IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගංජා සුරුට්ටුවක් ප්‍රේමයට තිත තබලා

(වියලුව වාර්තාකරු)
උපන් ගමේ පාසල් ගුරුවරියක් සමග වසර තුනකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය පෙම් පළහිලව්වක් ගංජා සුරුට්ටුවක් නිසා නිමාවට පත් වීමේ පුවතක් වාර්තා විය. 


සිද්ධිය මෙසේය.


ඔහු සාමාන්‍ය තනතුරක් දරන රජයේ සේවකයෙකි. ගමේ පාසලේ ගුරුවරියක සමග වසර තුනක් පමණ කාලයක් තිස්සේ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගියේ  දෙපාර්ශවයේ ඥාතීන්ගේ ද ආශිර්වාදය මැද්දේය.


 අවාසනාවකි. හිටිහැටියේම ඔහුට ගමෙන් දුර බැහැර ප්‍රදේශයකට ස්ථාන මාරුවීමක් ලැබුණේ එකම ආයතනයේ වසර ගණනාවක් සේවයේ නිරතව සිටින බව පවසමිනි.


 නව සේවා ස්ථානයට ගිය ඔහුට නතර වීමට සිදු වූයේ එම ආයතනයේම පොදු නේවාසිකාගාරයකය.


 එහි සිටි කීප දෙනෙකු ගංජා පානයට ඇබ්බැහි වී  සිටි අතර  දින කීපයක් ගතවෙද්දී ඔහු ද එහි කොටස්කරුවකු වූවේ ඔහුටත් නොදැනීමය.


  වැටුපෙන් සෑහෙන ප්‍රමාණයක් ඊට වැය කළ ඔහු ජීවත් වූයේ ද අපූරු සිහින ලෝකයකය. පෙම්වතිය, මව, පියා, සහෝදරයින් ඇතුළු ඔහු ජීවිතයේ ආදරය කළ බොහෝ දෑ අමතක කර දැම්මේය. ඔහුගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව ද ඒ සිහින ලෝකයම පමණක් විය.


  පෙම්වතියටත් වඩා ගංජා සුරුට්ටුවට ඇලුම් කළ හෙතෙම පෙම්වතියගේ  දුරකතන ඇමතුම පවා හිසරදයක් විය. 


 පසුගිය දිනෙක අලුයම හෙතෙම එදිනට අවශ්‍ය ගංජා මිල දී ගැනීමට උපායක් කල්පනා කරමින් සිටියේ පසුම්බිය මුළුමනින්ම හිස්ව තිබූ නිසාය.


ඒ අතරතුර තම පෙම්වතියගෙන් ලද දුරකතන ඇමතුම් කීපයක්ම ඔහු විසන්ධිකර දැම්මේ තම සිහින ලෝකය බිඳ ගැනීමට අකමැති වූ නිසාය. එහෙත් උත්සාහය අත් නොහල පෙම්වතිය දිගින් දිගටම දුරකතනය නාද කරන්නට වූවාය.


ඔහුගේ ද රතු කට්ට පැන්නේය. පෙම්වතියගේ දුරකථනයට ගලා ආවේ ඇය කිසි දිනෙකවත් බලාපොරොත්තු නොවූ අන්දමේ අසැබි වදන් වැළකි.


ඒ වන විටත් සිය පෙම්වතාගේ වෙනස්වීම යම් තරමකට දැනී සිටි  පෙම්වතිය දුරකතනය පසෙකින් තැබුවේ වසර තුනක ආදර කතාවට ද තිත තබමින්ය. ඔහුට නිදහසට කරුණු කියන්නටවත් ඉඩක් ද නොතබමින්ය.

 



අදහස් (1)

ගංජා සුරුට්ටුවක් ප්‍රේමයට තිත තබලා

ravi Wednesday, 31 July 2019 02:44 PM

හොඳ ගුරුවරියක්.. ලස්සන පාඩමක්..

:       1       1

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 558 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 785 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1039 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1000 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1274 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1618 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site