(හසලක වාර්තාකරු)
මුහුණු පොතෙන් ඇසුරු කළ පෙම්වතිය තම අයියාගේ දුව බව හෙළිවීමෙන් පසු සායම සේදෙන්නට පෙර නිවස කරා පලා ගිය විවාහක තිදරු පියකු පිළිබඳ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
ඇය විසිතුන් හැවිරිදි විවාහක එක් දරු මවකි. ඔහු ද එම ගමේම පදිංචි 36 හැවිරිදි විවාහක තිදරු පියෙකි. තරුණිය රැකියාවක් නොකරන අතර ඇගේ සැමියා විදේශ ගත රැකියාවක නිරත වී සිටි.
එක් දරු තරුණ මව විදේශීය තරුණියකගේ ඡායාරූපයක් උපයෝගී කරගෙන මුහුණු පොතේ ගිණුමක් ආරම්භ කර පවත්වාගෙන විත් තිබේ. ඔහු ද ඡායාරූපයක් රහිතව සේවා ස්ථානයේ ලිපිනය සඳහන් කර මුහුණු පොතට පිවිස තිබේ. තරුණියගේ ඡායාරූපය දුටු ඔහු එයට කමැත්ත ප්‍රකාශ කර තිබේ. ඇය ද එයට ප්‍රතිචාර දැක් වූ හෙයින් දෙදෙනා මාස කිපයක් මුහුණු පොතෙන් මෙන්ම දුරකතනයෙන් ද සබදතාව පවත්වාගෙන ගිය අතර ඒ අතර නොදැනුවත්වම දෙදෙනා ප්‍රේමවන්තයන් බවට පත් වී සිටියහ.
දෙදෙනාට හමු වීමේ අවශ්‍යතාවක් ඇති වූයෙන් ඇය ඔහුට එක්තරා නගරයකට පැමිණෙන්නට කීවාය. ඒ අනුව ඔහු ද එයට එකඟ වී අසවල් දින තමන් අහවල් තැනට පැමිණෙන බවත් ඇයට ලංගම බස්නැවතුම්පොළේ නැවතුමට පැමිණ සිටින ලෙස ද ඔහු දැන්වීය. එහිදී ඇය පැවසුවේ තමන් එම වේලාවට අදාළ ස්ථානයට පැමිණෙන බවත් තමන් අසවල් පාට ගවුමකින් සැරසී දුඹුරු පාට අත්බෑගයක් රැගෙන එන බවත් ඒ සලකුණු අනුව තමන් හඳුනා ගත හැකි බවත්ය.
එම හමුවට සූදානම්ව ඔහු නිවෙසට පෙර දින සවස පැමිණියේය. ඔහුගේ නිවසට මීටර් 20ක පමණ දුරින් තම වැඩිමහල් සොහොයුරාගේ නිවස පිහිටා තිබේ. මෙහි අයියාගේ බිරිය හා විවාහක දියණිය මෙන්ම තවත් අවිවාහක දරුවෝ දෙදෙනෙක් වාසය කරති.
මෙදින පෙරවරු අදාළ වේලාවට යෑමට සූදානම් වෙමින් සිටින විට අයියාගේ දියණිය මුහුණු පොතේ සඳහන් තරුණිය හැඳගෙන එනවා යැයි පැවසූ වර්ණ වලින් සමන් විත ගවුමක් සහ අත් බෑගයක් රැගෙන නිවෙසින් පිටව යනවා දැක ගැනීමට ඔහුට හැකිවිය. එම දසුනෙන් ඔහුගේ සිත යම් චකිතයකට පත්විය.
කතිකා කර ගත් පරිදි ඔහු ද සිය යතුරු පැදියේ නැගී බස් නැවතුම ආසන්නයට ගොස් බස් නැවතුම් ස්ථානය නිරීක්ෂණය කරන විට තම අයියාගේ දුව මුහුණු පොතේ පෙම්වතිය බවට අනාවරණය විය. ‘තවදුරටත් ඇයම දැයි දැන ගැනීම සඳහා ඇයගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගන්නා විට ඇය එයට පිළිතුරු දෙන අයුරු ද ඔහුට දැක ගැනීමට හැකි විය.
වහා දුරකතනය විසන්ධි කළ ඔහු දුරකතනයෙන් සිම්පත වහා ගලවා ඉවතට විසිකර නිවස බලා පිටත් වූයේ තව මොහොතකින් වෙන්නට ගිය අවමානයෙන් තමන් ගලවා ගැනීම පිළිබඳව දෙවියන්ට පින් දෙමිනි.
මෙය රහසක් වූවත් එදින සවස හිත මිතුරෙකු සමග මදු විත තොළගාන අතරේ ඔහුට මේ කතාව කිය වුණේ මුහුණු පොත නිසා තමන්ට සිදුවෙන්නට ගිය මහා විපතක කතාවයි.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුහුණුපොතේ පෙම්වතිය දැක අනංගයාත් හොල්මන් වෙලා