(අම්බලන්තොට සනත් ගමගේ)
ගෙවීමේ ක්‍රමයට නිවෙසේ ටයිල් ඇල්ලීමට පැමිණි ටයිල් බාස් සිය බිරිඳ සමග ඇති කරගත් හාදකම නතර කරන ලෙසට ටිපර් රථ රියැදුරකු වූ සැමියා දිගින් දිගටම ටයිල් බාස් ගෙන් ඉල්ලා සිටියත් එම සම්බන්ධය නතර නොකිරීම නිසා උරණ වූ සැමියා ටයිල් බාස් යතුරු පැදියෙන් ගමන් කරද්දී ටිපර් රථයට යටකර දැමීමට උත්සාහ දැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු පෙරේදා (3) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය කියයි.
ටයිල් බාස් ගෙවීමේ ක්‍රමයට ටයිල් අතුරා නිම කිරීමෙන් පසු ඒ සඳහා අය කරන කුලිය මාසිකව අය කළ අතර වාරික කිහිපයක් ප්‍රමාද වීම නිසා එම නිවසට නිතර යාම හේතුවෙන් ටයිල් අතුරන කාලයේ දී නිවසේ බිරිඳ සමග ඇතිකරගත් සබඳතාව දුරදිග යෑමෙන් පසු සැමියාට මේ බව සැලවී ඇති බව පොලිසිය කියයි. බාස් හම්බන්තොට කෙයාර් ගම්මානයේ නිවසක වැඩකරමින් සිටින අවස්ථාවේ දී ටිපර් රථ රියැදුරා මෙම ටයිල් බාස්ට පිහියකින් ගසා ඇති අතර ඉන් බේරීමට ටයිල් බාස් යතුරුපැදියෙන් පලා යද්දී හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේදී යතුරුපැදිය යටකර දැමීමට ටිපර් රථ රියැදුරා උත්සාහ දරා ඇත. එහිදී යතුරුපැදිකරුට තුවාල සිදු වීමෙන් ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. රියැදුරුට ටිපර් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ යකඩ වැට හා විදුලි කණු කිහිපයක් කඩාගෙන එය පෙරළී ඇත. ටිපර් රථයට බරපතළ හානි වී ඇති බව පොලිසිය කියයි. සිද්ධියට සම්බන්ධ ටිපර් රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර රියැදුරුට තුවාල සිදුවී ඇති හෙයින් පොලිස් ආරක්‍ෂාව යටතේ හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් අවදානම් සහිත පොල් ගස් කම්බි යොදමින් ඇද දමා බඳින පිරිසක් මාතලේ යටවත්ත ප්‍රදේශයේ නිවසක කාන්තාවකගේ අතින් ඇදීම හේතුවෙන් ගුට
අලුත් අවුරුද්දට සාදමින් සිටි කැවිලිවලට සීනි යැයි සිතා ලුණුදමා එම කැවිලි ආහාරයට නොගෙන ඉවත දැමූ පුවතක් මතුරට ප්‍රදේශයෙන් වාර්තා විය. වාර්තා වන ආකාරය
වුරුදු සමයේ අඩියක් පුඩියක් ගසා එතැයි තමා අල්ලා ගැනීමට මග බලා සිටි පොලිස් නිලධාරීන්ට එදා සරා ගොයියා දුන් රැග් එකට නොදෙවැනි රැග් එකක් දුන් හාදයකු පිළිබඳ
අත දරුවෙකු කරපින්නා ගෙන මහ රෑ පැමිණි කාන්තාවකට උපකාර කරන්නට ගොස් අකරතැබ්බකට මුහුණ පෑ තරුණයෙකු පිළිබඳ පුවතකි මේ.
අවුරුදු ‘ජයටම සමරන්නට කඩේ තිබූ වී මිටි කඩේටම විකුණා’ මුදල් ගන්නට ගිය විවාහකයකුගේ කූඨ වෙළඳාම මුදලාලිගේ අතටම අහුවුණු පුවතක් පොල්පිතිගමින් වාර්තා වේ. එ
එළැඹෙන අලුත් අවුරුද්දට කල් තියාම ලක ලෑස්ති වීමට යෑමෙන් යටි මඩි ගසාගෙන සිටි රුපියල් පහළොස් දාහකට ‘‘අබ සරණං” වූ පුවතක් කැබිතිගොල්ලෑව වාහල්කඩට නුදුරු
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අනියම් පෙමක පැටළුණු ටයිල් බාස්ට ටිපර් රියැදුරුගෙන් පාඩමක්
රවින් Wednesday, 05 December 2018 07:45 AM
ණයට අරගෙන ණය නොගෙව්වාම කොටස් වශයෙන් බිරිඳගෙන් අයකරගෙන. ටයිල් බාස් පිටට කොහොමත් වියදම් කරන හැඩයි. දැන් ජොබ් එකත් නැහැ... බිරිඳත් කොට උඩ. හොඳම දේ තමා ණය ටික ගෙවලා, ගෙදරත් විකුණලා පිට පළාතකින් ගෙයකුත් අරගෙන පවුල රැකගන්න එක. රියදුරු ජොබ් එකක් නම් ලංකාවේ ඕනෑම පළාතකින් හොයාගන්න බැරිද ?