IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කුරුඳු තලන්න ගෙදර නැවතුණු කොලේලො දෙන්නා මවයි දුවයි අරන් පැනලා

දකුණු පළාතේ උප නගරයක් ආශ්‍රිතව ඇති ග්‍රාමසේවා කාර්යාලයකි. උදේ පාන්දරම එහි දිව ආ මැදිවියේ පුද්ගලයකු ග්‍රාමසේවා කාර්යාලයට ගොඩ වූයේ පැමිණිල්ලක් කිරීමටය.


 දැඩි නොසන්සුන්තාවකින් සිටි ඔහු තම නිවෙසෙහි වූ කාමරයක කුරුඳු තැලීමට පැමිණ එහි නතර වී සිටි තරුණයින් දෙදෙනකු තලන ලද කුරුඳු මිටි කීපයක් රැගෙන අතුරුදන්ව ඇති බව පැවසුවේ දැඩි නොසන්සුන් බවකිනි. “එතකොට තමුන් ගෙදර සිටියේ නැද්දැයි” ග්‍රාමසේවක විමසූ විට ඔහු කීවේ පෞද්ගලික ආයතනයක මුර සේවයේ යෙදී සිටින තමා එදින රාත්‍රි මුර රාජකාරියේ යෙදුන බවකි.


 මේ පිළිබඳව තොරතුරු තම පොතේ සටහන් කරගත් ග්‍රාම සේවක ඒ වනවිට ගෙදර සිටියේ කවුදැයි විමසීය. “දුවයි, පවුලයි ගෙදර ඉඳලා තියෙනවා” ඔහු කීවේ දුකෙනි. 


ඉතිං දුවගෙන් ඇහුවෙ නැද්ද? ග්‍රාමසේවක විමසීය.


“එයත් උන් එක්කම පැනල ගිහින්” යැයි ඔහු කීය. “හත්ඉලව්වයි... ඕක කලින් කියන්න එපායෑ.  ඔය කුරුඳු ටිකට වැඩිය දුව වටින්නෙ නැද්ද?” ග්‍රාමසේවක විමසූ විට ඔහු කීවේ තමා විවාහවීමේදී බිරියත් සමඟම ආ ඇය තමාගේම දියණියක නොවන බවය.


 “ඉතිං බිරිඳගෙන් ඇහුවෙ නැද්ද?” ග්‍රාමසේවක යළි විමසුවේ මද තරහවකිනි.


“එයත් උන් එක්කම ගිහිං” එවර ඔහු කීවේ ඉවත බලාගෙනය. 


“යකෝ මේක හතර බීරි කතාවක්නේ” කී ග්‍රාමසේවක “ඇයි ඕවා කලින් නොකීවේ මේක මම පොතේ ලියාගන්නම්. පොලිසියට ගිහිං පැමිණිල්ලක් කරනවා” කීවේ පොත වසා දමමිනි.


 “පොලිසි යන්න ලැජ්ජයි රාලහාමි” ඔහු කීය.


“එහෙනම් පාඩුවයි, ලැජ්ජාවයි දෙකම තියාගෙන ගෙදරට වෙලා ඉන්නවා” ග්‍රාමසේවක කීවේ කෝපයෙන්ලු. 

(තිහගොඩ - උපසේන ලියනගම)

 

 



අදහස් (0)

කුරුඳු තලන්න ගෙදර නැවතුණු කොලේලො දෙන්නා මවයි දුවයි අරන් පැනලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අපූරු බීමෙන් මැරතන් ශූරයාට ඇබැද්දියක්
2024 අප්‍රේල් මස 25 455 0

බක්මහ උළෙලකදී මැරතන් ධාවන ශූරයකු තරගය අවසානයේ වතුර වෙනුවට පොල් තෙල් පානය කිරීම නිසා ජය සංකේතය ලබා ගැනීම පසෙක තබා රෝහල්ගත වීමට සිදු වූ පුවතක් හසලක ප්‍ර


තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 761 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 627 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1133 2

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 877 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 758 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site