IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


හිරගෙදරත් මංගල සීනු

කෝට්ටේගොඩ ගොඩඋඩ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1959 දී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ඇතුළු වූ විජේවීර පසුව කොමියුනිස්ට් පක්ෂයේ දොස්තර එස්. ඒ. වික්‍රමසිංහගේ අනුග්‍රහය මත ශිෂ්‍යත්වයක් ලැබ 1960 සැප්තැම්බර් 25 රුසියාවේ මහජන මිත්‍රත්ව සරසවියට (පසුව ප්‍රැට්රිස් ලුමුම්බා සරසවිය) වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා ඇතුළු විය. 


මහ නඩුවේදී වැරදිකරු වී ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුවද සෙසු අය සමග 1977 දී නිදහස් විය. ජවිපෙ කැරලි දෙකේම නායකයා වූ විජේවීර 1989 නොවැම්බර් 13 අළුයම 1.13 ට ඝාතනය වන විට සය දරු පියෙකු වූ අතර 46 වැනි වියේ පසු විය.


වඩුතන්ත්‍රිගේ සිසිල් චන්ද්‍ර 14 වැනි විත්තිකරු වූ අතර අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලින් 1964 දී උසස් පෙළ සමත් විය. අම්බලන්ගොඩ පොලිසියට පහර දීමට මාදම්පේ පන්සලේ කණ්ඩායමට එක්වූ ඔහු පසුව බටපොල කඳවුරේ සනත්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක විය. ඔහු 23 සිංහරාජ කැලයට පසු බැසීමෙන් අනතුරුව මැයි 6 ආරකඬේ ග්‍රාම සේවකට භාරවිය.


නිදහසින් පසුවද එජාප විරෝධියෙකු වූ සිසිල්චන්ද්‍ර වාම ක්‍රියාකාරිකයෙකු වශයෙන් පෙනී සිටියෙකි. රන් භාණ්ඩ නිෂ්පාදකයෙකු වශයෙන් කටයුතු කළ අතර 2006 දී ජීවිතයෙන් සමුගත්තේය. සිසිල් චන්ද්‍රගේ වැඩිමහල් සොහොයුරිය විවාහ වී සිටියේ සුබසීල කොඩිකාර සමගය.


මහ නඩුවේ 15 වැනි විත්තිකරු වූ හෙට්ටිආරච්චිගේ කුලරත්න බණ්ඩා පියසිරි හෙවත් හෙක්ටර් හෙවත් ගුණරත්න බණ්ඩා හෙවත් පියසිරි කුලරත්න හෙවත් යෝගි කුලරත්න කැලණිය  ධර්මාලෝක විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී මිල්ටන් මගින් 1968 දී ජවිපෙට එක් විය. ජවිපෙ ශිෂ්‍ය අංශයේ දෙවැනි නායකයාය.


කැරලිකරුවන් අප්‍රේල් 5 රාත්‍රී විසිර ගොස් තිබූ බැවින් එහි නායකයෙකු වූ පියසිරි අප්‍රේල් 6 කොටහේනේ නවාතැනට එන විට එය වටලා බණ්ඩාරනායක මැතිනියට ප්‍රහාරයක් එල්ල කිරීමට සිටි සාමාජිකයින් අත්අඩංගුවට ගෙන තිබිණි. නුවර පාර භාරව සිටි ප්‍රේමසිරි සමග ගම්පහ බැලුම්මහර හන්දියේදී අප්‍රේල් 16 ඔහු අත්අඩංගුවට ගනු ලැබුවද නිදහස් විය. පසුව 1971 ජූනි 18 උදෑසන මරදාන කාර්මික විද්‍යාලයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
පියසිරිගේ බිරිඳ සුජාතා වූ අතර ඔහුගේත් නයනානන්ද විජේකුලතිලක සහ සුනිල් රත්නසිරි ගේත් විවාහයන් සිදුවූයේ සිරගෙදර සිටියදී 1976 දෙසැම්බර් 30 වැනිදාය. නිදහස් වීමෙන් පසු විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ට සම්බන්ධ වූ අතර පසුව ඉවත් විය. වර්තමානයේ භාවනායෝගියකු වන පියසිරි කලක් ප්‍රකට සිනමා විචාරකයෙකු සහ ලේඛකයෙකි.


සුනිල් රත්නසිරි ද සිල්වා 16 වැනි විත්තිකරුවා වූ අතර ඔහුට නියමිතව තිබුණේ 25 දෙනකු සමඟ ගොස් තුම්මුල්ල හන්දියේ නිවසේදී හමුදාපති සේපාල ආටිගල අත්අඩංගුවට ගැනීමය. ඔස්මන් ගේ පණිවිඩයක් අනුව අප්‍රේල් 5 රාත්‍රී 6 ට පිරිස එය සිදුනොකර විසිර ගිය අතර ඔහු මහරගම නිවසක සිට මැයි 2 දිවුලපිටිය ගාන්ධිගේ කඳවුරට එක්විය. අම්බලන්ගොඩ නිවසට යළි මැයි 16 ගිය සුනිල් රත්නසිරි මැයි 18 අම්බලන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී. සුනිල් 1968 ජවිපෙට එක්වූයේ විදුදය සරසවියේ දෙවැනි වසරේ සිසුවෙකු වශයෙන් සිටියදීය.


