(බදුල්ලේ පාලිත ආරියවංශ)
ඡන්ද ඔට්ටුවක් පැරදීම නිසා නිවාස පරිශ්‍රයට ඇතුළුවීම තහනම් වූ ඡන්දදායකයකු පිළිබඳව අපූරු පුවතක් ඌව පළාතෙන් වාර්තා විය.
මෙම නිවසේ සැමියා එක්තරා දේශපාලන පක්ෂයකට හිතවත් පාක්ෂිකයෙකු වන අතර, බිරිය වෙනත් පක්ෂයක පාක්ෂිකාවක් වූවාය.
දෙදෙනා ගේ මැතිවරණ උණ ඉහළින්ම ප්‍රදර්ශනය වූ අතර ගැමියෝ ද ඒ පිළිබඳව දැනගෙන සිටියහ.
වාද විවාදවලින් පසු මෙම සැමියාත් බිරියත් තීන්දු කළේ ඡන්ද ඔට්ටුවකට යාමටය.
බිරියගේ ඔට්ටුව වූයේ තම පක්ෂය ජයගත හොත් සැමියාට නිවස තහනම් වන බවයි .
තමා පැරදුණහොත් තමා නිවසින් පිටවී යන බවද ඇය කියා සිටියාය .
ඡන්ද ප්‍රතිඵලය අසන්නට දෙදෙනාම නිවසේ පහන් කළේ රූපවාහිනී යන්ත්‍රය දෑස ඉදිරියේ තබාගෙනය. ඡන්ද ප්‍රතිඵල අනුව බිරිය ජයගෙන තිබිණ.
ඒ සමගම වහාම නිවසින් පිටවන්නැයි බිරිය ගෙන් සැමියාට නියෝගයක්ද ලැබිණ.
‘අනේ... අනේ... එහෙම කරන්න එපා, රටේ ලෝකෙ වෙන දේවල්වලට අපි ඇයි විරසක වෙන්නේ. ටිකක් ඉවසා සිටින්නැ’ යි සැමියා අයැද සිටියත් බිරියගෙන් ගැළවීමක් නොවුණ නිසා අලුයම් 2 ට පමණ සැමියා නිවසින් පිටවී ගියේ පන්මල්ලක ඇඳුම් ටිකද දමාගෙනය .
ටික දුරක් ගිය සැමියාට යම් කිසි කුකුසක්ද ඇතිවිය. අරමුණක් නැතිව කිලෝ මීටර් 3ක් පයින්ම ගමන් කර තිබූ ඔහු යළිත් ආපසු හැරුණේ ය.
නිවස අසලට පැමිණි විට දොර ඉදිරියේ දක්නට ලැබුණේ පිරිමි සෙරෙප්පු කුට්ටමකි.
‘මේක තමයි එහෙනම් ඔට්ටුව.... මගේ එකී දේශපාලඥයෙකු තරම්වත් විශ්වාසයක් තබන්නට බැරි ගැහැනියක්’ යැයි මුමුණමින් ඔහු තමා වැඩකළ පරාජිත දේශපාලනඥයා සොයාගෙන ගියේ නවාතැන් ගන්නට තැනක් සොයාදෙන ලෙස ඉල්ලා සිටීමටය .
ඒ වන විටත් ඔහු ද නිවෙසින් බැහැරව කොළඹ ප්‍රදේශයට ගොස් තිබිණ.
‘කමක්නෑ.... ආයෙත් ගෙදර යනවා’ යැයි සිතූ ඔහු ගෙදරට ගොස් බලන විට ගෙදර දොර වසා තිබුණි.
සිදුවූ දෙය වටහා ගත් ඔහු නිවස තුළට අභීතව ගියේ බිරිය යළි ගෙදර නොඑන බව විශ්වාස කරමිනි.
‘කමක් නෑ මං තනියම ජීවත්වෙනවා’ යැයි ඔහු හිත හදාගෙන තිබේ. අපරාදේ දේශපාලන උණ නිසා අපට වෙච්ච දේ යැයි ඔහු ගම්වැසියන්ට පවසන්නේ පසුතැවිල්ලකිනි.
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
දකුණේ රාජ්‍ය අනුග්‍රහය ලබන එක්තරා ආයතනයක “සර්” කියා ගැනීමට මහත් ගිජුකමක් දැක්වූ නිලධාරියකුගෙන් තමාගේ කටයුත්ත ඉටු කර ගැනීමට ලිපියක් ලියා ඒ තුළ සර් යය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඔට්ටුව පැරදිලා බිරියත් නැතිවෙලා