IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බෙදන්න දාහයි : එකතු කරන්නත් දාහයි

(සිටිනාමළුව - අනීෂා මානගේ) 

උපකාරක පන්ති සඳහා පැමිණෙන තරුණ තරුණියන් අතර බෙදාහරින අත්පත්‍රිකා තැන තැන විසිකිරීම සම්බන්ධයෙන් ඒවා බෙදා හරින පුද්ගලයන්ට ලබා දුන් අපූරු දඬුවමක් පිළිබඳව තංගල්ල නගර සභාවේ සභාපතිවරයා පසුගියදා හෙළි කළේය. 


තංගල්ල නගරයේ උසස් පෙළ සිසුන් සඳහා පන්ති පවත්වන එක්තරා ගුරුවරයකු තම ප්‍රචාරක කටයුතු සඳහා අත්පත්‍රිකා බෙදා හැරීමට තෝරාගෙන තිබුණේ මැදිවියේ පසුවූ දෙදෙනෙකි. එක් අයකුට රුපියල් පන්සියයක් බැගින් මුදලක් ගුරුවරයා විසින් ඔවුනට ගෙවා තිබිණි. මොවුන් දෙදෙනා තංගල්ලේ උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානයක මාර්ගය දෙපස සිට උදෑසන පන්ති සඳහා පැමිණෙන තරුණ තරුණියන්ට අත්පත්‍රිකා බෙදමින් සිටින ආකාරය තංගල්ල නගර සභාවේ සභාපතිවරයා ස්වල්ප වේලාවක් බලා සිටියේය. 


තරුණ තරුණියන් එම අත්පත්‍රිකා අතට ගෙන කියවා මාර්ගයට විසි කරන්නේ එයින් ඔවුන්ට ප්‍රයෝජනයක් නොමැති නිසා වෙන්නට පුළුවන. නමුත් මොවුන් තංගල්ල නගරය අපිරිසුදු කරන ආකාරය දෙස බලා සිටි සභාපතිවරයා තීරණය කළේ අදාළ ගුරුවරයා සොයා ගොස් මෙහි දෙකෙන් එකක් බේරා ගැනීමටය. 


අත්පත්‍රිකා බෙදමින් සිටි දෙදෙනාගෙන් තොරතුරු විමසා සිටි සභාපතිවරයා අත්පත්‍රිකාවල හිමිකරු සොයා ගියේය. පන්තියක් අසලට පැමිණි ඔහු එහි සිටි සිසුන් දෙදෙනෙකුගෙන් ගුරුවරයා පිළිබඳව විමසා සිටියේ එක් අත්පත්‍රිකාවක් ඔවුන්ට පෙන්වමිනි. එම අවස්ථාවේ දී පන්තියේ ඉගැන්වීම් කටයුතු සිදුකරමින් සිටි ගුරුමහතෙකු පෙන්වූ සිසුන් දෙදෙනාට සභාපතිවරයා දැන්වූයේ අත්පත්‍රිකා බෙදීම සඳහා ලබා දුන් පුද්ගලයන්ටම යළි මුදල් ලබා දී තැන තැන විසිකර ඇති අත්පත්‍රිකා සියල්ලම එකතු කරන ලෙස ගුරුවරයාට දන්වන ලෙසය. 


සභාපතිවරයාගේ අණට කීකරු වූ ගුරු මහතා අත්පත්‍රිකා තරුණ තරුණියන්ට බෙදාදීම සඳහා බාරදුන් පුද්ගලයන් දෙදෙනාට යළි රුපියල් පන්සීය බැගින් රුපියල් දහසක මුදලක් ලබා දී තැන තැන විසිකරන ලද අත්පත්‍රිකා සියල්ලම එකතු කරන්නට ක්‍රියා කළේය. මොවුන් දෙදෙනා හැඳ සිටි සරම දෙකට නවා අත්පත්‍රිකා එකතු කර එය තුළට බහාලන ආකාරය සභාපතිවරයා බලා සිටි බව ද ඔහු සභාවේ දී පැවසුවේය. 



අදහස් (4)

බෙදන්න දාහයි : එකතු කරන්නත් දාහයි

ruwan Thursday, 14 March 2019 04:56 AM

අන්න නියම සභාපතිවරු හොද දෙයක් ඒක සතුටුයි ඔබ ගෑන

:       309       135

Perakum Thursday, 14 March 2019 09:36 AM

මෙන්න අපගේ ප්‍රණාමය. නියම දේශපාලකයෙක්.....! අපට ඕන මේ වගේ අය තමයි.

:       1       158

vernon Thursday, 14 March 2019 02:48 PM

දැන් මෙතන සේරම කතාව සභාපතිගේ කෝණයෙන් එයා වීරයා කරලා. ඕක සභාපති මට්ටමේ නොවෙයි ළමයෙකුගේ මට්ටමේ දෙයක්. සභාපති ලෑස්තිද ඡන්ද කාලෙට බෙදන අත් පත්‍රිකා බිම දැම්මොත් ඔය විදිහට අහුලන්න?අඩුම තරමේ එහෙම වීසි කරන්න එපා කියලා අවවාදයක් දෙන්න තරම් හැකියාවක් තිබ්බා නම් ඉදිරියට ළමුන් අතින් එහෙම වෙන දේ අවම කර ගන්න තිබ්බා.

:       0       4

de silva berlin Friday, 15 March 2019 02:19 AM

නගර තුල තැන තැන අපද්‍රව්‍ය විසි කරන මිනිසුන්ට දඩයක් නියම කලා නම් හොඳයි, මිනිසුන්ටත් විකල්පයක් වශයෙන් මේක කරන්න කලින් නගරයේ අඩුම තරමින් මීටර් 150 න් 150 ටවත් කුණු දැමිය හැකි භාජන තබා, ඒවායේ ඉතුරුවෙන කුණු නිසි ලෙස ඉවත් කරගැනීමට වැඩ පිළිවෙලක් සකස් කල යුතුය. තහංචි දමන්න කලින් ජනතාවට විකල්ප හදුන්වා දිය යුතුය. විකල්ප නැතුව තහංචි දැම්මොත් ඒවා අර ග්ලයිෆෝසෙට්, ඇස්බැස්ටෝස් තහනම් කලා මෙන් අසාර්ථක විය හැක, ලංකාවේ මිනිස්සු දැනට අවරුදු 10-20 කලින් කලා මෙන් විශාල ලෙස අපද්‍රව්‍ය විසිකරමින්, මාර්ගය දෙපස අපිරිසිදු නොකරති. බොහෝ පුද්ගලයන් , අපද්‍රව්‍ය භාජන තුලට දැමීමට පුරුදුවී සිටිති. නමුත් නගර සභා විසින් මෙවැනි භාජන නගරයේ අවශ්‍ය ස්ථානවල ස්ථාපිත නොකිරීමත් , සහ සේවකයන්ගේ ඔවුන්ගේ සේවය ඉටු කිරීමේදී කටයුතු කරන ඉතා අක්‍රමවත්, අලස භාවයත් හොඳින් නිරීක්ෂණය කල හැක , මේවට පිළියම් යෙදිය යුතුය .

:       0       2

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 427 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 253 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1033 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 814 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 690 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 424 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site