IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගානක් කපාගන්න හිතිලා දරුවාගේ පොතුත් කඬේට දීලා

මේ ගෙවන කාල වකවානුව කොයි කාටත් අමාරු කාලයි. ආහාරපානවල සිට සෑම දෙයකම මිල ගණන් වැඩිවන්නේ ටැක්සියක මීටරය වෙනස්වන ලෙසිනි.


මේ කියන තාත්තාටද නැති බැරි අමාරුකම් තදින් දැනෙන්නට ගත්තේ හදිසියේ ඩෙංගු රෝගයට ඔහු ගොදුරු වූ නිසාය.


ඇඟේපතේ හයිහත්තියෙන් පවුලක් නඩත්තු කළ මොහු කම්කරුවෙකි. අසනීප වූ නිසා වැඩ කිරීමට නොහැකිව ඔහු දස අතේ කල්පනා කළේ ගේ හරියෙ මිරිස්කරලක් නෑ කියා බිරිඳ කියන්නට ගත් පසුවය. පුතේ මෙහෙ වරෙන් පුතුන් සමග එකතුවී නිවසේ ගොඩගසා තිබූ පරණ පත්තර, පොත්පත් සහ බෝතල් එකතු කර ගොඩගැසුණේ අන්තිම තුරුම්පුව ගසමිනි.


නිවසේ තිබූ ලට්ට ලොට්ට විකුණා හෝ බඩ වියත රැක ගත යුතුය. පියාට සිතිණි. යකඩ බඩු කඬේ මුදලාලි නිවසට ආවේ යැවූ පණිවුඩයකට අනුවය. බඩු ටික රැගෙන මුදලාලි යන්නට ගියේ බඩු පැටවූ ලොරියද එළවාගෙනය.


අම්මේ මගේ පොත්ටික කෝ එදින සවස පුතු මවගෙන් අසන්නට වූයේ පාසල් පොත් ටික තිබ්බ තැන නැතැයි කියමිනි. බුලත් විටක් සප්පායම් වෙමින් සිටි පියා ගෙට එබී බැලුවේ මළ හත්තිලව්වයි සිතමිනි.


පුතේ මම ඔතන තිබ්බ පොත්ටිකක් පරණ පත්තර මුලලාලිට දීලා දැම්මා.


පුතාට තරු පෙනිනි. පිය පුතු දෙදෙනා ඒ මොහොතේම පොත්ටික සොයා පරණ පත්තර කඬේට ගියත් ඒ වනවිටත් පරණ බෝතල්, පරණ යකඩ එක්කම දරුවාගේ අලුත් පොත් ටිකත් කොළඹට පටවා තිබිණි.


වෙච්ච දෙයක්. කොරේ පිටට මරේ කියන්නෙ ඕකට තමයි. අසරණ පියා පුතුගෙන් සමාව ඉල්ලද්දී පුතුගේ නෙත් කඳුළින්පිරී ගියේය. පව් දුප්පත් තාත්තා. පුතු නිශ්ශබ්ද වූයේ දැන් කතාකර වැඩක් නැතැයි තේරුම්ගිය නිසාය.


ශිරාන් රණසිංහ

 



අදහස් (2)

ගානක් කපාගන්න හිතිලා දරුවාගේ පොතුත් කඬේට දීලා

mahinda Thursday, 16 August 2018 04:06 AM

අප ජීවත්වන්නේ මෙහෙවු රටකය. රටේ මහජනයාට දු දරුවාට වඩාත් යහපත් රටක් නිර්මාණය කිරීමට දසාතේ පොරොන්දු දී පාර්ලිමේන්තු,පලත්සභා, ප්‍රාදේශිය සභා යන කෙනා හත්මුතු පරම්පරාවටම හොරකම් කරද්දී ඒ අයට යැපෙන්නට අසීමිත සැප සම්පත් භුක්තිවිදින්ට බදු ගෙවන ඡන්ද දායකයා අසනීපවූ කල අත්විදින ඛේදජනක ඉරණමයි මේ.

:       0       67

sampath Friday, 17 August 2018 09:54 AM

මේවගේ පුංචි පුංචි ප්‍රශ්න දහස් ගණනක් මේ රටේ තියෙනවා. ඒවා විසඳන්න පුළුවන් නම් මේ රට මීට වඩා ගොඩක් හොඳ තැනකට ගේන්න පුළුවන්.. මෙහිදී මේ පියත් අසරණ දරුවගේ අනාගතෙන් ඉවරයි. මේ ළමයා සාමාන්‍ය පෙළ උසස් පෙළ හෝ ශිෂ්‍යත්වය වැනි කඩයිම් විභාගයකට සූදානම් වූ කෙනෙක් නම් !!!

:       0       11

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 497 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 761 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1019 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 991 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1268 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1612 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site