IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කෙසෙල් කැණ බේරගත්ත වෙළෙන්දාf ගණදෙවි නුවණ

(කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ)

පුද්ගලයකු තුළ පැවති අපූරු පුරුද්දක් නතර කිරීමට නවීන තාක්ෂණ උපක්‍රමක් යොදාගත් පුවතක් මහනුවර ආසන්න නගරයක පසුගියදා වාර්තා විය.

මහනුවරට ආසන්න අර්ධ නාගරික ප්‍රදේශයක සරු වෙළඳාමක් සහිත පළතුරු කඩයක් තිබිණි. මෙම පලතුරු වෙළඳසල පාරිභෝගිකයින් අතර ඉතා ප්‍රසිද්ධියට පත්වී තිබුණු අතර නිති පතා එහි එන ගැණුම්කරුවෝ පිරිසක්ද සිටියහ. වැදගත් පවුලක, ඉහළ රැකියාවක් කරන සුහදශීලී පුද්ගලයෙක්ද සෑම දිනකම කුමන හෝ පලතුරක් රැගෙන යාමට පැමිණියේය.

පලතුරු වෙළඳසලට පැමිණෙන මොහු කෙසෙල්කැන් අතරින් ඇති හොඳම කෙසෙල් කැනක, කෙසෙල් ගෙඩියක රස බැලීම පුරුද්දක් කරගෙන තිබිණි එසේ කෙසෙල් ගෙඩියක රස බලන ඔහු ඊට අදාළ කෙසෙල් ගෙඩියේ මිලට වඩා වැඩි මුදලක් වෙළඳසල් හිමියාගේ අත තබා යාමට ද අමතක නොකරයි. මෙසේ වැඩිපුර මුදලක් ලැබුණත් කෙසෙල් කැනක ඇති ඉස්තරම් කෙසෙල් ඇවරියේ ගෙඩි අඩුවීම නිසා ඉහළ මිලකට විකිධෑමට ඇති අවස්ථාව අහිමිවීම වෙළෙඳසල් හිමියාට ගැටලුවක් විය. මෙයට සුදුසු විසඳුමක් දිනපතා ප්‍රවෘත්ති පත්‍රයකින් බැලීමේදි ඔහුට සොයා ගැනීමට හැකිවිය. ඒ අනුව පලතුරු වෙළඳසලේ ආරක්ෂාව සඳහා සී.සී.ටී.වී කැමරා පද්ධතියක් සවි කරන ලද අතර ඒ හරහා දින කීපයකදී කෙසෙල් ගෙඩි කඩා ගන්නා ගැණුම්කරුවාගේ රූප රාමු ලබාගනු ලැබීය.

පසු දිනක එසේ ලබා ගත් දර්ශන සංස්කරණය කර වෙළදසලේ පිහිටි රූපවාහිනියට දමා අදාළ පුද්ගලයා වෙත පෙන්වීමට සලස්වන ලද අතර ඒවා ඔහුගේ පවුලේ සමාජිකයින් හා බිරියට පෙන්වීමට කටයුතු කරන බවත් අන්තර්ජාලය වෙත ද මුදා හැරිය හැකි බවත් වෙළඳසල් හිමියා පැවසීය.



අදහස් (1)

කෙසෙල් කැණ බේරගත්ත වෙළෙන්දාf ගණදෙවි නුවණ

himal Tuesday, 20 November 2018 01:34 PM

එහෙම මුදා හැරියා කියලා මොනවා කරන්නද? කෙහෙල් ගෙඩි වලට සල්ලි ගෙව්වා නම් ප්‍රශ්නයක් නෑනේ.

:       2       62

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 533 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 885 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 933 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1245 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1579 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


උගුල ගැස්සී ඇඟිලි දෙකක් අහිමිවෙලා
2024 අප්‍රේල් මස 09 1025 0

මී කතුරෙන් මීයන් අල්ලන අයුරු මුනුපුරකුට කියා දෙන්නට ගිය සීයා කෙනෙකුට ඇඟිලි දෙකක කොටස් අහිමිවීමේ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. හැටපස් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site