. එය පැරැණි හිතවතියගේ බවට ඔහු අනුමාන කළේය. බිරිය එය දුටුවොත් මහ වින්නැහියක් සිදුවෙන්නට පුළුවන් බව සිතූ සැමියා හදිසි තීරණයක් ගත්තේය. මහ අයිනේ මොනරුන් රඟනවා ඔහු දුටුවේ මේ අතරය.
“අනේ අර බලන්න ලස්සන මොණරු ටිකක්. බැහැලා බලමු සැමියා යෝජනා කරද්දී බිරිය පැවසුවේ මොනරුන් නිතර දකින බවය. එහෙත් සැමියාගේ ඇවිටිල්ල මත ඇය රියෙන් බිමට බැස්සත් සැමියාගේ ක්‍රියාව ඇයට ඇල්ලුවේ නැත. ඇය දැඩි කල්පනාවෙන් සිටියදී සැමියා පාවහන් යුගල කැලයට විසි කරනවා ඇය දුටුවාය.
මොකක්ද මිනිහෝ කළේ මගේ සෙරෙප්පු කුට්ටම අරන් මාස දෙකක්වත් නැහැ. ඇය ආඩපාලී කියද්දී තමන්ට වැරදුණ බව සැමියාට තේරුම් ගියේය.
දැන් කරන්නට දෙයක් නැත. අනේ ඒකේ පටියක් කැඩිලා තිබුන නිසයි විසි කළේ ඔහු නිදහසට කරුණු කීවත් බිරිය ඒ බව පිළිගන්නට සුදානම් නොවූවාය. කඩමණ්ඩියට යාම පසෙකලා ‘ඔහු ළඟම නගරයට ගියේ බිරියට අලුතින් පාවහන් යුගලක් මිලදී ගෙන දෙන්නටය.
එසේ සිදුවුවත් සැමියාගේ ක්‍රියාව පිටුපස කිසියම් හොරයක් ඇතැයි සිතන බිරිය දැඩි සැකයකින් කල්ගත කරන්නේ සැමියාගේ හොරය අල්ලා ගනු පිණිසය.
මාස දෙකතුනක් ගත වුවත් ඔහුට තවම පැරණි හිතවතියට වූ පොරොන්දුව ඉටු කරන්නට නෙැහකිව ලත වෙමින් සිටී.
පුෂ්පකුමාර මල්ලවආරච්චි
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හොර ගෑනිගෙ හොරේ වහන්න බිරියට මොනරු පෙන්නලා