IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කළ උපකාරය හිලව්වට ජංගම දුරකතනය උස්සලා

(ගම්පහ තිලකරත්න දිසානායක)
බස්රථයක් නොමැතිව මහමග සිටි පුද්ගලයෙකුට ගමන් පහසුව සැලසූ යතුරු පැදිකරුගේ ජංගම දුරකතනය සූක්ෂම ලෙස සොරා ගැනීමේ සිද්ධියක් ගම්පහ ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. පසුගිය දිනෙක උදෑසන කිරිඳිවැල සිට ගම්පහ දෙසට යතුරු පැදියකින් ගමන් ගනිමින් සිටි අයකුගෙන් බුත්පිටිය ප්‍රදේශයේ පුද්ගලයකු මිරිස්වත්ත හන්දියට යාමට හැකිදැයි විමසා ඇත.


එම පුද්ගලයා කෙරෙහි අනුකම්පාවෙන් යතුරු පැදියට නංවාගෙන පැමිණ ඇති යතුරු පැදිකරු මිරිස්වත්තෙන් ඔහු බැසගිය පසුව දුරකතන ඇමතුමක් ගැනීම පිණිස කරෙහි එල්ලා ගෙන තිබූ බෑගයෙන් ජංගම දුරකථනය ගැනීමට යාමේදී එය නොමැති බව පෙනී ගොස් ඇත.


මේ අවස්ථාවේදී දෙවරක් නොසිතා තමන් නංවාගෙන ආ පුද්ගලයා ගැන සැක සිතා යතුරු පැදිය ආපසු හරවා යමින් සිටියදී ඔහු සිටිනු දැක වහාම අල්ලා ගෙන පරීක්‍ෂා කිරීමේදී ඉනෙහි සඟවා ගෙන තිබූ දුරකතනය සොයා ගැනීමට හැකිව තිබේ.


ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත්තේ කරෙහි තිබූ බෑගය විවෘත කොට සූක්ෂම ලෙස දුරකතනය ගත් බවය.


මේ අවස්ථාවේ අවට සිටි පිරිසක්ද පැමිණියෙන් කොල්ලකරු අල්ලා ගෙන කණුවක බැඳ තබා යක්කල පොලීසියට බාරදීමට පියවර ගෙන තිබේ.


යමෙකුට උපකාර කිරීමට ගොස් පත්වූ අකරතැබ්බය පිළිබඳව යතුරුපැදිකරු, අවට සිටි පිරිස සමග පවසා සිටියේ කාටත් මේවා හොඳ පාඩම් බවය.

 



අදහස් (3)

කළ උපකාරය හිලව්වට ජංගම දුරකතනය උස්සලා

sapumal Wednesday, 19 February 2020 08:29 AM

අම්මෝ දන්නේ නැති අයට පාරේදී උදව් කරන්න එපා. මම ඔහොම කරලා වතාවක වාහනේ ජැක් එකත් අරගෙන බැහැලා තිබුණා කොල්ලෝ 3 දෙනෙක්.

:       0       39

sarath Thursday, 20 February 2020 11:44 AM

මේවා දැන් ඇත්තටම සිදුවෙන දේවල්. අද කාලේ තමන්ගේ පවුලේ කෙනෙක්වත් විශ්වාස කරන්න බැහැ.

:       8       17

Perera Monday, 24 February 2020 01:27 AM

ඔව් ඉතින් ඡන්දෙ ඉල්ලගෙන එන අයටත් ඡන්දෙ දීලා උදව් කරලා අමාරුවේ වැටෙන අය නේ අපේ ලංකාවේ උදවිය.

:       0       3

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 778 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 870 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1091 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 1025 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1286 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1628 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1542 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site