IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගෑනු නැටුමකට වහ වැටී කිලෝමීටර් 3ක් පයින් ගිහින්

(බමුණාකොටුව - එච්.එම්.එන්. හේරත්)
බස්රථයක සවිකර තිබූ රූපවාහිනි යන්ත්‍රයේ දිස්වූ කාන්තා රංගනයෙන් කුල්මත් වූ පුද්ගලයකුට නියමිත ස්ථානයෙන් බැස ගැනීමට නොහැකි වූ බව කියන සිද්ධියක් බමුණාකොටුව ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය.


විවාහකයකු වූ ඔහු ගමනක් ගොස් ආපසු තම නිවෙස බලා ගමන් ගනිද්දී මෙම සිද්ධියට මුහුණ පෑමට සිදුව තිබේ.


 “ආජි තපර ලාහිලා බීජී තපර ලාහිලා” යන ගීතයට අනුව දර්ශනය වූ කාන්තා රංගනයෙන් ප්‍රීතියට පත් වූ මෙම පුද්ගලයා බැසීමට නියමිත ස්ථානය පසුකර කිලෝමීටර් 3ක් පමණ ඉදිරියට ගොස් තිබිණි. 


බහින ස්ථානය මතක් වී කලබලයට පත්ව බෙල් එක කිහිප වතාවක් නාද කළත් රියැදුරු මහතාද එම ගීතයට සවන්දීම නිසා බෙල් එකේ නාදය නොඇසීමෙන් බස්රථය තවත් මදක් ඉදිරියට ධාවනය විය. එහිදී මගියා රියැදුරුට බැන වදින්නට විය. 


“අපි දෙන්නාටම සිදු වූයේ එකම සිද්ධියක් නිසා කලබල විය යුතු නෑ අයියා පරෙස්සමින් බැහැගන්න” යැයි රියැදුරු මහතා කියද්දී ඔහු බස්රථයෙන් බැසගත්තේ තමාටම දොස් නගමිනි.



අදහස් (0)

ගෑනු නැටුමකට වහ වැටී කිලෝමීටර් 3ක් පයින් ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 584 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 907 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 946 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1248 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1584 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1026 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site