දියණියගේ වැඩිවිය පැමිණීමේ උත්සවයට සැමියා ගෙනා මාළු බිරිය ළිඳට දැමූ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේයි.
ගැහැණුම දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාලම දියණියගේ වැඩිවියට පැමිණීමේ උත්සවය මහ ඉහළින් පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය දිනකදීය.
උත්සව දිනටත් ඊට පසු දිනටත් අවශ්‍ය බඩු ගෙන ඒමට ඔහු පිටත් වූයේ බිරිය විසින් ලියාදුන් ලයිස්තුවක් ද අතැතිවය.
සිතේ වූ ප්‍රීතිය නිසාම ටවුමේ දී පොඩි අඩියක් ගැසීමට ද අමතක නොකළ ඔහුට බිරිඳගෙන් හදිස්සි දුරකථන ඇමතුමක් ලැබුණේ මේ අතරවාරයේදීය.
බඩු ලැයිස්තුවට මාළු ලිවීමට බැරි වූ බවත් උත්සවය හොඳින් කිරීමට මිල වැඩිවුවත් හොඳ මාළු ටිකක් රැගෙන එන ලෙසත් එයින් කියවුණි.
දුරකතන ඇමතුමට අනුව ක්‍රියාත්මක වූ ඔහු මින් මැදුරකට ගොස් මිල අධික සුරතල් මසුන් ජෝඩු කීපයක්ද රැගෙන නැවත නිවසට ආවේ ගොම්මන් අඳුරු වැටෙන යාමයේය.
වෙරිමරගාතේ සුරතල් මසුන් ගෙන ඒම ගැන ඔහුට දෙහි කැපූ බිරිය සැමියා ගෙනා මාළුන් සියල්ල ළිඳකට දමා පසුදින උත්සවය සඳහා පිලීවලින් තොර කෑම බීම පිළියෙල කර ගැනීමට වගබලාගත් බව වාර්තාවෙයි.
(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත
අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු
අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු
අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්
මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දූගේ උත්සවයට සැමියා ගෙනා මාළු බිරිය ළිඳට දාලා