කලක් නිවාස සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියක කළමනාකරුවෙකු ලෙස සේවය කළ සුනිල් රත්නසිරි වර්තමානයේදී ප්‍රගතිශීලි ව්‍යාපාරයේ සක්‍රීය ක්‍රියාකාරිකයෙකි.


විරාජ් ප්‍රේම ලක්ප්‍රිය ප්‍රනාන්දු 17 වැනි විත්තිකරු වූ අතර ගොවිජන සේවා පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂණ සහකරුවෙකු විය. පියා රජයේ ලිපිකරුවෙකු වූ අතර විරාජ්ට සොහොයුරු සොහොයුරියන් 7 දෙනෙක් වූහ. විරාජ් ප්‍රේම ලක්ප්‍රිය ප්‍රනාන්දු විදේශ රටවලින් ආයුධ ලබා ගැනීම සඳහා දූත මෙහෙවරක යෙදුණද එය සාර්ථක නොවීය. කලක් කුමාර් රූපසිංහගේ ගිනි පුපුර කණ්ඩායමේ ක්‍රියාකාරිකයෙකි. වර්තමානයේ බි්‍රතාන්‍යයේ ජීවත් වේ.


මහමරක්කල විජේපාල සිල්වා හෙවත් සුමිත් රාජපක්ෂ 18 වැනි විත්තිකරු වූ අතර වරායේ සේවය කළේය. බෙන්තොට මුහන්දිරම් ගේ නිහාල් ආනන්ද පෙරේරා 19 වැනි විත්තිකරු වූ අතර වර්තමානයේ ලෙසෝතෝ රාජ්‍යයේ ගණකාධිකාරිවරයෙකු වශයෙන් සේවය කරයි. 


සැමුවෙල් ඩයස් (එස්. ඩී.) බණ්ඩාරනායක 20 වැනි විත්තිකරු වූ අතර ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වූ ඔහු 1952 දී ගම්පහින් ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්විය. එස්. ඩී. පරාජයට පත්වූයේ 1970 මැතිවරණයේදී පමණි. ජවිපෙ කටයුතුවලට විජේවීරගේ ඉල්ලීම මත උදව් කළ අයෙකි. ශ්‍රීලනිප හිටපු මහලේකම්වරයෙකු සහ තරුණ සංවිධානයේ හිටපු සභාපතිවරයෙකු වූ අතර 2014 ජීවිතයෙන් සමුගත්තේය.


වික්‍රමආරච්චි ඔස්මන්ඞ් ද සිල්වා 21 වැනි විත්තිකරු වූ අතර ඔහුගේ මව පක්ෂයේ අම්මා ලෙස සැලකෙන 2007 අප්‍රේල් 12 ජීවිතයෙන් සමුගත් සීලවතී ද සිල්වාය. ලංගම සේවය කළ ඔහු වනාතමුල්ලේ පදිංචිකරුවෙකු වූ අතර අප්‍රේල් 4 සවස පැමිණි උයන්ගොඩ ඔහුට කියා සිටියේ කොළඹට පහර දෙන තීරණය අතහරින ලෙසය. අප්‍රේල් 5 රාත්‍රී වන තෙක් වනාතමුල්ල ප්‍රජා මණ්ඩලය අසල කණ්ඩායමක් සමඟ පණිවිඩයක් ලැබෙන තෙක් ඔහු සීරුවෙන් සිට පසුව විසිර ගියේය. ඔස්මන් ජවිපෙ හිතවතෙකු වශයෙන් වර්තමානය දක්වාම කටයුතු කරයි.


ජයකොඩි පතිරන්නැහැලාගේ ප්‍රේමදාස ධනපාල 22 වැනි විත්තිකරු වූ අතර නිදහසින් පසු ශ්‍රීලනිපයට උදව් කළ අයෙකි. අවසාන කාලයේ සිහිවිකල්ව සිටි අතර දියේ ගිලී මරුමුවට පත් විය.


23 වැනි විත්තිකරු වූ ලක්ෂ්මන් ගුණරත්න මහදූවගේ හෙවත් තඩි ලක්ෂ්මන් ඇල්පිටියේ සටන්වලට සහභාගි වූ අතර කලක් විජේවීරගේ ආරක්ෂකයෙක් විය. දැනට ප්‍රංශයේ ජීවත්ව සිටින ඔහු ආවාහ වී සිටින්නේ මහින්ද විජේසේකරගේ සොහොයුරියක් සමඟය. සුසිල් සිරිවර්ධන 24 වැනි විත්තිකරු වූ අතර 1938 දී මතුගමදී උපන්නේය. සුසිල් නිදහසින් පසු නිදහස් මතධාරියෙකු වශයෙන් කටයුතු කළ අතර ප්‍රේමදාස රජයේ නිවාස අධිකාරියේ සභාපති වශයෙන්ද සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් ද කටයුතු කළේය.


