(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ ජීවත්වූ අඹු සැමි යුවළකි. ඔවුන්ට දරුවෝ දෙදෙනෙක් සිටියහ. දැනට වසර පහකට පමණ පෙර සැමියා හිටිහැටියේම නිවසින් අතුරුදන්වී ඇත. බිරිඳ සැමියා සොයා ගැනීමට නොගිය දේවාලයක් නැත. ඒ තරමටම ඇය සැමියා සොයාගැනීමට වෙහෙසුණාය. සියල්ල අවසානයේ ඇය තම සිත හදාගෙන සැමියාට පින් පිණිස දානමය පින්කම් දෙකක්ද කළේ දරු දෙදෙනාද එකතු කරගෙනය.
අතුරුදන් වූ සැමියා ද මියගිය ආකාරයෙන්ම කටයුතු කර අලව්ව ප්‍රදේශයේ කාන්තාවක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඇයද දරුවන් තිදෙනෙකුගේ මවකි. තම බාල දියණියද කැටුව පැමිණ මෙම කාන්තාව අනියම් සැමියා සමග හක්මණ මුරනාමුරයේ කුලී නිවෙසක ජීවත්වී ඇත.
හක්මණ ප්‍රදේශයේ ජීවත්වූ මේ යුවළ පිළිබඳව ප්‍රදේශවාසීහුද කිසිදු සැකයක් නොසිතූහ. පුරුෂයා සුපුරුදු රියැදුරු රස්සාව කරගෙන ජීවත් විය. මොවුන් ඉකුත් ඇසළ පොහොය දිනයේ සිය පවුලේ අය සමග ලොරි රථයකින් බෙලිඅත්ත හා තංගල්ල ප්‍රදේශවල දන්සල් වැඳීමට හා පොසොන් සිරි නැරඹීමට ගොස් ඇති අතර අතරමගදි අම්බලන්තොට ප්‍රදේශයේ අයෙකු මොහුව හඳුනා ගැනීම හේතුවෙන් එම ආරංචිය නිත්‍යානුකූලව බිරිඳ වෙත ලැබී ඇත. ලද ආරංචියට අනුව ඇය සැමියා සොයා හක්මණට පැමිණ හක්මණ පොලිසියේ පිහිට පැතුවාය.
හක්මණ පොලිසියේ විවිධ පැමිණිලි අංශය මේ පිළිබඳවද සොයා සැමියා බිරිඳ දරුවන් දෙදෙනා අනියම් බිරිඳ හා දරුවන්ද පොලිසියට කැඳවා විමර්ශන කටයුතු සිදු කළ අතර එහිදී නීත්‍යානුකූල බිරිඳ සැමියා ඉල්ලා හඬා වැටුණාය. සැමියා ද බිරිඳ හා දරුවන් සමග අම්බලන්තොටට යෑමට කැමැති වී පොලිස් පොතේඅත්සන් කර සතුටින් අම්බලන්තොට බලා පිටත් වුණේය. අනියම් බිරිඳද අලව්ව ප්‍රදේශයේ ජීවත්වන තම සැමියාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහු සොයාගෙන අලව්ව බලා පිටත්වුණාය.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැරුණයි සිතූ සැමියා තහනම් ගහේ ගෙඩි කාලා
dhammi Saturday, 25 August 2018 01:11 AM
හොඳයි එහෙනම්