(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර)
තම මුනුබුරා දිගින් දිගටම කරන ලද ඉල්ලීමට අනුව මෙවර මහ මැතිවරණයේදී ඔහු සහය දක්වන පක්ෂයට සිය ඡන්දය ලබාදෙන බවට පොරොන්දු වී සිට ඡන්දය පැවති දින එම පොරොන්දුව කඩකළ සීයාට මුනුබුරා හොඳ පාඩමක් ඉගැන්වූ පුවතකි මේ.
එම පුවත වාර්තාවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මානයකිනි.
ඔහු නගරයේ පාසලකින් උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබ නිවෙස අසලම සිල්ලර වෙළෙඳසලක් පත්වාගෙන යන තරුණයකි. ඔහු අධ්‍යාපනය ලැබූ පාසලේ ඉගෙනුම ලැබූ මිතුරකු මෙවර මහ මැතිවරණයට ප්‍රධාන පක්ෂයකින් තරග කරන නිසා එම මිතුරාට සහය ලබාදුන් අතර පවුලේ අයටද කියා සිටියේ මැතිවරණයේදී අපේක්ෂක මිතුරා නියෝජනය කරන පක්ෂයට ඡන්දය ලබාදී මිතුරාගේ අංකයට මනාපයක් ලබාදෙන ලෙසයි.
තරුණයාගේ සීයා අපේක්ෂක මිතුරා නියෝජනය කරන පක්ෂයට සහය දක්වන අයෙකු නොවූවද මෙවර මැතිවරණයේදී මුනුබුරා කරන ලද ඉල්ලීමට අනුව මෙවර පමණක් පක්ෂය මාරු කර ඡන්දය ප්‍රකාශ කිරීමට පොරොන්දු වී සිට ඇති අතර සියා මුනුපුරාට පවසා අත්තේ තමාට එදින ඡන්ද පොළට යෑමට ක්‍රමයක් නොමැති නිසා එදින දවල් තමා කැටුව යෑමට ත්‍රිරෝද රථයෙන් නිවෙසට එන ලෙසය.
තම සීයා මත්පැන් පානයට දැඩි ලොල් බවක් දැක්වූ අයකු නිසා මුනුබුරා ඡන්ද පොළට සීයා රැගෙන යාම සඳහා ත්‍රිරෝද රථයෙන් එම නිවස වෙත ගියේ හොඳ වර්ගයේ විදේශ මත්පැන් කාලේ කුප්පියක් රැගෙනය. මුනුබුරා එහි යනවිට සීයා ඡන්දය දැමීමට යෑමට සූදානමින් සිටි අතර රැගෙන ගිය මත්පැන් කුප්පිය ඔහු අත තැබීය.
අද වැහි දවසක්. ටිකක් ඇඟ රත්කරගෙනම ඡන්ද පොළට යන්. කිලෝ මීටර් 4 ක් යන්නත් තියෙනවානේ. ඉතා සතුටින් මත්පැන් බෝතලය අතට ගත් සීයා එහි මුඩිය ඇර එක හුස්මටම කටට වක්කර ගත්තේය.
ත්‍රිරෝද රථයෙන් ටික දුරක් ගිය සීයා මුනුබුරා අමතා පැවසුවේ මෙවැන්නකි.
‘‘පුතා දන්නවානේ හැමදාම මම ඡන්දය දෙන පක්ෂය, මම මේ සැරේ ඒක වෙනස් කරන්නේ මගේ පුතාගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසා. අනික ඔය පුතාගේ යාළු අපේක්ෂකයා හරි හොඳ මනුස්සයෙක්. මාත් කතාබහ කරලා තියෙනවා.’’
මුනුබුරා ඡන්ද පොළ ආසන්නයේ ත්‍රිරෝද රථය නතර කරගෙන සිටි අතර සීයා ඡන්ද පොළ වෙත ගොස් ඉතා ඉක්මනින්ම පැමිණියේ දිගු පෝලිමක් එහි නොතිබූ නිසාය. ඒ වනවිටත් ඔහු සිටියේ හොඳ පමණට සූර්වය.
සීයා මන් කියපු ලකුණ ඉදිරියේ කතිරය ගහලා මම කියපු අංකයට මනාපයක් දැම්මද යනුවෙන් මුනුබුරා විමසීය.
අනේ මගේ පුතේ ඡන්ද පත්‍රිකාව අරන් ඡන්ද කුටිය ළඟට ගිහිල්ලා ඒක දිග ඇරියාම මම හැමදාමත් කතිරය ගහන ලකුණ මුලටම තිබුණා. ඒක දකින කොට මගේ පපුව පිච්චිලා ගියා මගේ පුතේ. ඒකට කතිරයක් ගහලා පුතාගේ යාළුවාගේ අංකයට මනාපයක් ගැහුවා යැයි සීයා පැවසීය.
එය ඇසූ මුනුබුරා මහත්වූ කෝපයට පත්ව ත්‍රිරෝද රථය පණගන්වා ඉදිරියට ගියේ විදුලි වේගයෙනි.
සීයාට ඡන්ද පොළ අසල සිට නිවසට කිලෝමීටර් 4ක දුර පයින්ම යෑමට සිදුවිය. පසුදින වනවිට සිද්ධිය මුළු ගම පුරාම පැතිර ගොස් තිබිණි.
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පුරුදු ලකුණ දැක්කාම මුනුපුරාගේ පොරොන්දුව සීයාට අමතකවෙලා