මහින්දපාල විජේසේකර 25 වැනි විත්තිකරු වූ අතර 1971 මාර්තු 19 රක්වානේදී උයන්ගොඩ සමග ජවිපෙ පන්තියක් පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වී බන්ධනාගාරයේ රඳවා තබන ලදී. පසුකලෙක 1989 ශ්‍රීලනිපයෙන් මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසුන ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමැතිවරයෙකු වශයෙන් සිටියදී දෙමළ බෙදුම්වාදීන්ගේ බෝම්බයකට හසුව වර්තමානයේ සිටින්නේ ගිලන්වය. නන්එදිරි කෙලී මැගිලියන් සේනානායක 26 වැනි විත්තිකරු වූ අතර කැරැල්ලේ නායක විජේවීර සමඟින් 1971 මාර්තු 13 පස්වරුවේදී අම්පාරේදී අත්අඩංගුවට ගනු ලැබීය. පසුව මඩකළපු බන්ධනාගාරයට දමා මාර්තු 15 උදෑසන 7.30 ට කොළඹ වැලිකඩ බන්ධනාගාරයට ගෙන එනු ලැබුවේ පොලිස් අධිකාරි රංජිත් සේනානායක විසිනි. ජවිපෙ 1977 න් පසු ගොඩ නැගීමට ප්‍රබල කැප කිරීමක් කළ කෙලී ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන්  1978 දී ඉවත් කරන ලදී. පසුව ජවිපෙ විරෝධියෙකු බවට පත්වූ අතර වර්තමානයේ බංගලාදේශයේ මුද්‍රණාලයක කළමනාකරුවෙකු ලෙස රැකියාවක නිරත වේ.


27 වැනි විත්තිකරු වූ පානියන් දේවගේ තේමිස් සිල්වා හෙවත් බටපොළ අතුල 1968 දී ජවිපෙට පූර්ණකාලීව එක් විය. අප්‍රේල් 5 මීටියාගොඩ පොලිසියට පහර දීමට යද්දී පසුබැස ගිය අතර පසුව අප්‍රේල් 27 පොලිස් අත්අඩංගුවට පත්විය. නිදහසින් පසුව ජවිපෙ විරෝධියෙකු වූ අතර 88/89 කාලයේදී දේශපාලනයෙන් නිෂ්ක්‍රීය විය. බිරිඳ චිත්‍රා සමඟින් කිරිවත්තුඩුවේ වර්තමානයේ පදිංචිව සිටී.

 


මතු සම්බන්ධයි.

 

 


71 අප්‍රේල් මහ නඩුවේ විත්තිකරුවන් 41 දෙනා නඩුවේ අංක පිළිවෙලින් ඉහළ වමේ සිට මෙසේය. 


1. පියතිලක, 2. බෝපගේ, 3. උයන්ගොඩ, 4. අනුර රංජිත්, 5. සුනන්ද 6. ලොකු අතුල, 7. වික්ටර් අයිවන්, 8. නිමල් මහරගේ, 9. කුමානායක, 10. වසන්ත කනගරත්න, 11. ඩී. ඒ. ගුණසේකර, 12. ටී. ඩී. සිල්වා, 13. විජේවිර, 14. සිසිල් චන්ද්රො, 15. පියසිරි කුලරත්න, 16. සුනිල් රත්නසිරි, 17. විරාජ්, 18. විජේපාල, 19. නිහාල් ආනන්ද, 20. එස්. ඩී. බණ්ඩාරනායක, 21. ඔස්මන්ඞ්, 22. ධනපාල, 23. තඩි ලක්ෂ්මන්, 24. සුසිල් සිරිවර්ධන, 25. මහින්ද විජේසේකර, 26. කෙලී සේනානායක, 27. බටපොළ අතුල, 28. ඇලඩින් සුබසිංහ, 29. කළු ලකි, 30. ලක්ෂ්මන් මුණසිංහ, 31. මෙරිල් ජයසිරි, 32. චුක්කි ප්‍රේමරත්න, 33. සනත්, 34. සුසිල් වික්‍රම, 35. සරත් විජේසිංහ, 36. මිල්ටන්, 37. කරුණාරත්නෙ, 38. ප්‍රේමපාල හේවාබටගේ, 39. නයනානන්ද, 40. පී. විමලගුණේ, 41. ජේ. ඒ. ජයකොඩි.


 

 



අදහස් (0)

හිරගෙදරත් මංගල සීනු

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4913 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5779 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site