IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


රතු ඉර පැන්න අම්මණ්ඩි දර පොල්ලත් අරන් අයිස්ක්‍රීම් කාරයා පස්සෙන් පන්නලා

තාලයකට නළාව හඬවමින් තම නිවස අසලින් එහා මෙහා යන අයිස්ක්‍රීම් වෙළෙන්දා තම දරුවන් කුලප්පු කරන බව පැවැසූ කාන්තාවක් පොල්ලක් රැගෙන අයිස්ක්‍රීම් වෙළෙන්දා පසුපස පැන්නූ බව කියවෙන පුවතක් ලංකාදීපයට වාර්තා වේ.


ගමේ තරුණ  පිරිසක් පැවැසූ අන්දමට සිද්ධිය මෙසේය.


   ගම්බද ප්‍රදේශයක කාන්තාවකි. සිව් දරු මවකි. සැමියාගෙන් වෙන්ව ජීවත් වූ ඇය දරුවන් පෝෂණය කළේ කුලී වැඩ කිරීමෙනි.
සිය නිවස අසලින් නළාව හඬවමින් දින දෙක තුනකට වරක් ගමන් ගන්නා අයිස්ක්‍රීම් වෙළෙන්දා ගැන ඇය සිටියේ දැඩි කෝපයෙනි.
නළාවේ හඬට දරුවන්  කලබල වී අයිස් ක්‍රීම් ඉල්ලා ඇයට ඇවිටිලි කිරීම ඊට හේතුවී තිබිණි.


දරුවන්ට දිනපතා අයිස් ක්‍රීම් රැගෙන දෙන්නට තමා අත මුදල් නැති බැවින්  ඇය දින කීපයක්ම ඒ බව අයිස් ක්‍රීම් වෙළෙන්දාට කාරුණිකව පහදා දෙමින්  කියා සිටියේ තම නිවස අසලින් යන විට නළාව නිහඩ කරගෙන යන ලෙස  කාරුණික ඉල්ලීමක් ද කරමිනි.


අතේ මුදලක් ඇතිවිට තමා දරුවන්ට අයිස්ක්‍රීම් රැගෙන දෙන බව ද ඇය වෙළෙන්දාට කියා සිටියාය.


එහෙත් සිය ප්‍රධානතම පාරිභෝගිකයන් පිරිසක් වූ මෙම දරුවන් සිව්දෙනා අත හරින්නට සූදානම් නොවූ වෙළෙන්දා දින කීපයකට පසුව ද ඇගේ නිවස ඉදිරියෙන් යද්දී වෙනදාටත් වඩා වැරෙන් නළාව හඬවන්නට පටන් ගත්තේ කාන්තාවගේ කතාව තඹයකට හෝ මායිම් නොකරමිනි.


අයිස්ක්‍රීම් වෙළෙන්දාගේ නළා හඩ ඇසී කලබලයට පත් පොඩි උන්ටික මවගේ ඇඟේ දැවැටී අයිස්ක්‍රීම් ඉල්ලා කෑ මොර දෙන්නට පටන් ගනිද්දී මවගේ ඉවසීමේ සීමාව ද පැන්නේය.


අතට හසුවූ දර පොල්ලක් අතට ගත් ඇය දරුවන් ඇඟේ එල්ලෙද්දීම පරුෂ වචන කීපයක් තෙපළමින් අයිස්ක්‍රීම් වෙළෙන්දා වෙත දිව ගියේ “කියන දෙයක් තේරෙන්නේ නැද්දැ යි” විමසමිනි.


ඒ වන විටත් එහි රැස්ව සිටි තරුණයන් හා දරුවන් කීපදෙනෙකුට කාන්තාවගේ හැසිරීම මහත් ආශ්වාදයක් ගෙන දුන් අතර ඔවුන්ගෙන්ද ඇයට හිමිවූවේ අපුරු තල්ලුවකි.


කෙසේ වෙතත් එන පොට හොඳ නැති බව දැනගත් අයිස්ක්‍රීම් වෙළෙන්දා සිය පාපැදිය වැර දමා පාගන්නට වූවේ අයිස්ක්‍රීම් මිලදී ගන්නට රොක්වූ පිරිසද අත්හැර දමමිනි.
(වියලුවාර්තාකරු)

 



අදහස් (2)

රතු ඉර පැන්න අම්මණ්ඩි දර පොල්ලත් අරන් අයිස්ක්‍රීම් කාරයා පස්සෙන් පන්නලා

dasun Saturday, 14 July 2018 08:36 AM

ඒ අම්මට හිනාවෙන්න එපා. ඒ මනුස්සයා දරුවන්ට කන්න දෙන්න විඳින දුක දිහා බලන්න. මේ නලා වෙළෙන්දාට කවුරු හරි කියලා දෙන්න අම්ම කෙනෙක් දරුවන්ට ආස දෙයක් දෙන්න බැරිවුනාම හිතෙන් විඳවන්න පුළුවන් බවත්.

:       0       312

Thusha Saturday, 14 July 2018 04:56 PM

හරිම දුකක් හිතට දැනුනා,මේ කතාව කියවද්දී. පව් ඒඅසරණ අම්මා. ඔය ගමේ මුදල් හදල් යහමින් ඇති ,කාරුණික හදවතක් ඇති කෙනෙක් හිටියේ නැද්ද ,මේ කුඩා දරුවන්ගේ ආශාවන් ගැන පොඩියට හරි පිහිටක් උපකාරයක් කරන්නට. අයිස්ක්‍රීම් පමණක් නොව ,ඉගෙනීමට අවශ්‍ය දෙයකින් හෝ උදව්වක් පදව්වක් කිරීමට හැකියාවක් ඇති කෙනෙක්.

:       0       173

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 268 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 750 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 847 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1229 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1559 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1018 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 194 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site