IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රත්ගම පැහැර ගැනිමේ සිද්ධියේ මෝටර් රථයද සොයාගනී

(ඩි.ජී.සුගතපාල)


රත්ගම පුද්ගලයින් දෙදෙනා පැහැර ගැනිමට පැමිණි බව කියන මෝටර් රථයද මාතර ප්‍රදේශයේ තිබියදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (27) සවස සොගෙන තිබේ.
 
 
මෙම සුදුපාට ඇල්ටෝ වර්ගයේ මෝටර් රථය මාතර  මාකාවිට මාලගොඩ ප්‍රදේශයේ  ව්‍යාපාරිකයෙකු ළඟ තිබියදි අත් අඩංගුවට ගෙන නඩු භාණ්ඩයක් ලෙස ගාල්ලට ගෙන එන ලදි.
 
පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ මෝටර් රථය හිමිකරුගේ මිතුරෙක් වන  මාතර පිහිටි විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරියෙකු ගමනක් යෑමට බව පවසා ජනවාරි 22දින මෝටර් රථය ඉල්ලාගෙන පැමිණ ඇති බවය.
 
 එසේ ඉල්ලාගෙන 23වනදිනඋදේ පුද්ගලයින් දෙදෙනා පැහැර ගැනිම සඳහා රත්ගමට පැමිණ ආපසු එදිනම දහවල් මෝටර් රථය අයිතිකරුට ගෙනගොස් බාරදි ඇති බවත් අනාවරණයවි තිබේ.
 
 එම පුද්ගලයින් දෙදෙනා නිවෙස්වල සිට පැහැර ගෙනඑන ලද බව කියන කේ.ඩී. එච්.වෑන් රථයද ඔවුන් ඝාතනය කිරිම සඳහා අක්මිමණ ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසට ගෙන ගොස් ඝාතනය කොට මළ සිරුරු වලස්මුල්ල ප්‍රදේශයට ගෙන යාමට යොදාගත් කැබ් රථයද මෙයට පෙර අක්මිමණ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ලඟ තිබියදි  අත් අඩංගුවට ගෙන ඇත.



අදහස් (5)

රත්ගම පැහැර ගැනිමේ සිද්ධියේ මෝටර් රථයද සොයාගනී

de silva berlin Wednesday, 27 February 2019 03:35 PM

මේ මෝටර් රථ හිමියන් පිළිබඳව තවදුරටත් සොයා බැලිය යුතුය. මේ විදිහට පොලිස් නිලධාරීන්ට ඉල්ලන ඉල්ලන වෙලාවට වාහන දෙන එක අල්ලස් ගණයට වැටෙන වරදක්. සමහර විට මොවුනුත් විවිධ ජාවාරම් වල නිරත වෙනවා වෙන්නට පුළුවන් ඒවා වහගන්න අල්ලසක් විදිහට වාහන පාවිච්චියට දෙනවා වෙන්න පුළුවන්.

:       0       185

Mahee Wednesday, 27 February 2019 04:52 PM

ඩි සිල්වා ලංකාවේ නැති හින්ද දන්නේ නැතුව ඇති එහෙම කාර් ඉල්ලගෙන යන එක බොහොමයක් පොලිස් ලොක්කන්ගේ සිරිතක් බව. කාර් විතරක් නෙමෙයි මස් මාළු ආදියත් එහෙමයි. අර අනුරාධපුරේ ගහක් උඩ නැගල උපවාස කරන දෙන්නගේ කතාව දකින්න ඇති නේද? ඉල්ලනකොට නොදුන්නොත් මොකකට හරි පටලවනවා.

:       0       158

රාජුන් Wednesday, 27 February 2019 07:17 PM

මෙය කොන්ත්‍රාත්තුවක් මත කරණ ලද ඝාතනයක් කියලයි මට හිතෙන්නෙ. මේ ව්‍යාපාරිකයන් ගැන හොඳින් සොයා බලන්න අවශ්‍යයි.

:       54       38

sarath perth Thursday, 28 February 2019 02:53 AM

පොලිසියෙන් හදිසි වැටලීම් වලට මෝටර් රථ ඉල්ලගෙන යන්නේ ලඟකදී ඉඳල නොව මා දන්නා තරමින් දැනට දශක හයකට පෙර සිටයි.

:       1       117

tikiri Thursday, 28 February 2019 07:36 AM

දැන් සුදු වෑන් කෙසේවෙතත් කළු වෑන් නම් දැක්කා , තව තියෙන්නේ ලම්බෝගිනී , රත්තරන් අශ්වයෝ , හෙලිකොප්ටර් , හංගපු රත්තරන් , මිනී මෝරු , බැංකු ගිණුම් වගේ ඔය පොඩි පොඩි දේවල් තමයි .

:       0       91

ඔබේ අදහස් එවන්න

අපරාධ

හිරමන පහරින් සැමියා එලොව යැවූ බිරිය අල්ලයි
2021 සැප්තැම්බර් මස 20 2175 3

යාපනය පුම්බුහාර් ප්‍රදේශයේ නිවසක අඹුසැමි ආරවුකදී සැමියා ඝාතනය කලේ යැයි සැක පිට බිරිඳ අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.


විවිධ වැරදි සම්බන්ධ පුද්ගලයින් 298 ක් අත්අඩංගුවට
2019 නොවැම්බර් මස 04 856 0

ගම්පහ,කැලණිය, සහ මීගමුව පොලිස් කොට්ඨාසයන්හි කළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 138 දෙනකු අතුළු විවිධ වැරදි සම්බන්ධ පුද්ගලයින් 298 දෙනකු අත්අඩංගුවට ගැනී


කොටහේනේ වෛද්‍යවරයා ඝාතනය කළ තිදෙනා රිමාන්ඩ්
2019 ජුනි මස 03 1071 1

කොටහේන ප‍්‍රදේශයේ තනිව වාසය කළ වෛද්‍යවරයකුගේ අත්පා බැඳ දෑසට මිරිස්කුඩු ගසා හිසට පහරදී ඝාතනය කළැයි කියන සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුව


කෝටි 700 ක දියමන්ති කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට
2019 මාර්තු මස 01 2809 0

මහරගම පන්නිපිටිය ඇරැව්වල මැණික් ව්‍යාපාරියකු සතුව තිබු රුපියල් කෝටි 700 පමණ වටිනා දියමන්තිය හා මැණික් ගල් කිහිපයක් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙ


රත්ගම පැහැර ගැනිමේ සිද්ධියේ මෝටර් රථයද සොයාගනී
2019 පෙබරවාරි මස 27 3056 5

රත්ගම පුද්ගලයින් දෙදෙනා පැහැර ගැනිමට පැමිණි බව කියන මෝටර් රථයද මාතර ප්‍රදේශයේ තිබියදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අද (27) සවස සොගෙන


සිවිල් ආරක්ෂක භටයාගේ මළ සිරුර වාරි ඇළකින් හමුවෙයි
2018 දෙසැම්බර් මස 30 884 0

ආණමඩුව මහ උස්වැව මැරුංගොඩ හත් වන ගම්මානයේ වාරි ඇළක තිබු සිවිල් ආරක්ෂක නියාමකයකුගේ මළ සිරුරක් අද ( 30 ) සොයා ගත් බව ආණමඩුව පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site