IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මොකද යකෝ මට ගැහුවේ : තෝ මන්තරේ වැරැද්දුවා

මොකද යකෝ මට ගැහුවේ යකැදුරා
තෝ මන්තරේ වැරැද්දුවා ආතුරයා

 

(මුලටියන එස්. බාලසූරිය)

“යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය නිකන් ආවාට ගියාට කරන්න බැහැ. මන්ත්‍ර ජප කිරීමේ දී ඉස්පිල්ලක් පාපිල්ලක් වැරදුනොත් උච්චාරණයේ වෙනසක් වුණොත් ඇදුරාට ලොකු අකරතැබ්බවලට මුහුණ පෑමට සිදුවෙනවා. එක දවසක් කැබිළියපොල ප්‍රදේශයේ සිහි විකල් වූ අයකුට තොවිලයක් කරන්න ගිහින් සිදුවූ වැරදීමක් නිසා ආතුරයා පුවක් මල් කිනිත්තකින් මට ගහගෙන ගියා. ඊගහ ළඟ තිබූ නිසා යන්තම් බේරුණා” යැයි පාරම්පරික ඇදුරකු වූ ආර්. පී. සිරිපාල මහතා පැවසීය.

නොයෙකුත් හේතූන් නිසා මිනිසුන්ගේ සිහි විකල් වෙනවා. යක්ෂ, ප්‍රේත, භූත, දිෂ්ටි වැටීමෙන් ඇතැම් අයගේ මනස විකෘති වෙනවා. රත් පිත ඉහට ගැහුවොත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකුම් වලින් පමණක් සුව කරන්න බැහැ. වෛද්‍ය ප්‍රතිකාර කරන්නත් ඕනෑ. බොහෝ වෙලාවට පුළුටු වර්ග නුසුදුසු ස්ථානවල තියාගෙන කනකොට ඒ අවට ප්‍රේත, භූත, යක්ෂ කොට්ඨාස ඉන්නවා නම් ඔවුන් හේමන් ගන්නවා. එහෙම හේමන් ගත් පුළුටු වර්ග කෑවම බඬේ අමාරුව හැදෙනවා. ඔලුවට ගහනවා. ඉස්සර මිනිසුන් අනිසි ස්ථානවල තියාගෙන මස්, මාළු, පුළුටු වර්ග කන්න බයයි. ඉතින් එක දවසක් කැබිළියපල ප්‍රදේශයේ තරුණයකුට පිස්සු හැදිලා කියලා ඔහුගේ පියා අපේ ගෙදර ආවා. මගේ පියා ඉන්න කාලේ ඒවාට සහභාගි වුණාට පිස්සන් ආවේශ කරන දේවල්වලට තනියෙන් යන්න බයයි. මොකද පොඞ්ඩක් වැරදුනොත් ඇදුරාට ගැටලු ඇති වෙනවා.

කොහොම වුණත් දන්න කියන කෙනකු ආව නිසා මං වැඬේ බාර ගත්තා. එදාම ඔහුත් සමග ගිහින් ආතුරයාට ඇප නූලක් බැන්ඳා . පිස්සා ආවේශ කිරීම සඳහා දිනයක් යොදාගෙන අවශ්‍ය කළමනා සූදානම් කර ගත්තා. මේ වාගේ දෙයකට යනවිට තවත් ඇදුරෙකුත් එක්කන් යනවා. එදා සහායට යන කෙනාට එන්න වුණේ නැහැ. කොහොම වුණත් වැඬේ බාර ගත්ත නිසා ගිහින් තටු ඊගහ අයිල පිළියෙල කරගෙන මන්ත්‍ර ජප කරන්න පටන් ගත්තා. දෙගොඩ හරි යාමයේ වැදගත්ම මන්තරය ජප කරමින් සිටින විට වැරදියට මන්තරය කියවෙලා තියෙනවා.

ඒ වෙලාවේ මට මහන්සි වැඩිකමට නින්ද ගිහින් තිබුණා. ආතුරයා එක පාරටම මගේ මූණට කටු කිනිත්තකින් වාගේ දෙයකින් ගහගෙන ගියා. ඇහැරිලා බලනවිට පුවක් මල් කිනිත්තෙන් ආතුරයා මට ගහනවා. කොහොම වුණත් ආරක්ෂාවට ජප කර තිබුණු ඊ ගහ මගෙ ළඟ තිබුණා. ඒක ආතුරයාගේ ඔලුවට තිව්වම ගැහීම නතර වුණා. ආතුරයාගේ හිසට ඊ ගහ තියලා මොකද යකෝ උඹ කරන්නේ කියලා ඇහුවා. එතකොට ආතුරයා කියනවා උඹ මන්ත්‍රය වැරදි විදියට කිව්වා. ඒකයි ගැහුවේ කියලා. ඒ වෙලාවේ කතා කළේ ආතුරයාට වැහි තිබුණු යක්ෂ අවතාරයයි. ඉතින් මම ඇහුවා මොකද කරන්න ඕනෙ කියලා. එතකොට ආතුරයා කියනවා යකෝ මන්තරය හරියට ජපකරපන් කියලා. ඉන් පස්සේ මා නැවත මන්ත්‍රය ජප කරලා පැන් ටිකක් ආතුරයාගේ මූණට ඉස්සා. එතකොට මාරාවේශයෙන් සිටි ආතුරයා මෙල්ල වුණා.

එදා ඊ ගහ මගේ ළඟ නොතිබුණා නම් මට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ වාගේ දේවල් කරන විට සුළු අඩුපාඩුවක් වත් සිදු වෙන්නේ නැහැ. ඉතා සුළු අතපසුවීමක් වුවත් ඇදුරාට තමයි ගැටලු ඇතිවෙන්නේ. මේ මන්ත්‍ර ශාස්ත්‍රය හරියට කරන අය දැන් අඩුයි. හරියට පාඩම් දන්නේ නැහැ. මේ වටිනා මන්ත්‍ර ශාස්ත්‍ර ඉදිරියේදී කරන්න කෙනෙකුත් නැතිවෙනවා යැයි ද ඒ මහතා කීය.



අදහස් (1)

මොකද යකෝ මට ගැහුවේ : තෝ මන්තරේ වැරැද්දුවා

කුමාර් (ගල්ෆ්) Monday, 11 June 2018 10:40 AM

මේ අය රටින් පිටවෙලා යන එක හොඳයි. මේ වැඩනිසා පවුල් කැඩෙනවා, මිනිස්සු ලෙඩවෙනවා, දේපල විනාශ වෙනවා, මිනිස්සුන්න්ට මොනා උණත් කමක් නෑ .............ඇදුරෝ සල්ලි හම්බකරහන්නවා............

:       0       11

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 421 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 827 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 898 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1242 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1575 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1023 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site