මේ මව වයස අවුරුදු හැටපහ ඉක්ම වූ තැනැත්තියෙකි. දරුවන් ආවාහ විවාහ වී සිටින නිසා පවුල් බරින් නිදහස්ව සිටි ඇය ජීවත්වූයේ ද මහගෙදර තනිවමය.
සැමියාගේ විශ්‍රාම වැටුපත්, ඇයගේ විශ්‍රාම වැටුපත් නිසා ඇයට මිල මුදල් අතින් කිසිම අඩුපාඩුවක් ද නැත.
දරු මුණුපුරන් ද ඉඳහිට පැමිණ මේ මවට අවශ්‍ය දෑ නිවසට දමා, ගමින් පිටවී යන්නේ ඒ අය ලොකු ලොකු රාජකාරි කළ උදවිය නිසාය.
ඉඩකඩම්වලින් ද ආදායම් තිබූ නිසා වසරකට වතාවක් දෙවතාවක් පිටරට වන්දනා ගමන් යන්නට මේ මවට සිතුණේ අහල පහළ අයත් දරුවනුත් කළ ඉල්ලීමට අනුවය.
ඒ අනුව දඹදිව වන්දනා ගමනට ඇය සූදානම් වූයේ හරි සතුටිනි. මිල මුදල් කොපමණ තිබුණත් හැම ශතයක්ම මැය වැය කළේ හරි පරිස්සමිනි. ඒ ඇගේ හැටිය.
ජීවිතයේ පළමු ගුවන් ගමන පිළිබඳවද ඇය මෙලෝ දෙයක් දැන සිටියේද නැත.
‘ආ අම්මේ දින 14 ක් අපි දඹදිව වන්දනාවේ යනවා. දඹදිව විතරක් නෙවෙයි තවත් වැදගත් තැන් බොහෝමයක්...’ සංවිධායකයා මේ මවට කියා සිටියේය.
‘හරි පුතේ.... දැන් ඔය වන්දනාවට යන ගාන කීයද’ මව ඇසූයේ ඒ මුදල් ටික ගෙවා දමන්නටය.
‘හැත්තෑපන්දහයි අම්මේ’ සංවිධායකයා කියා සිටියේය.
‘ඔය ගාන සීට් එකේ වාඩිවෙලා යන ගණන නේද පුතේ..’
‘ඔව් අම්මේ’
‘එහෙනම් මෙන්න 40,000 ක්ම තියෙනවා. මම ඔය පැය භාගෙ හිටගෙන යන්නම්..’
මව කී දෙයින් සංවිධායකවරයා පමණක් නොව එහි සිටි කොයි කවුරුත් කට තදකර ගත්තේ මව සමග සිටි ඇගේ දියණියද එහි සිටි නිසාය.
ශිරාන් රණසිංහ
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මවක් ගුවන්යානයේ හිටගෙන දඹදිව යන්න සල්ලි බැඳලා