(පස්ගොඩ තිලක් එම්. ගමගේ)
ඔහු ප්‍රදේශයේ කුඩා බේකරි හිමියෙකි. එහි නිපදවන පාන් බනිස් ආදී කෑම වර්ග දිනපතා බෙදා හැරියේ ද ඔහු විසින්මය.
කොයි කා සමඟත් සුහදතාවයෙන් හා සැහැල්ලුවෙන් ගතකළ හෙතෙම මඟුල් කපු කමක් හෝ බ්‍රෝකර් වැඩක් අහුවුණොත් අත හරින්නේ ද නැත. ඒවායින් ද යම් වාසියක් ලැබෙන බැවිනි. නගරයේ හා අවට පාන් බෙදා හැර අවසන් කළ බේකරි හිමිකරු අතුරු මාර්ගයේ ගමන් කළේය. පාන් පෙට්ටියේ අවසන් පාන් ටික වෙළෙඳසලකට දුන් ඔහු විවේකයෙන් වෙළඳහලේ හිමිකරු හා කතා බහට වැටුණේය. කඩයට යාබද පිහිටි නිවසේ දරුවකු වඩා ගත් තැනැත්තියක් නෙත ගැටුණු බේකරි හිමියා කවුද මල්ලි ඒ ගැනු ළමයායි විමසීය. ඇස් රතුවන විහිළුවලට සමත් බේකරි හිමියාට හොඳ ලණුවක් දීමට මේ අවස්ථාවක් යැයි සිතාගත් වෙළෙඳසලේ හිමිකරු අනේ අයියා ඒ අපේ නංගිනෙ. දැන් ඔය දීගෙ ඇරිලා මෙහෙ ඇවිත් ඉන්නවා.
ළමයෙකුත් එක්ක දික්කසාදෙත් වෙලා. කවුරු හරි හොඳ කෙනෙක් අහු වුණොත් කියන්න මට මේක ආරච්චි අයියට කියන්නමයි හිටියෙ යැයි පැවසීය. හරි හරි මල්ලී ඕවත් වැඩද? පැවසූ බේකරි හිමියා ඔහුගෙන් සමුගෙන ගියේය. දින කීපයක් ගත වේද්දි බිරිය මියගොස් ඇති මනමාලයකු ඔහු සොයා ගත්තේය. සැතපුම් කීපයක් දුර ගමක විසූ තරුණ වියේ පසු වූ මොහු සහ තවත් අයෙක් දිනක් මනාලිය බැලීමට පැමිණියහ.
ගමට පිවිසෙන ඔවුන් නගරයේ වෙළඳසලකට ගොඩ වූයේ කේක් ගෙඩියක් හෝ බිස්කට් එකක් තිළිණ වශයෙන් රැගෙන යාම සඳහාය. කඩයකට ගොඩවුණු අමුත්තන් දෙදෙනා පිළිබඳ විමසිලිමත් වු කඬේ මුදලාලි ඔවුන් හා කතා බහට එක් විය. අල්ලපු ගමේ අහවල් ව්‍යාපාරිකයාගේ නිවසට මනාලියක් බැලීමට යන බව ඔව්හු ප්‍රකාශ කළහ. ඔවුන් කීදේ ඇසූ මුදලාලිට ඇති වූයේ මහත් විමතියකි ඒ මේ කියන ව්‍යාපාරිකයා තමාගේ ද හිතවතෙකු වූ නිසාය. ඔහුට නැගණියක් හිටි බවත් දැන සිටියේ නැත. මෙය කාගේ හෝ විහිළුවක් දැයි ඔහුට හැඟුණි.
හොඳටම විශ්වාසද මේ කපුකම ගැන ඔහු නැගූ ප්‍රශ්නාර්ථයට අමුත්තන් දෙදෙනා එකිනෙකාගේ මුහුණු බලන්නට විය. ඒ අතරතුර බේකරි හිමිකරු එතැනට පැමිණියේ මේ ආගන්තුකයන් දෙදෙනා එහි එක්කරගෙන යාම සඳහාය. ඔය කියන කෙනාට නංගි කෙනෙක් නෑනෙ. හොඳට හොයලා බැලුවද? එයාට බිරියක් නම් ඉන්නවා. එයා ඈත පළාතක රස්සාවක් කරන්නේ. එහෙනම් මේකා මට පෙන්නලා තියෙන්නේ උගේ ගෑනි. මං ඕකව තියන්නේ නෑ. මාව ගොනාට ඇන්දුව යැයි කේන්තියෙන් බැණ වදින්නට විය. අමුත්තන්ගෙන් සමාව අයැද ඔවුන් ආපසු පිටත් කර හැර බේකරි හිමිකරු යතුරුපැදියට නැග්ගේ හොඳ පාඩමක් උගන්වනවා යැයි කියමිනි. මුදලාලි වහා වෙළෙඳසල් හිමිකරුට දුරකථන ඇමතුමක් දුන්නේය. එන පොට හොඳ නැති බව දැන ගත් වෙළෙඳසල් හිමිකරු බිරිඳ කඬේ නවතා පැන දිව්වේය.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බිරිය දීග දෙන්න ගිහින් මුදලාලි ගුටි නොකා බේරිලා