මියගිය සිය අත්තම්මා සිහිනයෙන් කී නිධානයක රහස මාමණ්ඩියට පැවසූ පසු මාමණ්ඩිය බෑණාට හොරෙන් නිධානය ගැනීමට ගොස් සිදුවූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
මීට කලකට පෙර මියගිය අත්තම්මා පසුගිය දිනෙක රාත්රියේදී සිහිනයෙන් පැමිණ සිය මුණුබුරාට නිධානයක් පිළිබඳව පවසා ඇත. සිය නිවෙස්වලට ඉහළින් පිහිටා ඇති කඳුකර වනාන්තරයක විශාල ගල් පර්වතයක් ආශ්‍රිතව මෙම නිධානය තිබෙන බැව් සිහිනයෙන් කියැවී ඇති නිසා තනියෙන් ගොස් නිධානය හෑරීමට බියවූ මුණුබුරා මේ බැව් සිය මාමණ්ඩිය සමඟ පැවසුවේය. මාමා යකැදුරකු වූ නිසා මෙම කටයුත්ත ඉතා පහසුවෙන් කර ගැනීමට හැකිවෙනු ඇතැයිද ඔහු කල්පනා කළේය.
කෙසේ වෙතත් එම දිනවල ඇදහැළුණු අධික වැස්ස නිසා නිධානය හෑරීමට සුදුසු දවසක් එළඹෙන තුරු දෙදෙනා නොඉවසිල්ලෙන් කල් ගත කළහ.
දිගින් දිගටම වැස්සෙන් අඩුවක් නොවූ අතර මාමාද ටිකෙන් ටික තමා මඟහරිමින් සිටින බවක් බෑණාට හැඟී ගියේය.
වැසි තත්ත්වය අඩුවූ පසුගිය දිනෙක බෑණා මාමාට නිධානයේ කටයුත්තට යෑම සඳහා යෝජනා කළේය. “අනේ බෑ පුතේ, වැස්සට තෙමිල තෙමිල ඔය ගල් කඳු බුරුල් වෙලා තියෙන්නෙ, කරුමෙටවත් ඔය ගල් කන්ද ගැලවිලා ආවොත් උඹටයි මටයි වෙන්නෙත් නිදන්ගත වෙන්න”යි කියමින් මාමා වැඬේ මඟහැරියේය.
මෙසේ දිගින් දිගටම මාමා මෙම කටයුත්ත මඟහරින නිසා බෑණා වෙනත් හිතවතුන් දෙදෙනෙකු කතාකරගෙන අවශ්‍ය අඩුම කුඩුමද රැගෙන නිධානය ගැනීමට ගොස් ඇත.
ඒ අනුව නිධානය ඇතැයි අත්තම්මා කියූ පෙදෙසට රෑ ගිය ඔවුන්ට දැක ගැනීමට ලැබී ඇත්තේ එම මුළු ප්‍රදේශයම හාරා ගල් පෙරළා දමා ඇති ආකාරයකි.
මේ කටයුත්ත කරන්නට ඇත්තේ වෙනත් කිසිවෙකු නොව මාමා විසින්ම බවට බෑණාට සක් සුදක් සේ පැහැදිලි විය.
මාමා සමඟ හටගත් දැඩි කෝපයෙන් යුතුව නැවත නිවෙසට පැමිණෙන අතර මඟදීම ඔහුට වෙනත් අයෙකුගෙන් දැන ගැනීමට ලැබී ඇත්තේ මාමාටද එහි තිබී කිසිවක් ලැබී නැති බවත් ඔහුද හිස් අතින්ම පැමිණ ඇති බවත්ය.
කෙසේවෙතත් මාමාගේ හොර හිත නිසා දෙදෙනාටම නිධානය අහිමි වීම පිළිබඳව බෑණා දොස් පවරන විට “උඹට අත්තම්මා වෙන්න කලිනුයි උන්දැ මගේ අම්ම වුණේ, ඒ නිසා තමයි මම මුලින්ම ගිහින් ඒක සෙව්වෙ”_ යැයි කියමින් මාමා ලිස්සා ගියාලු.
(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යකැදුරු මාමා නිධානය ගන්න යක්ෂ වැඩක් කරලා