(කැකනදුර – ගයාන් දර්ශන)
තමාට මනාපයක් ලබා දෙන ලෙස සිය ඡන්ද දායකයන්ගෙන් පොරොන්දු ලබාගත් අපේක්ෂකයකු පිළිබඳව මෙවර මහ මැතිවරණයේ දී රටේ ප්‍රධාන නගරයකින් අසන්නට ලැබිණි. මෙය ඡන්ද දායකයන් අතර කසු කුසුවක් ලෙස පැතිර ගියේලු. මොහු මැදිවියේ අපේක්ෂකයකු වන අතර ප්‍රාදේශීය ජනතා නියෝජිතයකු ලෙස ද කලක් දේශපාලන භූමිකාවෙහි රැඳී සිට ඇති අතර සිය බල ප්‍රදේශයට වැඩ නොකළ හෙයින් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වූ චරිතයක් බවට පත්ව සිටි අයෙකි.
මෙවර දේශපාලන පක්ෂයකින් තමන්ට අහඹු ලෙස ලැබුණු අවස්ථාවෙන් ඵල ප්‍රයෝජන ගැනීමට සිතූ මොහු ඡන්ද දායකයන්ගෙන් මනාපය ලබා ගැනීමට මේ අලුත් මැතිවරණ රටාවට නැඹුරු වී සිටි බව ගම්වාසීන් හා ඡන්ද දායකයන්ගෙන් පසුගිය දිනවල අනාවරණය විය.
බොහෝ අපේක්ෂකයන් මෙවර සිය ඡන්ද දායකයින්ට ආහාර පාන සහ විවිධ බඩු බාහිරාදිය බෙදාදීමෙන් මනාප පොරයෙහි නියලුණු අවස්ථාවක මොහු තමාට දේව වරමක් හිමි බවත් දෙවියන්ගේ ආශිර්වාදය තමාගේ ජයග්‍රහණයට හිමිවන බවත්, තමාට මනාපය ලබා දෙන සියලුම දෙනාට සෙතක් ශාන්තියක් හිමි වන බවත් එසේ නොකරන අයට දෙවියන්ගේ ආශිර්වාද හිමි නොවන බවත් ඇතැම් විට දෙවියන් විසින් දඬුවම් පවා ඔවුන්ට ලබාදීමට ඉඩ ඇති බවත් ඔහු සිය හිතවතුන්ට පවසා ඇත.
මනාපය ඉල්ලා සිය නිවෙස්වලට පැමිණි අදාළ අපේක්ෂකයාටත් දේශපාලන සගයන්ටත් ගම්වැසියන් බොහෝ දෙනෙකු පවසා ඇත්තේ දේව වරමක් සහ දේව ආශිර්වාදයක් තමාට හිමි නම් ජනතාවගේ මනාපය නොමැතිව දේව මනාපයෙන්ම මෙවර ජයග්‍රහණය කර පෙන්වන ලෙසය.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දේව වරමෙන් ඡන්ද ගුණ්ඩුවක්