IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අල්ලපු ගෙට ආ සිසුවිය කුරුලු කූඩුවක්ම ඉහිරවලා

(උණවටුන - ඩී.ජී. සුගතපාල)
ඇය ගණිත අංශයෙන් උසස්පෙළ  හදාරන දක්ෂ සිසුවියෙකි. වයස අවුරුදු දාහතයි මාස දෙකකි. මේ අතර ඇයගේ නිවෙස අසල පදිංචියට පවුලක් ආවේය. එම පවුලේ පියාගේ වයස අවුරුදු තිස් අටක් වූ අතර දරුවන් සිව් දෙනෙක් විය. වැඩි මහල් දියණිය අල්ලපු ගෙදර සිටින මෙම සිසුවියගේ වයසේම වූවාය.
 
ටික කලක් යනවිට පවුල් දෙක අතර සුහදත්වයක් ඇතිවිය. එහි ප්‍රතිඵලය වූයේ මෙම සිසුවිය එම පියා සමග සම්බන්ධයක් ඇති කර ගැනිමය. ටික දිනක් යනවිට ඇයට ඔහුත් ඔහුට ඇයත් නැතිවම බැරි විය.
 
මේ අතර ඔහු පදිංචිය වෙනස් කිරීමට තීරණය කළේය. ඒ අනුව ඔහු එම නිවසේ සිට කිලෝ මීටර් පහක් හයක් තරම් දුරින් අලුත් නිවෙසක පදිංචියට ගියේය. එසේ ගොස් දින කිහිපයකට පසු ඔහු නිවසට අමුත්තියක් කැඳවාගෙන ආවේය. ඒ පෙර පදිංචි නිවස අසල සිටි උසස් පෙළ සිසුවියයි. ඇය කැඳවාගෙන ඒමත් සමග ඔහු බිරිඳ නිවසින් එළවා දැම්මේය.
 
සිසුවියගේ මව්පියන් ඇයගේ අතුරුදන්වීම පිළිබඳ පොලිසියේ පැමිණිල්ලක් ද දැම්මේය. දැන් ඔහුගේ අලුත් බිරිය තමාගේ වැඩි මහල් දියණියගේ වයසේ පසුවන සිසුවියයි. තම දරුවන් සිව් දෙනා ද සමග ඔහු කිසිම හිරිකිතයකින් තොරව එම සිසුවිය සමග අඹු සැමියන් ලෙස ජීවත් විය.
 
මාස දෙකකට පසු ගාල්ල පොලිස් අධිකාරිවරයාට ලැබුණු පෙත්සමක් අනුව ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය පරීක්ෂණ ආරම්භ කළේය. එම පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනා ලබා සිටින පුද්ගලයකු නිසා දූෂණ මර්දන අංශයේ නිලධාරි කණ්ඩායමක්ද සමග ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරින් එම නිවස සොයා ගොස් සිසුවිය පොලිස් බාරයට ගත්තේය.
 
පසුව සිසුවිය ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ළමා නිවාසයක රඳවා තැබීමට නියෝග කළාය.
 
ගාල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා ඩී. අල්ගෙවත්ත මහත්මිය ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.



අදහස් (4)

අල්ලපු ගෙට ආ සිසුවිය කුරුලු කූඩුවක්ම ඉහිරවලා

අචලා Thursday, 23 August 2018 10:46 AM

බොරු චෝදනාවක් දාලා අත් අඩංගුවට අරගෙන වගේ.

:       5       68

Duminda Sunday, 26 August 2018 08:46 AM

වෙන රටකනම් මෙහෙම නිව්ස් එකක් යන්නේ බාල අපරාධයක් වෙලා කියලා. එ්ත් ලංකාවේදී එ්කත් ළමයගේ වැරැද්ද...

:       0       227

dammi Tuesday, 28 August 2018 01:42 AM

පොලිස්කාරයෝ ඒ මිනිහගෙන් පගාව අරන් සිසුවිය විතරයි අත්අඩංගුවට ගත්තේ.......

:       101       0

suresh Tuesday, 28 August 2018 04:52 AM

මොකක්ද මේ සිසුවිය කඩපු කුරුලු කූඩුව? මේක දාන්න ඕනෙ පව්කාරයෙක් බාලවයස්කාර දැරිවියක්ව නොමග යවා අපයෝජනය කලා කියලා?

:       0       107

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

අතින් ඇදලා අම්බානට ගුටි කාලා
2024 අප්‍රේල් මස 19 523 0

විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට


බෝතල් මාරු වී ජංජාලයක්
2024 අප්‍රේල් මස 18 771 0

අලු‍ත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලු‍ණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය


සූර් පාට් දමා පොලිසිය අන්දවලා
2024 අප්‍රේල් මස 17 1028 0

වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ


’’මොහිණිගේ’’ උදව්වට ගිහින් ලොකු පරිප්පුවක් කාලා
2024 අප්‍රේල් මස 16 997 0

අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ‍ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ. ‍


කීරි නාඩු වී හොරේ අහුවෙලා
2024 අප්‍රේල් මස 11 1272 0

අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ


“නංගි” මාරු වී තුට්ටු දෙකත් නැතිවෙලා
2024 අප්‍රේල් මස 10 1616 0

එළැඹෙන අලු‍ත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං”‍ වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site