(කුණ්ඩසාලේ - පී.එම්. රජපක්ෂ)
වැඩි මිලට මත්පැන් බෝතලයක් මිලදී ගෙන එය පසුව එම මත්පැන් බෝතලය නිසා නිවෙසට වී ‘කොරන්ටයින්’ වීමේ සිද්ධියක් පසුගිය දිනක වාර්තා විය.
එම සිදුවීමට අනුව, දිනපතා මත්පැනට ලොල් වූ පුද්ගලයෙකු වූ ඔහුට මේ දිනවල පවතින කෙරොනා වයිරසය නිසා පනවා ඇති ඇඳිරි නීතිය නිසා නිවෙසේ ගත කිරීමට සිදු විය. පිළිගත් ආයතනයක ඉහළ තනතුරක රැකියාව කළ මෙම පුද්ගලයා සිය රාජකාරි කළේ නිවසේ සිටය.
වෙනදා සවස් කාලයේ දී පමණක් සුරා පානය කළ මොහු නිවෙසේ සිටි බැවින් උදෑසන සිටම මත්වී සිටි අතර ඒ සඳහා දින ගණනවකට සරිලනසේ මත් පැන් ද ඔහු ගබඩා කර ගත්තේය.
කෙසේ වෙතත් දින කිහිපයක් ගතවීමේදී ඔහු විසින් ගබඩා කරගත් මත් පැන් බෝතල් එකින් එකි හිස් වන්නට විය.
ඒ අතරතුර හදිසියේම මත්පැන් ශාලා වැසීම නිසා නිවසේ සිට රාජකාරි කිරීම පසෙකලා මත්පැන් සොයා ගම් දනව් පුරා මෙන්ම නගරයේ ද තැන් තැන්වල කරක් ගසන්නට විය.
කෙසේ වෙතත් ඇඳිරි නීතීය පැනවීම ඔන්න මෙන්න කියා තිබූ මොහොතක මිතුරකුගෙන් ලැබුණු හෝඩුවාවකට අනුව මෙම පුද්ගලයාට නන්නාඳුනන අයකුගෙන් ඉතා වැඩි මුදලකට මත්පැන් බෝතලයක් මිලදී ගැනීමට හැකිවිය.
තමන් ලද මේ ජයග්රහණයෙන් උද්දාම වී අත්‍යවශ්‍ය භාණ්ඩත් සමග සඟවා මත්පැන් බෝතලය ද ගෙන නිවෙසට පැමිණියේය. පසුව තම මිතුරන්ට ද තමන් මත්පැන් බෝතලයක් සපයාගත් අයුරු විස්තරකර ඇමතුම් දෙන්නට විය.
නිවසට පැමිණ අනෙක් කාර්යයන් පසකෙලා මොහොතක් හෝ කල් නොයවා දින කිහිපයක බලාපොරොත්තු ඉටුකර ගනනා අරමුණෙන් ගෙනා මත් පැන් බෝතලයෙන් සප්පායම් වන්නනට කඩිමුඩියේ ලකලැහැස්තී විය.
කාමරයේ දොර අඩවල්කර බෝතලය විවෘත කර උගුරක් කටට හලාගත් ඔහුගේ මුහුණ ක්ෂණයෙන් වෙනස්වන්නට වූයේ එහි තේපැන් රසක් පැමිණි නිසාවෙනි.
ඒ සමගම සුළු මොහොතකින් මිතුරාගෙන් දුරකතන ඇමතුමක් පැමිණි අතර, විස්තර විමසන්නට විය. ඒ සමගම ඔහුට බැණ වදින්නට වූ ඔහු දුරකතනය පසෙකට විසි කළේය. මිතුරාගේ උප්පරවැට්ටියකට හසූ වූ බව ඔහුට තේරුම් යන්නට විය.පසු දිනක මත්පැන් බෝතලයේ මුදල ද සමග මිතුරන් පිරිසක් ඔහු සොයා නිවසට පැමිණි අතර, ඒ වන විටත් සිදුවීම ගම පුරා අදාළ සිදුවීම ප්‍රසිද්ධියට පත්වීම නිසා දින ගණනාවක් නිවසට වී කොරන්ටයින්’ වීමට සිදු වූ බව මිතුරන්ට පවසන්නට විය.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මත්පැන් බෝතලෙන් ලොක්කා සල්ලං
sam Thursday, 26 March 2020 11:55 PM
දැන් එතකොට රාජකාරිය නොකර මත්වී හිටීම ගැන මොකුත් වැරැද්දක් නැද්ද? අපේ රට හැදෙයිද මෙහෙම ඉහල නිලධාරීන් ඉන්නකොට.