(වියලුව වාර්තාකරු)
සුභ නැකතට අනුව නිවසේ අත්තිවාරම් දැමීමට එන බව පවසා දින දෙකක වැටුපත් රැගෙන පිටව ගිය පෙදරේරුවකු කිතුල් ගසක් මුල වැතිර සිටියදී හමු වූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
පෙදරේරු වෘත්තියේ යෙදෙන්නෙකි. මත්පැන් පානයට ද රුසියෙකි. උදේ සිට සවස් වනතුරු ගත වෙහෙසා වැඩ කරන හෙතෙම දිනයේ වැටුපෙන් වැඩි කොටසක් වැය කළේ මත්පැන්වලටය.
පසුගිය දිනෙක අලුතින් ඉදිවන නිවසක අත්තිවාරම් දැමීමට ඔහුට ආරාධනයක් ලැබිණි. වැඬේ බාරගත් හෙතෙම දින දෙකක වැටුප ද ඉල්ලාගෙන පිටව ගියේ පසු දින උදෑසනින්ම තමුන් පැමිණෙන බවත් අවශ්‍ය අත්උදව්කරුවන් හා උපකරණ සූදානම් කරන ලෙසත් ඉල්ලීමක් කරමිනි.
පසු දින පහන් වී හෝරා දෙක තුනක් ගත වුවත් ඔහු එන බවක් දැක ගන්නට නොලැබිණි. නැකත් වේලාවද ආසන්න වෙමින් තිබිණි. දුරකතනය ද ක්‍රියාවිරහිතව තිබිණි. පුද්ගලයා ගැන දන්නා හෙතෙම ඔහුගේ නිවසට ද ගොස් විපරම් කළේය. කලින් දින පිටව ගිය ඔහු තවමත් ගෙදර නො ආ බව ඔහුගේ බිරිය ද කීවාය.
ඔහු ගැන සොයා බලද්දී යම් හෝඩුවාවක් ලැබිණි. හෝඩුවාව ඇත්තකි. පදම වැඩි වූ ඔහු ඒ වන විටත් ගමේ කිතුලක් පාමුල ගල්තාලවක මර නින්දේ පසුවනු දැක ගන්නට ලැබිණි.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වැඩට එනවා කී මේසන් බාස් දවස් 2 ක් කිතුල් ගසක් යට
gamage Tuesday, 07 March 2017 09:49 AM
දැන් මේකට හිනා වෙන්න ඕනිද
GONA Wednesday, 15 March 2017 01:24 AM
මෙයාලට කන්න ඕන වුණාම විතරයි වැඩට එන්නේ. ඒවුණාට කියන්නේ කරන්නේ ආණ්ඩුවට බණින එක.