IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ගුටි පූජාවකින් පස්සේ ග්‍රීස් යකා වහලයත් හදා දීලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 තමන් සිටින්නේ උඩු මහලක බව අමතක වූ ග්‍රීස් යකෙකු ජනේලයෙන් පනිද්දී පහළින් වූ වහලක් කඩාගෙන බිම ඇද වැටී ගුටි කා අන්තිමේ වහලයත් තම වියදමෙන් අලුත්වැඩියා කර දුන් පුවතක් රජරට ගම්මානයකින් වාර්තා විය.


දෙමහල් නිවෙසකි. මවත් දරු දෙන්නාත් නින්දට යන්නේ උඩු මහලේ කාමරයකටය. සැමියා නිතර කොලොම්පුරේ රක්ෂාවක නිරත නිසා බොහෝවිට නිවසේ සිටින්නේ මවත් දරු දෙන්නාත් පමණය. මේ මව නිතර තමන්ගේත් දරුවන්ගේත් ආරක්ෂාව ගැන විමසිලිමත් වූයේ සැමියා නිතර නිවසේ නැති නිසාය.


ගමේ ගැවසෙන ග්‍රීස් යකෙකු ගැන ආරංචිවීමෙන් පසු මේ මවගේ විමසිලිමත් බව තවත් වැඩි විය. දිනපතා නින්දට පෙර දොර ජනෙල් වසා පිරික්සීමට ඇය කටයුතු කළේ ඒ නිසාය.


 පසුගිය දිනක ඇය නිවෙස වටා සෝදිසි කර අන්තිමේ ඇඳ යට පිරික්සද්දී නාඳුනන පුද්ගලයෙකු ගුලි වී සිටිනු දුටුවාය. මේ පුද්ගලයා දුටු ඇය බියපත් වී කෑ ගැසුවාය. මේ හඬින් කැළඹුණු ග්‍රීස් යකා කාන්තාව තල්ලු කරගෙන ගොස් ජනේලය විවෘත කර ඉවතට පැන්නේ තමන් සිටින්නේ උඩු මහලක බව අමතක වීම නිසාය.


ග්‍රීස් යකා ඇද වැටුණේ පහළින් වූ නිවසක තහඩු වහලය මතටය. වහල කැඩී බිම වැටුණු ග්‍රීස් යකා සිටියේ කොන්ද අල්ලාගෙනය. එහි නිවැසියාගෙන් පොල්ලක් කැඩෙන තුරුම පහරකෑමට ග්‍රීස් යකාට සිදුවූයේය. අන්තිමේ නොවදිනා වැදුම් වැඳ බේරුණු ග්‍රීස් යකා කැඩුණු වහලය තම වියදමෙන් අලුත්වැඩියා කරදීමට පොරොන්දු වූයේ ඉදිරියට යළිත් මේ ආකාරයේ නොහොඹිනාකම් නොකරන බවට ද සපථ කරමිනි. 


 ඒ අනුව දෙමහල් නිවසේ කාන්තාවට වැඳ සමාව ගත් ග්‍රීස් යකා කඩා වැටුණු වහලය ද තනවා දීමෙන් පසු මෙතෙක් රාත්‍රියේ ගත කළ නිශාචර ජීවිතයට ද ආයුබෝවන් කියා ගමෙන් පිටව කුලී වැඩ කරමින් ජීවිකාව ගෙන යමින් සිටී. 

 



අදහස් (1)

ගුටි පූජාවකින් පස්සේ ග්‍රීස් යකා වහලයත් හදා දීලා

ravi Wednesday, 05 September 2018 08:52 AM

අද අපේ රටේ තියන හොඳම පුජාව තමයි .. " ගුටි පුජාව " මේක මහා පුදුම බලයකින් පිරි පුජාවක් ..

:       0       30

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 637 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 814 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1061 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1015 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1278 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1622 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site