(වියලුව වාර්තාකරු)
නිවසේ සියලු වැඩ පසෙක ලා එක පොකුරට පුංචි තිරයේ ටෙලි නාට්‍ය නැරඹීමට පුරුදුවී සිටි බිරියට අමතක නොවන පාඩමක් ඉගැන්වූ සැමියකු පිළිබඳව පුවතකි මේ.
මැදිවියේ කාන්තාවක් වූ ඇය දෙදරු මවකි. පුංචි තිරයේ ටෙලි නාට්‍යවලට වහ වැටී සිටි ඇය ඒ සියල්ල මග නෑර නැරඹුවේ නිවසේ සියලු කටයුතු අතපසු කරමිනි. හොඳින් නරකින් කුමන ආකාරයකින් ඒ ගැන පහදා දෙන්නට ඇගේ සැමියා කටයුතු කළ ද එකී කිසිවක් ගණන් ගත්තේ ඇය නොවේ.
පසුගිය දිනක කිසියම් අවශ්‍යතාවක් වෙනුවෙන් බිරිය සිය නිවසින් පිටව ගියේ හැකි විගස යළි නිවසට පැමිණෙන බව සැමියාටද දැනුම් දෙමිනි.
බිරිය නිවසින් නොපෙනී යනතෙක් බලා සිටි සැමියා සාලයේ තිබූ රූපවාහිනී යන්ත්‍රය සිය යතුරුපැදියේ ගැට ගසාගෙන පවනට බඳු වේගයෙන් එය පැදගියේ නගරයේ බෝතල් පත්තර වෙළෙඳසලටය.
මුදලාලි මේක ටිකක් පරණයි. හැබැයි හොඳට පේනවා. මෙන්න මේක තියාගෙන කීයක් හරි දෙන්න. ඔහු ඇඟට පතට නොදැනී කියා සිටියේ හිසේ වූ ලොකු බරක් බිම තිබ්බාක් වැනි හැඟීමෙනි.
රුපියල් 4000ට රූපවාහිනිය විකිණූ හෙතෙම බිරියටත් කලින් නිවසට පැමිණ කිසිත් නොවූවාක්සේ සාලයේ ඇලවී සිටියේ දෙන්නට උත්තරයක්ද පිළියෙළ කර ගනිමිනි.
මොහොතක් ගතවෙද්දී නිවසට ගොඩවූ බිරියට දැක ගන්නට ලැබුණේ සාලයේ තිබූ තමාගේ ලොකුම වස්තුව වූ රූපවාහිනී යන්ත්‍රය අතුරුදන්ව තිබූ අයුරකි.
“කෝ අනේ මෙතන තිබුණු ටීවී එක යනුවෙන් ඇය අසද්දී “ආ... ඒක මම එළියට ගියවෙලාවේ හොරු ගෙනිහින්” යැයි ඇඟට පතට නොදැනී කියා සිටියේ මුවගට නැගුණු මඳ සිනහවද යටපත් කර ගනිමිනි.
පැය කීපයක් ගතවෙද්දී සියල්ල දැනගත් බිරිය යක්ෂාවේශයෙන් හැසිරෙන්නටත් හඬා වැළපෙන්නටත් පටන් ගත්තද දින කීපයකට පසුව සියල්ල පහවී ගොස් ඇත.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රූපවාහිනියේ ඇලුණාට සැමියා පාඩමක් උගන්වලා
kris Monday, 20 November 2017 10:50 AM
ටෙලිනාට්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්න ගැහැණු ගැන නම් කියලා වැඩක් නැහැ. දවස පුරාවටම වැඩ කරලා හවසට නිවසට එන සැමියාට තේ එකක්වත් හදලා දෙන්නේ නැහැ. හුඟක් වෙලාවට බත් එක බෙදාගෙන කන්න වෙලා තියෙන්නෙත් සැමියාටමයි. මනෝ ලෝකෙක ජීවත් වෙන්නේ.. මෙවැනි ගෙදරක පාසල් යන වයසේ ළමයි ඉන්නවා නම් එයාලට දෙයියන්ගේම පිහිටයි.
දාවිත්Tuesday, 21 November 2017 08:31 AM
දැං ගෙදර උන්දෑ වටේ ගෙවල් වලට යන්න ගනී. එතකොට 50000ට විතර අලුත් ටීවි එකක් ගෙන්න වෙයි...
pakeer Monday, 20 November 2017 11:42 AM
අපේ ගෙදර අන්තිමට TV එකක් තිබුණේ 1998. මම සහ මගේ ගෙදර අය පුදුම සැහැල්ලුවකින් ඉන්නේ TV නැති නිසා . මට පුදුම සතුටක් තියෙන්නේ. අපි අනුන්ගේ කුණු කන්දල් සහ බේගල් වෙනුවෙන් අපේ කාලය නාස්ති කරන්නේ නැහැ. අපේ ඇසින් අපි ලෝකේ දිහා බලන්නේ. අනුන්ගේ ඇස් වලින් අනුන්ගේ ගොන් මෝල් අදහස් වලට අනුව නෙමෙයි.
gnanapalaThursday, 23 November 2017 09:48 PM
1998 ගෙදරට කොම්පියුටරේ ගත්ත අවුරුද්ද ද ?
Thusha Monday, 20 November 2017 01:04 PM
රූපවාහිනියට නොවෙයි ඕනෑම දේකට ඇබ්බැහි වුණොත් තමයි නැති ප්‍රශ්න ඇතිවෙන්නේ. පමණ දැන පාවිච්චි කරනවා නම් අවුලක් වෙන්නේ නැහැ.
minipe Monday, 20 November 2017 04:43 PM
මේ කතාවත් රුපවාහිනියේ යන කතාවක් වගේ, කුචි කවාගෙන හිනාවෙන්න වෙනවා.
Don Tuesday, 21 November 2017 06:29 AM
වර්තමානයේ හොයාගන්න පුළුවන් හොඳ බිරිඳක් .. එළියට ගියත් හැකි ඉක්මනින් නිවසට එන්න බලන් ඉන්නේ ..සැමියා පොඩ්ඩක් ගෙදර දොරේ වැඩ කටයුතු කරන්න උදවුවක් දුන්න නම් හොඳට පවුල් කන්න තිබුන .දැන් නෝනා වැඩිපුර ගෙදරින් එලියට බහින්න පුළුවන් .. නොහිතපු ප්‍රශ්න ඇතිවෙන්න තියෙන ඉඩ දැන් වැඩියි . මම කිවුවේ එක පැත්තකින් කල්පනා කරලා පමණයි ..වර්තමානයේ සමාජයට එලි බහිනවා කියන්නේ අනතුරුදායකයි .. ගැනියෙක්ව දැන් කාලේ ගෙදර තියාගන්න මොන තරම් අමාරුයිද ..
pradeep Thursday, 23 November 2017 06:22 AM
අනික අද තියෙන රූපවාහිනි වැඩසටහන් බලන්නේ කීයෙන් කීදෙනාද ? අනික බලන්න කියල වැදගත් එක දෙයක්වත් තියෙනවද ? ටීවී එක දාපුවෙලාවේ ඉඳන් ගැණු , දරුවෝ , ආච්චිලා , සීයල වෙලදදැන්වීම් වල බොරු පතුරුගහනවා , සිහිනලෝක මවනවා, ලොතරැයි දිනුම් පෙන්වල සුදුවට හුරුකරවනවා , ළමෛන්ට බලන්න කිසිමදෙයක් නැති තරම්.