(රත්ගම විශේෂ ධර්මදාස සිරිවර්ධන)
තම ඥාති දියණියක හමුවීමට දකුණේ උණ වලට සම්බන්ධ ප්‍රදේශයක යාමට පැමිණි දුර බැහැර මොනරු සිටින ප්‍රදේශයක පුද්ගලයකුගේ මුදල් පසුම්බිය නැතිවීම නිසා සිදු වූ අපූරු සිද්ධියක් පිළිබඳව එක්තරා ප්‍රදේශයකින් වාර්තා වේ. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු බැලූ බැල්මට පෙනුමෙන් ගම්බද ප්‍රදේශයක ජීවත් වන විදුහල්පතිවරයෙකු හෝ සිංහල වෙද මහත්මයෙකු යැයි නිගමනය කිරීමට යමෙකුට අපහසු නැත.
ඔහු දුර බැහැර සිට උදේ පාන්දරින් නැගිට බස් රථයක නැගී ඇත්තේ අවශ්‍යතාවකට තම ඥාති දියණියකගේ නිවසට යාමටත් වෙස් මුහුණක් වැනි කලාත්මක භාණ්ඩයක් මිලදී ගැනීටමත් අදිටන් කර ගනිමිනි.
තද බඩගින්නක් දැනුණු බැවින් යමක් සප්පායම් වී පළමුව වෙස් මුහුණු මිලදී ගැනීම සඳහා සුදුසු යැයි සිතූ ඔහු බස් රථයේ තද නින්දකින් පසු හිටි හැටියේම නැගිට වෙස් මුහුණුවලට ප්‍රසිද්ධ නරගයකින් බැස ගත්තේය.
බසයෙන් බැස සාක්කුවට අත දැමූ විට දෙවියන් සිහි විය. ජාතික ඇඳුමේ මුදල් පසුම්බිය තිබූ සාක්කුව පිටින්ම කපාගෙන ගොසිනි. මුදල් පසුම්බිය නොමැතිව මහත් වේදනාවෙන් කල්පනා කළ ඔහු තම ඥාති දියණියගේ නිවෙසට යාමට ක්‍රමයක් ගැන සිතුවේය. ඒ වනවිට එම ප්‍රදේශයට යාමට තමාගේ අතේ ඉතිරිව තිබුණේ ඉහළ සාක්කුවේ තිබූ රුපියල් 10 ක් වැනි කුඩා මුදලක් පමණි. බඩගින්න ද තදින් දැනුණේය. එහෙත් එය දැන් දැනෙන්නේ නැත. ඔහුට බසයෙන් යාමට තවත් රුපියල් පනහක් හෝ අවශ්‍යය.
ඔහු දස අතේ කල්පනා කළේය. අවසානයේ ලැජ්ජාව පසෙක තබා තමා මුහුණදුන් සිදුවීම කියා රුපියල් 50ක් කාගෙන් හෝ ඉල්ලා ගැනීමට සිතුවේය. එබැවින් මේ සඳහා සුදුසු තේ කඩයක් ගැන සිතූ ඔහු එහි ගොස් විස්තරය කියා රුපියල් පනහක් දෙන ලෙස ඉල්ලා සිටියේය. මුදලාලි එය නොඇසුනාක් මෙන් නැගිට කුස්සිය දෙසට පිය මැන්නේය. පසුව ඔහු කල්පනා කළේ රෙදි කඩයකට යාමටය. එවැනි කඩයකට ගොස් සිද්ධිය පවසා රුපියල් පනහක් ඉල්ලා සිටි නමුත් සවසට මුදල් නිවැරදිව බේරා දැමිය යුතු බවත් ලාච්චුවෙන් කිසිදු මුදලක් ලබා දිය නොහැකි බවත් අයකැමි කීය.
එය ද අසාර්ථක වූ ඔහු පාරේ යන වැදගත් යැයි හැඟී ගිය මහත්මයෙකුට විස්තරය කියා රුපියල් 50ක් ඉල්ලා සිටියේ මහත් බලාපොරොත්තු ඇතිවය.
ඔහු සාක්කුවේ තිබූ මුදල් පසුම්බිය ගෙන මොනර කොළ අතරින් මාරු කාසි රුපියල් හතක් ගෙන දික් කළේ අමනාපයෙන් මෙනි. කාරුණිකව එය ප්‍රතික්ෂේප කර දමා සිඟමන් යදින්නකු නොවන බව පවසා දස අතේ කල්පනා කර කොච්චියේ හොරට යෑමට ඔහු තීරණය කළේය. එසේ ඇවිද ගෙන යන විට පාරේ වාඩි වී සිටින සිඟමන් යදින යාචකයකු දැක ඔහුට ළං වී සියල්ල පැවසීය. ආපසු ගමට යාමට පෙර පැමිණ ආපසු දෙන බව පවසා රුපියල් පනහක් ඉල්ලා සිටියේය.
සියල්ල සංසුන්ව අසා සිටි හිඟමන් යදින්නා ‘මහත්මයාට කෑමත් නැහැනේ. බඩගින්නේ යන්න එපා’ පවසා සඟවා ගෙන තිබූ මුදල් ටිකක් ඇද ‘මේක මට ආපසු එපා. මහත්තයා බඩගින්නේ යන්න එපා. උදේට මොනවා හරි කාලා යන්න’ යැයි පවසා රු. 200 ක් දුන්නේය.
මුව නොසෑහෙන සේ පිං දී ඔහු ඉවත් වූයේ ආපසු යාමට පෙර ඥාති දියණියගෙන් ඉල්ලා ගෙන පැමිණ මේ උතුම් මිනිසාට රුපියල් පන්සියයක් හෝ ලබා දී තම යුතුකම ඉටු කරන බව සිතමිනි.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුදල් පසුම්බිය නැතිව පාරේ ළතැවෙද්දී යාචකයෙක් පිහිටවෙලා
Tharuka Thursday, 27 February 2020 12:58 PM
මේක තමයි දැන් යථාර්තය, බෞද්ධ ආගමික රටක් වෙලත් මිනිස්සු හදිසියකට අනුන්ට සල්ලි දෙන්න කැමති නැහැ., සල්ලි දුන්නු කෙනාට මම කැමති නෑ... හිඟන්නා කියලා කියන්න... එයා හොඳ කෙනෙක්...
දිමුත් Friday, 28 February 2020 04:15 AM
කොහොමත් දැන් කාලේ හිඟන්නන් තමයි පොහොසත්...
Pradeep Friday, 28 February 2020 07:10 AM
දුප්පතාගේ දුක දන්නේ තවත් දුප්පතෙක්ම විතරයි. ඒ වගේමයි අසරණයෙකුගේ දුක දන්නේ තවත් අසරණ වූ කෙනෙක් විතරයි.