(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
බොහෝ අය ලෙහෙසියටත් පහසුවටත් ඉංග්‍රීසි වචන වැරැදියට උච්චාරණය කරති. ත්‍රීවීලර් වෙනුවට “වීල් එක” යැයිද ප්රයිඞ් රසිස් වෙනුවට “රයිස් වශයෙන් ද පාවිච්චි කරති.
එවැනි තවත් වැරදි ව්‍යවහාරයක් නිවැරදි ආකාරයෙන් පාවිච්චි කළ තරුණයකුට මුහුණ දීමට සිදුවූ හාස්‍යජනක පුවතක් දකුණු පළාතේ දුෂ්කර ගම් ප්‍රදේශයකින් අසන්න ලැබිණ.
නගරයේ උසස් පාසලක අධ්‍යාපනය ලබන මෙම තරුණයා පසුගිය දිනවල නිවාඩුවකට නිවෙසට පැමිණ සිටියේය. ඉංග්‍රීසි බස පිළිබඳව ද ඔහුට හොඳ දැනුමක් ඇත. අපේ අය වැරැදියට ඉංග්‍රීසි බස හැසිරවීම ගැන ද ඔහු නිතර කතා කරයි.
දිනක් දිවා ආහාරය සඳහා මස් ව්‍යාංජනයක් පිළියෙළ කිරීමට සූදානම් වූ ඔහුගේ මව “පුතේ කඬේට ගිහින් මට මස් කරි පැකට් එකක් ගෙනත් දෙන්න.” යැයි කීවාය. මස් කරි පැකැට් එකක් යනු මස් ව්‍යංජන පැකැට්ටුවක් කියන එක යැයි මවට ද ඉංග්‍රීසි පාඩමක් කියා දුන් තරුණයා හනිකට කඩයට දිව ගියේය. කුඩා කල තමන් ආගිය වෙළෙඳසල ඒ ආකාරයෙන්ම තිබුණ ද මුදලාලි නම් මැදිවිය ද ඉක්මවා සිටියේය. “මුදලාලි මට මස් කරි පවුඩර් පැකට් එකක් දෙන්න.” ඔහු මුදලාලි අමතා කීය.
බොහෝ වේලාවක් රාක්ක සහ වීදුරු අල්මාරි ආදිය අවුස්සා බැලූ මුදලාලි පුයර ටින් එකක් ගෙනැවිත් තරුණයාට දෙන ගමන් “අනේ ළමයෝ ඒ ජාතියෙ පවුඩර් නම් නෑ. මෙන්න මේ වරිගෙ විතරයි අපි ළඟ තියෙන්නේ.” යැයි කීවේය.
සිදුවී ඇති අලකලංචිය තේරුම් ගත් තරුණයා මුදලාලිට කරි පවුඩර් යනු පුයර වර්ගයක් නොව තුනපහ කුඩු බව කියා දී ඒවායින් පැකැට්ටුවක් ද ඉල්ලාගෙන ගෙදර ගියේය.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මස්කරි පවුඩර් ඉල්ලූ තරුණයාට මුදලාලි පුයර ටින් එකක් දීලා
himal Saturday, 01 September 2018 03:03 PM
මෙතන වෙලා තියෙන්නේ ඒ මුදලාලි මස්කරි පවුඩර් එකක් යැයි සිතීම. ඒත් පුවත ලියලා තියෙන්නේ මේ සිසුවාට අපහාස කිරීමේ හීනමානයෙන්.