(හාරිස්පත්තුවේ - මොහොමඞ් ආසික්)
තම බිරිය නැති වුණත් මත්පැන් බීමට අවශ්‍ය බව සැමියකු පොලිසියේදී ප්‍රකාශ කිරීමේ සිද්ධියක් පූජාපිටිය පොලිසියේදී කළ පැමිණිලි විභාගයකින් පසුගියදා අසන්නට ලැබිණි.
පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයේ පදිංචි ඔහු මෙයට මාස හත අටකට පමණ පෙර විවාහ වූ වයස අවුරුදු 38 ක පමණ පුද්ගලයෙකි. ඔහුගේ බිරියගේ වයස ද අවුරුදු 36 ක් පමණ වේ. විවාහ වීමෙන් පසුව සැමියාගේ නිවසේ පදිංචියට පැමිණ සිටි බිරිඳ නිතරම මුහුණ දුන් ගැටලුවක් නිසා ඇය බොහෝ අපහසුතාවට පත්ව සිටියාය.
එනම් සැමියා නිතරම බීමත්ව සිටීමය. මෙම මත්පැන් බීම නවත්වන ලෙස බිරිඳ සිය සැමියාට කොතෙක් ඉල්ලීම් කළ ද එය ඉටු නොවූ තැන ඇය පොලිසියට ගොස් තම සැමියා නිතරම මත්පැන් පානයට හුරු වී ඇති බැවින් තවදුරටත් ඔහු සමග ජීවත්විය නොහැකි බවත් තමන් තම නිවසට යන බවත් සැමියා මත්පැන් බීම නැවැත්වීමෙන් පසුව නැවත පැමිණෙන බවත් සඳහන් කරමින් පැමිණිල්ලක් කළාය. මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා සැමියා සහ බිරිඳ පොලිසියට කැඳවූ අවස්ථාවේ සැමියා පොලිසියට ප්‍රකාශ කළේ බිරිඳ නැති වුණත් බොන්නේ නැතිව ඉන්න බැරි නිසා බිරිඳ තරහ වී නිවසින් ගිය ද තමන්ට බොන්න ඕන බවයි.
විවාහ වීමෙන් පසුව තම දරු පවුල සමඟ ජීවත්විය යුතු ආකාරය පිළිබඳව පොලිස් නිලධාරින් කොතෙක් අවවාද දුන්න ද ඒ කිසිවක් පිළිගැනීමට ඔහු එකඟ නොවූ නිසා ඔවුන් දෙදෙනා පොලිසියෙන් පිටත්ව ගියේ විසඳුමක් නොමැතිවය.
කෙසේ නමුත් තම සැමියා කවදා හෝ මත්පැන් බීම අත්හරිනු ඇතැයි බිරිඳ බලාපොරොත්තුවක් ඇතිව පොලිසියෙන් පිටත්ව ගියාය.
විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගෑනි නැති වුණත් බීම නැතුවනං බෑ