IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලෝබයා නොදන්න දේට ගිහින් වරිගෙ නහගෙන

(ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර)
වැඩි වියදමකින් තොරව සිය නිවස පින්තාරු කිරීමට ගිය නිවැසියකුට ඔහුගේ ලෝබකම නිසා සිතුවාට වඩා වැඩි මුදලක් එයට දැරීමට සිදුවූ පුවතක් දකුණු පළාතේ ගමකින් වාර්තා වේ. 


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 


නිවාස පින්තාරු කිරීමට ඉතා දක්ෂ පළපුරුදු බාස්කෙනෙකු ගමක සිටියේය. ඊට අල්ලපු ගමේ සිටි තරමක් ධනවත් එහෙත් ඉතාම ලෝබකමක් දක්වන නිවැසියකුට සිය නිවස පින්තාරු කර අලුත්වැඩියා කර ගැනීමට අවශ්‍ය විය. 


ඔහු මෙම බාස් සොයාගෙන ගොස් වැඩේ කරන්න කතිකා කර ගත්තේය. ඒ අනුව බාස්ගෙන් අවශ්‍ය තීන්ත ඇතුළු උපකරණ ලැයිස්තුවක් ලබාගෙන ඒවාත් නිවසට ගෙනාවේය. 


යොද‌ාගත් දිනයේ බාස් නිවසට පැමිණ නිවස අලුත්වැඩියා කිරීමේ කටයුතු පටන් ගත්තේය. නිවැසියා ද ඒ වැඩ ගැන විමසිලිමත් වෙමින් ඒ අසලම ගැවසුනේය. නිවැසියාට මුදල් හදල් තිබුණ ද ඉතා ලෝබ අයෙකු බව බාස් උන්නැහේ දැන සිටියේය. ඒ නිසා නිවැසියා අසන ප්‍රශ්නවලට බාස් පිළිතුරු දුන්නේ ඒ බව සිතේ දරාගෙනය.


මේ නිසා තීන්ත කවලම් කිරීමට පෙර බාස් කළේ ගෙනා තිනර් බෝතල් දෙකක් නිවැසියාට හොරෙන් කඩා වෙන භාජනයකට දමා වසා තබා තිනර් බෝතල් දෙකට වතුර පුරවා ඒ අයුරින්ම වසා දැමීමය.


පසුව බාස් උන්නැහේ නිවෙස් හිමියා ඉදිරිපිටම තීන්ත සකස් කළේය. තීන්ත සකස් කිරීමේ දී බාස් තිනර් බෝතලය නිවැසියාට පෙනෙන්නට ගලවා ඒවා තීන්ත භාජනයට දමා කලවම් කළේය. ඉන්පසු බිත්තිවල ආලේප කළ අතර ඉන් ලස්සන පෙනුමක් ආවේය.


එදින සවස වැඩ අවසන්ව බාස් යන්නට සැරසෙද්දී නිවැසියා පැවසුවේ දින දෙක තුනකට අත්‍යවශ්‍ය ගමනක් යෑමට සිදුව ඇති බැවින් හෙට සිට පසුව දන්වනතුරු වැඩට නොපැමිණෙන ලෙසය.


ඒ නිසා පසුද‌ා බාස් වැඩට ගියේ නැත. නිවැසියා සූදානම් වුණේ බාස් කළ විදියටම තීන්ත කළවම් කර බිත්තිවල ආලේප කිරීමටය.


තීන්ත ගෙන ඊට තිනර් දමා කළවම් කළේය. එහෙත් තීන්ත සියල්ලම එකට ගුලි ගැසුණා මිස දිය වුණේ නැත. ගෙනා තීන්ත ටින් දෙකක් මෙසේ වූ විට ඔහු බිරිඳට මේ බව පවසා සිටියේය.


නොදන්න මගුල් කරන්න ගිහින් සල්ලි නාස්ති කළා යැයි සැමියාට දොස් නැගූ බිරිඳ බාස් හමුවීමට ගොස් අනේ බාස් උන්නැහේ හෙටම ඇවිත් අර ඉතුරු ටිකත් තීන්ත ගාලා දෙන්නැයි’’ ඉල්ලා සිටියේය.


මොකද මහත්තයා වැඩේ අනාගත්ත ද මං ඕක දැනගෙන හිටිය හාමිනේ කියූ බාස් පසුව ගොස් ඉතිරි බිත්තිත් තීන්ත ආලේපකර දුන් අතර නිවැසියා ඒ අසලකටවත් ආවේ නැත.



අදහස් (1)

ලෝබයා නොදන්න දේට ගිහින් වරිගෙ නහගෙන

sana Saturday, 17 October 2020 05:08 AM

තිනර් සුවඳින් අඳුනාගන්න පුළුවන්... අනික මේ තීන්ත බාස්කරලා තියෙන්නේ වංචාවක්... කරන්න තිබුණේ ඒ බාස්ට කවදාවත් ආයි වැඩ නොදෙන්න මුළු ගම පුරාමයි හාඩ්වෙයාර්වලයි ගිහින් කියන්න. තිනර් වෙන බෝතලේකට දාලා බාස් ගෙදර අරගෙන ගියා නම් මොකද කරන්නේ? අනෙක තමන්ගේ ගෙදර වැඩක් කරද්දි ඒක ළඟට වෙලා හොයා බලන එක ලෝබකමක් නොවේ...

:       0       11

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 535 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 886 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 934 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1246 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1580 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site