පන්සලේ පින් පෙට්ටිය කඩා බුදු මැදුරේ නින්දගොස් සිටි පුද්ගලයකු විහාරාධිපති හිමියන්ගේ අතටම අසුවීමේ පුවතක් කන්ද උඩරට විහාරස්ථානයකින් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
විහාරස්ථානය ආසන්න ගමක පදිංචි ඔහු දෑතේ දෙපයේ රැකියාවකට ඇලුම් නොකළ එහෙත් මත්පැනට තදින්ම ලොල් වූ පුද්ගලයෙකු ලෙස කවුරුත් දන්නා පුද්ගලයෙකි.
මතට අවශ්‍ය හදිස්සි මුදල් අවශ්‍යතාව පිරිමසා ගැනීමට ඔහුගේ එදින ඉලක්කය වී තිබුණේ ගමේ පන්සලේ පින් පෙට්ටියයි.
ඒ අනුව එදින මධ්‍යම රාත්‍රියේ ඔහුගේ සැලැස්ම ක්‍රියාත්මක කළ ද හදිස්සියේ ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් වර්ෂාව නිමවනතුරු ඔහුගේ තාවකාලික නවාතැන වූයේ විහාරස්ථානයේ බුදු මැදුරයි.
එන්න එන්නම වර්ෂාව අධික වූයෙන් ඔහුට එහිම නින්ද ගියේ ඔහුටත් නොදැනීමය.
මේ අතර හිමිදිරියේම වතාවත් කිරීම සඳහා විහාරාධිපති හිමියන් බුදු මැදුර සමීපයට වැඩි මොහොතේ දැක ඇත්තේ මුදල් පොට්ටනිය හිසට තබා තවමත් ගොර අදිමින් නින්දේ පසුවන තැනැත්තාය.
ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකළ උන්වහන්සේ තමන් ආ කාර්ය සිදු කරමින් සිටියදී හදිසියේ අවදිවූ මෙම පුද්ගලයා හදිස්සි අවශ්‍යතාවකට පන්සලේ පින් පෙට්ටිය කැඩූ නමුත් පන්සල් දේපළ සොරා ගැනීම පාපයක් නිසා එය යළි උන්වහන්සේට භාරදීමට සිටි බව පවසමින් මුදල් පොට්ටනිය එහිම තබා පලාගිය බව වැඩිදුටත් වාර්තා වේ.
ධම්මික ගුණවර්ධන
කටුගස්තොට
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හොරකමක් කරලා එතැනම නින්ද ගිහිල්ලා
Ruksha Friday, 13 July 2018 09:44 AM
පුදුම වැඩක් එක නම් .අද කාලේ ඔහොම වෙනවා අඩුයි .හාමුදුරුවොත් අපවත් කරලා යන කාලයක්නේ මේක .
Ruksha Friday, 13 July 2018 09:48 AM
අනේ අප්පෝ