IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොහොඹ කොළ දමා කුකුළු මස් උයලා

හොරොව්පොතාන වූ කලි වියළි කලාපීය ප්‍රදේශයකි. වියළි කලාපයට ආවේනික ශාක අතර කොහොඹ ගස් මෙහි සුලබය. මුරුංගා ද හරි හරියට වැවෙන්නේ එපරිදිමය.


මේ කියන සැමියාගේ අතමිට සරු වුණේ කළ වෙළෙඳාම සිතුවාටත් වඩා ලාබ ගෙන දුන් නිසාය. අත කට පිරෙන්න   බඩු මල්ලක් ගෙන බිරිඳට ගවුමකුත් මිලදී ගත් ඔහු රෑට කන්නට කුකුළු මස් කිලෝවක් මිල දී ගත්තේය.


“හීනියට අඩියක් ගසා කට ගැස්මට කුකුළු මස් කෑල්ලක් හපා කන්නට ඇත්නම් මරු” ඔහුට සිතිණි. 


එදින සැමියා නිවසට ආවේ රාත්‍රී 7.30ට පමණය.


“ඇහුනද, මෙන්න මේ කුකුළු මස් කෑල්ල හදලා ගත්ත නම්...” සැමියා ගෙනා බඩු මුට්ටු ටික බිරිඳ අතට දී ඔහු ඇඟපත සෝදා ගන්නට ගියේය.


 කට ගැස්මට කුකුළු මස් කැබලි කිහිපයක් බැද ඉතිරි ටික රෑ කෑමට ඇය ලිපේ තිබ්බේ සැමියාගේ සිත කියවන්නට ඈ දත් නිසාය.


පැයකට පමණ පසු සැමියා කුස්සියට එබිකම් කළේ රෑ කෑම ලෑස්ති දැයි අසමිනි.


 සැමියාට බත් බෙදා ඇය ද බත් බෙදා ගත්තේ එකට වාඩි වී රෑ කෑම කන්නටය.


 “තුඃ මේ ජරාව කන්න බෑ ඕයි” එසැණින් සැමියා බත් පතම පොළොවේ ගසා හමාරය.


 බිරිඳගේ දෑසට නැගුණු කඳුළැලි අතරින් හීන් ඉකිබිඳුමක් ද මතුවිය.


“කාලා බලනවා. තිත්තම තිත්තයි” ඇනූ බත් කට කෑ ඇයට ද තිත්ත දැනුණි. මස්වලට ඇය දමා ඇත්තේ කරපිංචා නොව කුස්සිය පිටුපස තිබූ කොහොඹ කොළය. කළුවරේම ගොස් කුඩා කොහොඹ පැළයකින් ඇය කඩාගෙන ඇවිත් තිබුණේ කරපිංචා පැළ අතර තිබූ කොහොඹ පැළයක කොළය. ‘සමාවෙන්න මගෙයි වරද. කරපිංචා වෙනුවට කොහොඹ කොළ දාලා’.


බිරිඳගේ අත්වැරැද්දට සමාව දුන් බැදපු මස් කෑල්ලක් සමග බත් කෑවේ බිරිඳගේ කඳුළු පිසමිනි.
 (හොරොව්පොතාන පැතුම් දර්ශන)



අදහස් (0)

කොහොඹ කොළ දමා කුකුළු මස් උයලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 642 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 817 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1063 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1015 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1278 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1622 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site