(උණවටුන - ඩී.ජී. සුගතපාල)
ඔහු මැදිවයසේ පසුවූ පුද්ගලයෙකි. ස්ථිර රැකියාවක් නොවූ ඔහු කලක් ඈත පළාතක පේනකරුවෙකු ළඟ ආවතේව කරමින් සිටියේය. පේනකරුගේ දේවාලයට ලැබෙන පඬුරු එකතු කිරීම හැර අනෙක් සියලු දේවල් එකතුකොට ඒවා අවශ්‍ය තැන්වලට ගෙන ගියේ ඔහුය. පලතුරු වෙළඳසලකටත් හඳුන්කූරු කපුරු ආදිය ඒ අසල වෙළඳසලකටත් තිරරෙදි ආදිය ටේලර් සාප්පුවකටත් ගෙනයාම ඔහුගේ රාජකාරියේ කොටසක් විය.
දිනක් ඔහුගේ හිතට අලුත් අදහසක් පහළ විය. “හැමදාම මේ මනුස්සයට ආවතේව කර කර ඉන්නවට වඩා මමත් ගමට ගිහිල්ල පේන කියන්න පටන් ගන්න ඕන” යනුවෙන් ඔහු සිතුවේය. ටික දිනක් යනවිට ඔහු පේනකරුට දක්වන සැලකිල්ල අඩුවන්නට විය. පේනකරු සමඟ හිත් අමනාපයක් ඇතිකර ගත් ඔහු යළිත් ගමට ගියේය. එසේ යනවිට දේවාලයේ තිබූ කුඩා දේව රූප කිහිපයක් ඝණ්ඨාරයක් ඇතුළු දේවාලයකට අවශ්‍ය දේවල් කිහිපයක් ද රැගෙන යාමට අමතක කළේ නැත. කලකට පසු ගමට පැමිණි ඔහු නිවස අසල කුඩා දේවාලයක් ඉදිකර ගත්තේය. දේවාලයේ හඳුන්කූරු කපුරු සුවඳ ගමපුරා හමා යන්නට විය. පුදුමයකි දැන් ඔහු කපු මහතෙකි. දිනපතා සවස කාලයේ දේවාලයේ පෝලිමකි. පේන ඇසීමට පැමිණෙන අයට තර්ජනය කර ඔවුන්ගේ කටින්ම තොරතුරු ලබාගෙන පේන කියන හැටි ඔහු ඉගෙන ගෙන තිබූ නිසා මෙය ඉතා පහසුවිය. පඬුරු ගැනීමෙන් පසු කපුමහතා පේන කියන්නේ පේන අසන්නට එන පුද්ගලයාට පිටු පාලාය. දිනක් පේනයක් කියමින් සිටින විට කපු මහතා මෙසේ කීවේය “දරුවනි, තව සුළු වේලාවකින් මෙම ස්ථානයට ශ්‍රමණ පැවිද්දෙක් වඩින බව මට දෙවියන් පෙන්නුම් කරනවා.” එසේ කියු කපුවා යළිත් පේනය කියන්නට විය.
ඔහුගේ අනාවැකිය සත්‍යයක්ම විය. එහි සිටි සියලු දෙනා පුදුමයට පත් කරමින් භික්ෂුන්වහන්සේ නමක් එහි වැඩියහ. එහෙත් උන්වහන්සේ වැඩියේ පේනයක් ඇසීමට නොව වෙනත් කාරණවකටය. මේ අතර පේනයක් ඇසීමට පැමිණ සිටි එක්තරා පුද්ගලයෙක් සෙමින් සෙමින් ඔහුට නොපෙනෙන ලෙස දේවාලයේ පිටතට නොපෙනෙන කොටසට එබී බැලුව්ය. එම පුද්ගලයා දුටුවේ පේන කීමට උපයෝගී කරගන්නා අපූරු උපකරණයකි. කුඩා කණ්ණාඩියක් මුල්ලක සවිකර තිබුණේය. එම කණ්ණාඩිය යොමුකර තිබුණේ කපුවාගේ නිවසට එන පාර දෙසටය. පේන කියන කපුවාට ප්‍රධාන පාරේ සිට ඔහුගේ නිවසට එන තෙක් මේ කණ්ණාඩියෙන් හොඳට දර්ශනය වේ. හාමුදුරුවන් වඩින බව එහි සිටි පුද්ගලයින්ට කපුවා කීවේ මේ කණ්ණාඩිය බලාගෙනය.
දැන් දේවාල භූමියේ කලබලයකි. දෙවියන් පලාගියේය. ඉන්පසු ගමේ මිනිස්සු ඔහු හැඳින්වූයේ කණ්නාඩි කපුවා යන නමිනි. එහෙත් ඔහු වැඩි කලක් ගමේ සිටියේ නැත. ගමට මුහුණ දීමට බැරිවූ කණ්ණාඩි කපුවා යළිත් ගමෙන් ගියේය.
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පේනකරුගේ ‘ගේම’ හෙළිවී අන්තිමේ ගමත් නැතිවෙයි