(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ප්‍රධාන පෙළේ සංවර්ධන ක්‍රියාවකින් තමන් පීඩාවට පත්වූ බව කියන පුද්ගලයෙක් තම ගැටලුව නිලධාරීන්ට කියන්නට ගියේ මිතුරන් හත් අට දෙනකු සමගය. මිතුරන් පිරිස කාර්යාලීය බිමේ ගස් හෙවනක රැඳී සිටියදී ඔහු නිලධාරියා හමුවීමට ගියේ උදේ නවයට පමණය.
හෝරා දෙකතුනක් තිස්සේ නිලධාරියා සමග තර්ක විතර්ක කළ මේ පුද්ගලයාගේ ගැටලුව තමන්ට විසඳන්නට නොහැකි බව දැනගත් නිලධාරියා අදාළ අංශයේ වගකිවයුතු නිලධාරියකු කැඳවීමට පියවර ගත්තේය.
ටික වේලාවකින් අදාළ නිලධාරි පිරිසක් ආයේය. යළි සාකච්ඡා ඇරඹිණි. ඒ සඳහා ද දෙපැයක් ගතවිය. අවසානයේ රුපියල් ලක්ෂ ගණනක වන්දි මුදලක් දෙන්නට නිලධාරීන් එකඟවිය. පීඩාවට පත්වූ බව කියන අය එයින් පිනා ගියේය. අත්තිකාරමක්ද ලබා ගත් ඔහු මිතුරන් අමතක විය. කෙලින්ම ගියේ තැබෑරුම බලාය.
සාකච්ඡාව අවසන් කර මිතුරා එනතුරු බලා සිටි මිතුරන් හත් අට දෙනා කාර්යාලය දෙසට ගියේ බලා ඉඳ බැරිම තැනය. වේලාව සවස තුනත් පසූවී ඇත. මිතුරා පෙනෙන්නට නැත. “සර්, අර ප්‍රශ්නයක් කතා කරගන්න ආ එක්කෙනා කෝ.” ඔවුන් ප්‍රධාන නිලධාරි තැන හමුවී විමසීය.
සිදුවූ සියල්ල දැනගත් මිතුරු පිරිස මිතුරා සොයා ගියේය. ඉර බැස යද්දී ඔහු හමුවූයේ කෙළින් සිටගන්නට බැරි තරමට වෙරිවී සිටියදීය. උඹ අපිව දාලා ආවා නේද, නැති බැරි වෙලාවට අපි ඕන වුණාට ලාභයක් වුණාම අපි අමතක කරපු උඹ ගමට නම් එන්න එපා යැයි කියු මිතුරු පිරිස ආපසු හැරී යද්දී ඔහුගේ වෙරි සිඳී ගියේය. දින කීපයක් ගතවී ඇතත් තවම මේ පුද්ගලයා ගමට පැමිණ නැත.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වන්දි මුදල ලැබුණ ගමන් සහයට ගිය මිතුරන් අමතකවෙලා