තම බිරිය සහ අනියම් සැමියාගේ සම්බන්ධය හෙළිදරව් කරගැනීම සඳහා සැමියකු විසින් සැක කටයුතු යුවළක් ලැගුම් හලක සිටින බවට ඇමතුමක් ලබා දීමේ පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා විය.
කොළඹ ප්‍රදේශයේ බෝම්බ ප්‍රහාරවලට ලක් වූ ප්‍රධාන පෙළේ සැකකරුවන් දෙදෙනකු දඹුල්ල ප්‍රදේශයේ ලැගුම්හලක අසල සිටියදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය විමර්ශනය කරමින් සිටියදී එකවරම දුරකතන ඇමතුමකින් පොලීසියට තොරතුරක් ලබා දී තිබිණි. එම තොරතුරට අනුව දඹුල්ල ප්‍රදේශයේ ලැගුම්හලක යුවළක් අලුයම් කාලයේ සිට රැඳී සිටින බව ය.
එම දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා පිළිබඳව විස්තර කිසිවක් ප්‍රකාශ නොකිරීම හේතුවෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වහාම පොලිස් කණ්ඩායමක් කැඳවා සැකකටයුතු ලැගුම්හල පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගනු ලැබීය.
කාන්තා පොලිස් නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම මෙම ලැගුම්හලේ කාමරය වටලා එහි දොර විවෘත කිරීමට ලැගුම්හල් හිමිකාරිනියට පොලිසිය අණකළ කළේය.
එම කාමරයේ කාන්තාවක් සහ පිරිමි අයකු සිටි අතර එක වරම ලැගුම්හලේ පිටත සිට තවත් පුද්ගලයකු එම ස්ථානයට දිව එන්නට විය. ඔහු කියා සිටියේ මෙම ඇමතුම පොලිසියට ලබා දුන්නේ තමන් බවත් මෙම කාමරයේ සිටින්නේ තමාගේ බිරිය අනියම් සැමියා සමග බවත්ය.
නිවෙසින් සේවයට යන බව පවසා ඇය පැමිණි බවත් නිතර නිතර තම බිරිය වෙනත් පුරුෂයකු සමග මේ ආකාරයෙන් ලැගුම්හල්වල සිට රැකියාවට යන බවද ඔහු කෑකෝගසන්නට වුයේය.
පසුව මෙම ලැගුම්හල් හිමිකාරිනියට පොලිසිය කියා සිටියේ නවාතැන්පොළ යනු මෙයාකාරයෙන් පැයට දෙකට කාමර ලබාදීමේ ක්‍රමවේදය නොවන බව ය. එහෙත් ඇය කෑ ගසන්නට වූයේ පැයට දෙකට කාමර ලබාදීම ඇයගේ රැකියාව බව පවසමිනි.
කෙසේ වෙතත් සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පෞද්ගලික ප්‍රශ්න තම තමන්ට විසඳාගන්නා ලෙස පවසමින් ඇමතුම ලබාදුන් සැමියාට දැඩි ලෙස අවවාද කර පිරිස විසිර යැවුහ.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බිරියගේ අනියම් පෙම අල්ලාගන්න සැමියා ‘බෝම්බවලින්’ වාසි අරන්
පිටිගල මිලානෝ Thursday, 25 April 2019 10:10 PM
මේකට කියන්නේ 'ෂෝට් ටයිම්' කියලා...... වැඩි විස්තර අවශ්‍ය නැහැනේ.... අපි ඔක්කොම ලංකාවෙනේ........!!!!