IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විපක්‍ෂයේ පසුබෑමට රතන හිමිගෙන් අධිවේගයක්

 

නාග විහාරයේදී සෝභිත හිමියන් කේන්ද්‍ර කරගනිමින් ගොඩනැගෙන පොදු අපේක්ෂක කථිකාව තුළ කරු ජයසූරිය මහතාටද යම් ඉඩකඩක් විවරවෙන ආකාරය දෙස බලා ඉතා සූක්ෂ්ම හා උපක්‍රමික වූ රනිල් වික්‍රමසිංහ මහතා 2014 මුලදී එජාපයේ නායකත්ව මණ්ඩලයක් ස්ථාපනය කළේය. එහි මුඛ්‍ය අරමුණ වූයේ නායකත්ව මණ්ඩලය තුළට කරු ජයසූරිය මහතාව ගෙන ඔහු දුර්වල කිරීම බව සමහර අයගේ මතය විය. 


නිශ්චිත බලයක් ලබා නොදේ නම් නායකත්ව මණ්ඩලය තුළට ගොස් එහි සිරකරුවකු නොවන ලෙසද සමහරු කරු ජයසූරිය මහතාට කියා සිටියහ. ඉහත නායකත්ව මණ්ඩලයට කරු ජයසූරිය, රංජිත් මද්දුමබණ්ඩාර හා තලතා අතුකෝරල මහත්මිය ඇතුළත් වූහ. ඒ තුළ එජාප දෙවන පෙළ නායකයන්ගේ ජීවගුණය සිඳීගියා සේය.


2014 වන විටත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය පාලනය ඉදිරියෙහි එජාපයේ නායකයන් කොතරම් පරාධීන මානසිකත්වයකින් සිටියේද යන්න තහවුරු කරන සිදුවීමක් මෙලෙස ගෙනහැර දැක්විය හැකිය. දිනක් නාරාහේන්පිට අභයාරාමයේ පැවැති යම් සාකච්ඡාවකදී පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ට ඒ වන විට හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මුණගැසී ඇත. එහිදී සුමංගල හිමියන් අබේවර්ධන මහතාට පවසා ඇත්තේ අපි කෙසේ හෝ සෝභිත හාමුදුරුවන්ගේ ව්‍යාපාරය ඉදිරියට ගෙනයමින් අවසානයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජය කරන බවයි. ඊට පිළිතුරු දුන් වජිර අබේවර්ධන මහතා “හාමුදුරුවනේ බුදුහාමුදුරුවන්ට විකල්ප තියෙනවද? ඒ වගේ තමයි මහින්දට විකල්ප නෑ. මහින්ද මැරෙනකම්ම එයා තමයි ජනාධිපති. එයා ජීවත් වන තුරු අපිට එයා පරද්දන්න බෑ. අපිට කරන්න තියෙන්නේ එතෙක් පක්ෂය යන්තම් අල්ලන් ඉන්න එක විතරයි” යනුවෙන් පැවසීය.
වජිර අබේවර්ධන මහතා සේම එජාපයේ නායකත්වයේ සිට පාක්ෂිකත්වය දක්වා පිරිස පරාජය තමන්ගේ උරුමයක් ලෙස සලකා එය බාර ගැනීමට සූදානම්ව සිටියද සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ අය තවදුරටත් තම සංවිධාන ව්‍යුහය ශක්තිමත් කර ගනිමින් සෝභිත හිමියන් මගින් සිය මතවාදය වේගයෙන් සමාජගත කිරීමේ කාර්යයෙහි නිමග්නව සිටියහ. මෙවන් දේශපාලන සන්දර්භයක ජාතික හෙළ උරුමයේම අනුබද්ධ සංවිධානයක් ලෙස ආරම්භ වන ‘පිවිතුරු හෙටක්” සංවිධානය රතන හාමුදුරුවන්ගේ නායකත්වයෙන් අතිධාවනකාරී දේශපාලන ගමනක නිරත විය. මෙහිදී ජාතික හෙළ උරුමයත්, එහි ව්‍යුත්පන්නයක් වූ පිවිතුරු හෙටක් සංවිධානයත් විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට විරෝධය පළ කළේය. ඒ වෙනුවට ඔවුන් විධායකයේ තටු කැපීම හෙවත් විධායකයේ අත්තනෝමතික බලය පමණක් අහෝසි කිරීම පිළිබඳ අදහස ගෙන ආවේය. මේ ආකාරයෙන් 2014 ජුනි මාසයේ සිට සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයට සමගාමීව එහෙත් වෙනත් මගකින් ‘පිවිතුරු හෙටක්’ සංවිධානයද ඉදිරියට පැමිණෙයි.


පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගුණු ‘පිවිතුරු හෙටක්’ සංවිධානය පිළිබඳ සැලකීමේදී එහි ද ආරම්භය සනිටුහන් වන්නේ ද ජාතික හෙළ උරුමය තුළින්මය. පිවිතුරු හෙටක් යන නම යෝජනා වූයේ ද ජාතික හෙළ උරුමයේ විධායක සභාව තුළිනි. එහි ආරම්භක සාමාජික සංඛ්‍යාව 6කි. 


එම සංවිධානයේ ආරම්භක අරමුණ වූයේ සන්ධාන ආණ්ඩු පාලන යුගයේ ගොඩනැගුණු සමාජ ප්‍රශ්න පිළිබඳ මතවාද ගොඩනඟන සමාජ ව්‍යාපාරයක් හෙළ උරුමයට පිටතින් ගොඩනැඟීමය. ඒ අනුව එහි පළමු රැස්වීම කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වූවත් එය අසාර්ථක විය.


නොවැම්බරයේ ජනාධිපතිවරණය ප්‍රකාශ වීමට මාස තුනක පමණ සිට එනම් අගෝස්තුවේ සිට පිවිතුරු හෙටක් සංවිධානය විසින් දේශපාලනික කරළියට ගෙන ආ ‘19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත’ නමැති මූලික ලියවිල්ලද ජාතික හෙළ උරුමය තුළින්ම නිර්මාණය වූවකි. හෙළ උරුමය තුළ ගොඩනැගුණු බොහෝ වාද විවාදවලින් පසුව ඉහත ලියැවිල්ල නිර්මාණය වූ අතර එහිදී අනුරුද්ධ ප්‍රදීප්ගේ හා නිශාන්ත වර්ණසිංහගේ යෝජනාවක් අනුව කලක් හෙළ උරුම දේශපාලනයෙන් 
ඉවත්ව සිටි අශෝක අබේගුණවර්ධනවද ‘පිවිතුරු හෙටක්’ සංවිධානය තුළට කැඳවන ලදී. මේ අතර රතන හාමුදුරුවන් ඒකපාර්ශ්විකවම ගත් තීරණයක් අනුව පිවිතුරු හෙටක් සංවිධානය තුළට හිටපු අග්‍රවිනිශ්චයකාර සරත් එන්. සිල්වා මහතාවද කැඳවයි. නමුත් අනුරුද්ධ ඇතුළු පිරිසක් ඊට විරෝධය පැවේය. කෙසේ වෙතත් යෝජිත 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී එළිදැක්වීමේ උත්සවයට සහභාගි වූ සරත් එන්. සිල්වා මහතා ඒ පිළිබඳ දෙසුමක් ද පැවැත්වීය.


මේ සියල්ල මෙසේ සිදුවෙද්දී රතන හාමුදුරුවන්, චම්පික ඇමතිතුමා ප්‍රමුඛ ජාතික හෙළ උරුමයේ පළමු උත්සාහය වූයේ දේශපාලන වශයෙන් දිනෙන් දිනම මංමුලාවන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන ගමන්මග ඔවුන්ගේ දෘෂ්ටිකෝණයට අනුව නිවැරදි මතයට ගැනීමය. එහිදී ‘පිවිතුරු හෙටක්’ සංවිධානය මගින් රතන හිමියන් අරඹන වේගවත් ගමනේ ආරම්භක අරමුණද එයයි.
මේ අතර 2010 ට පෙර මෛත්‍රී ඇමතිතුමා කෘෂිකර්ම ඇමතිවරයා ලෙස ආරම්භ කළ වැඩ සටහන්වලදී හා 2010 න් පසුව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ආරම්භ කළ දුම්වැටි හා මද්‍යසාර විරෝධී වැඩසටහන, ඖෂධ පනත වැනි සමාජ අවශ්‍යතා පදනම් කරගත් වැඩසටහන්වලදී මෛත්‍රී ඇමතිතුමාට දිගින් දිගටම බැසිල් රාජපක්‍ෂ මහතා සමස්ත රාජ්‍ය බලයම යොදා පහර එල්ල කරද්දී රතන හිමියන්ද නිරායාසයෙන්ම මෛත්‍රී ඇමතිතුමාට සහයෝගය දැක්වීය. ඒ අතර විෂ රසායනික ද්‍රව්‍ය භාවිතය හා කැසිනෝ ප්‍රශ්නයද අමතක කළ නොහැක.


මේ අතර දුම්කොළ හා මද්‍යසාර වැඩසටහන යටතේ සිගරට් පැකට්ටුවේ රූපමය කොටස පිළිබඳ අධිකරණයේ තීන්දුව අරලියගහ මැදුර බලාපොරොත්තු වූ ආකාරයේම තීරණයක් බවට වන අදහස මේ පිළිබඳ උනන්දුවක් දැක්වූ පිරිස අතර මතවාදයක් ගොඩනැඟෙද්දී ඒ පිළිබඳ දැඩි කලකිරීමකට පත් වූ මෛත්‍රී ඇමතිතුමා සදහම් සෙවනට පැමිණ රතන හිමියන් සමග පැය කිහිපයක් ගතකළේය.


