IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හිතට එකයි බතට එකයි ගෑනු දෙන්නෙක් ඕනෑවෙලා

දකුණු පළාතේ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි  පොලිස් ස්ථානයකි. එහි පැමිණිලි අංශයට පැමිණි  මැදිවියේ කාන්තාවක් සිය පැමිණිල්ල  ඉදිරිපත් කිරීමට සුදානම් වත්ම එතැනට පැමිණියේ යුරෝපීය ඇඳුමින් මැදිවියේ  වූවකු - සහ නවීන විලාසිතා ඇඳුමින් සැරසුණු තරුණ යුවතියකි.  


පෙර කී කාන්තාව පැමිණිලි කළේ තමා දෙදරු මවක බවත් දැන් මෙහි  පැමිණි තම ස්වාමි පුරුෂයා ඔහුත් සමඟ ආ එම කාර්යාලයේම තරුණිය සමග සම්බන්ධතා පවත්වන හෙයින් ඔහුගෙන් දික්කසාද විය යුතු බවත්ය.
“අනේ ඒක බෑ රාලහාමි මට එයත් ඕනා.  මෙයත් ඕන මට දෙන්නම ඕනෑ” කීවේ ආවේගාත්මකව ඉකි ගසමිනි. පොලිස් නිලධාරියා ඔහු දෙස බැලුවේ විමතියෙනි.


“මෙයා මගේ විවාහක බිරිඳ මෙයාට රසට උයන්න පුළුවන්” බිරිඳ පෙන්වා කී ඔහු තරුණිය පෙන්වා මෙයාට උයන්න  බැරි වුනාට මට පණ  වගේ ආදරෙයි” කීවේය.


මේ බහුබූත ගැටලුව විසඳීමට බැරි තැන පොලිස් නිලධාරයා ඔවුහු පොලිස් ස්ථානාධිපති වෙත යොමු කරනු ලැබූහ. 


ඔහු ඉකි ගසමින් එතැනදීද කිවේ දෙදෙනාම ඕනෑ බවකි.“ මේ උන්නැහේ තමුන්ට බතට එකයි හිතට එකයි. දෙකක් බෑ. මේ කසාද පවුලත් එක්ක සමඟියෙන් ඉන්නවා, තරුණ ජීවිත  අතර මං කරන් නැතිව”ස්ථානාධිපති කීවෙන් දිරිඝ සාකච්ඡාවකින් පසු විවාහක බිරිඳ හා එක්ව විසීමට කැමැත්ත පළ කළේ තරුණ හිතවතිය කඳුළු සලමින් සිටියදීලු. 
(තිහගොඩ උපසේන ලියනගම)

 



අදහස් (0)

හිතට එකයි බතට එකයි ගෑනු දෙන්නෙක් ඕනෑවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 275 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 83 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 972 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 790 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 662 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 398 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site