(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
තම අපේක්ෂකයා දිනූ පසුව දැල්වීමට රුපියල් දහස් ගණනක රතිඤ්ඤා ගෙනා සැමියෙකු අපේක්ෂකයාගේ පරාජය හමුවේ බිරියගේ කන්දොස්කිරියාවෙන් බේරීමට කළ අපූරු ක්‍රියාවක් පිළිබඳව නිකවැරටිය ආසන්න පෙදෙසකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
දේශපාලන උණ සිරුරේ තිබූ මෙම පුද්ගලයා රැකියාවක නිරත අයෙකි. මොහු ජනපතිවරණ දිනය එනතුරු ඇඟිලි ගනිමින් සිටියේ තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය ගැන සිහින දකිමිනි.
කල් වේලාසනම නගරයට ගිය මෙම පුද්ගලයා තම පඩිපතින් විශාල මුදලක් වැය කර රතිඤ්ඤා සහ මත්පැන් ද නිවසට රැගෙන ආයේ බිරියගේ ඇනුම්බැනුම් ද අසමිනි.
තම අපේක්ෂකයා දිනූ පසුව ජය පැන් බොන්නට තම නිවසට පැමිණෙන ලෙස කාර්යාල මිතුරන්ට ද ආරාධනා කර දිනය එළැඹෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටියේය.
දිනය උදා විය. මෙදින උදෑසනම ගොස් ඡන්දය දමා මොහු මහත් සතුටින් රාත්‍රිය එළැඹෙන තුරු බලා සිටියේය. ඡන්ද ප්‍රතිඵල නිකුත් වන රූපවාහිනිය දෙස දෑස් දල්වා ගත් මෙම පුද්ගලයා මහත් උද්දාමයෙන් සිටියේය.
අලුයම් කාලය එළැඹෙත්ම තම අපේක්ෂකයා පරාජය වෙමින් තිබෙනු දැක මොහු මහත් විස්සෝපයට පත් විය. බිරිඳගේ ගෝරනාඩුව ද ඉවසීමට නොහැකි තරම් විය.
‘මම කීවනේ මිනිහෝ රතිඤ්ඤා වලට මේ තරම් සල්ලි වියදම් කරන්නඑපා කියලා. දැන් මේ රතිඤ්ඤා ගොඩ තමුසේ කනවා’. කියමින් බැන වැඳුණාය. බිරිඳගෙන් බේරීමට උපායක් ගැන දස අතේ කල්පනා කරමින් සිටි සැමියාට කදිම උපායක් කල්පනා විය.
ජය තහවුරු වූ අපේක්ෂකයා වෙනුවෙන් හතර වටින් රතිඤ්ඤා දැල්වෙමින් තිබුණි. තම රතිඤ්ඤා වැල ද අතට ගත් සැමියා මිදුලට බැස එය දැල්වීය. ප්‍රදේශයම දෙවනත් කරමින් රතිඤ්ඤා හඬ පැතිර ගියේය.
ජය වේවා අපේ ජනපතිතුමාට ජය වේවා යනුවෙන් ද කෑ ගැසීය. අන්දමන්ද වූ බිරිඳ ‘තමුසෙට පිස්සුද කියා’ ඇසීය. ‘යෝදියෙ කෑ ගහන්න එපා අපිත් ඡන්දය දුන් විදියට රඟපාමු. අපිටත් වැඩක් කරගන්න පුළුවන් මේ සල්ලි වගේ නෙමෙයි’ යනුවෙන් සැමියා කී වදනින් බිරිඳ නිහඬ විය.
දිනූ අපේක්ෂකයාට ඡන්දය දුන් අසල්වැසියන් ද සමඟ එක්ව සැමියා ජය පැන් බොද්දී, බිරිඳ කටගැස්ම ද සාද ඔවුනට සංග්‍රහ කළේලු.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පෙරළුණුපිට හොඳයි කියා රතික්‍ද්ක්‍දා පත්තු කරලා
Nandalal DE SILVA - France Monday, 09 December 2019 09:53 AM
"වාසි පැත්තට හෝයියා" කියලා මගේ ඔෆිස් එකේ යාළුවොත් මට සිහිපත් කළා මේ නාටකයෙන්.