මේ වන විට රතන හිමියන් තම සංවිධානය වෙනුවෙන් සැකසූ මූලික ප්‍රතිසංස්කරණ යෝජනාවලියද සහිත රටේ සෑම දේශපාලන පක්ෂයකම නායකයන් මුණගැසීම අරඹා තිබුණි. ඒ යටතේ පළමුව ජවිපෙ මුණගැසුණු උන්වහන්සේ ඉන්පසු අවස්ථාවක එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසීම පිළිබඳ ප්‍රශ්න කළේය. ජනාධිපතිතුමා එහිදී රතන හිමියන්ගේ කෙටුම්පත් යෝජනාවලිය පිළිබඳ වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කිරීමට ප්‍රථම තමා මුණ නොගැසීම පිළිබඳ කනස්සල්ල පළ කළේය. කෙසේ වෙතත් ඉන්පසු දිනකදී රතන හිමියන් ජනාධිපතිතුමා මුණගැසුණි. ජනාධිපතිතුමා සුපුරුදු පරිදි බොහෝ විහිළු තහළු කරමින් වෙනත් දේ කථා කළද රතන හිමියන්ගේ යෝජනාවලිය පිළිබඳ ප්‍රශ්නය කථා නොකළේය.මේ අනුව අවසානයේදී රතන හාමුදුරුවෝම මේ පිළිබඳ කතිකා ආරම්භ කරද්දී ඊට ජනාධිපතිතුමාගේ ඍජු පිළිතුර වූයේ ‘දැන් ඔය එකකටවත් වෙලාවක් නෑ. ජනාධිපතිවරණයෙන් පසුව මේ පිළිබඳ කථා කළ හැකි’ බවයි. විශේෂයෙන්ම මේ ජූලි අගෝස්තු මාස මේ වන විට ජනාධිපතිවරණයක් තිබෙන බවට කටකථා පැතිරගියද ජනාධිපතිතුමාගේ මුවින් එය එළිදැක්වුණු පළමු අවස්ථාව විය.


මේ අතර 2014 වසරේදී එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම සඳහා බේරුවල පැවති වැඩමුළුවේදී රතන හිමියන් තමා විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිසංස්කරණ යෝජනාවලිය පිළිබඳ යම් අදහසක් ප්‍රකාශ කළද ඊට රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා ඇතුළු පිරිසක් විරෝධය දැක්වීය. කෙසේ වෙතත් ජනාධිපතිතුමාගේ මැදිහත්වීම තුළ උන්වහන්සේට එම අදහස් දැක්වීම ඉදිරියට කරගෙන යාමට එහිදී හැකිවිය.


බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ශාලාව තුළ සංවිධානය කළ ‘පිවිතුරු හෙටක්’ දෙවන රැස්වීම සංවිධානය කිරීමට රතන හිමියන්ට චිත්ත ධෛර්යය ලැබෙන්නේ මෙම සිද්ධියෙන්  පසුවය. එම රැස්වීම සඳහා රතන හිමියන් රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කිරීමට ගත් තීරණයට පළමු අවස්ථාවේදී හෙළ උරුමය එතරම් එකඟ නොවුණ නිසාම රතන හිමියන් බැසිල් රාජපක්‍ෂ ඇමතිතුමා මුණගැසී මෙම රැස්වීමේ සමබරතාව රැකීම සඳහා ඊට එක්වන ලෙසට ආරාධනා කළේය. මේ අනුව සෝභිත හිමියන්, රනිල් වික්‍රමසිංහ මහතා, බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා, වමේ නායකයන් සමග ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරු පිරිසක් ඇතුළුව සම්පූර්ණ ශාලාව පිරී යන ජන සහභාගිත්වයක් එම රැස්වීම තුළ දැකගත හැකිවිය.


මෙම රැස්වීමේදී රතන හිමියන් සිය කථාව අවසන් කරමින් නව සංවිධානය ඉදිරිපත් කර ඇති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට එකඟතාව පළ නොකොට හදිසි ජනාධිපතිවරණයකට ජනාධිපතිතුමා එළැඹුනහොත් “එහිදී අපි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරද්දවනවා, පරද්දවනවා, පරද්දවනවාමයි” යනුවෙන් ස්ථිරසාරව දැඩි අධිෂ්ඨානයකින් යුතුව ප්‍රකාශ කරද්දී සහභාගි වී සිටි පිරිසගෙන් ලැබුණු උද්යෝගිමත් අත්පොලසන් නාදය විනාඩි කිහිපයක්ම පැවතුනි. විශේෂත්වය නම් එම සභාවේ බැසිල් ඇමතිතුමාද සිටීමය.


සකස් කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

විපක්‍ෂයේ පසුබෑමට රතන හිමිගෙන් අධිවේගයක්

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site