IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මෛත්‍රී රනිල්ගෙන් මහින්දට තල්ලුවක්

 

ශ්‍රී.ල.නි.ප.ය මෛත්‍රී - මහින්ද පිල් වශයෙන් රට ඉදිරියේ දෙකට බෙදෙන්නේ ද ඒ අවසරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන් තුළ මෛත්‍රී ජනාධිපතිතුමා කෙරෙහි යම් වෛරීසහගත සිතිවිල්ලක් ගොඩනගන්නේ ද ජාතික ආණ්ඩුව දඩමීමා කරගනිමිනි.


2010 මහ මැතිවරණයෙන් එ.ජ.නි.ස.ට මන්ත්‍රීවරු 144ක් හිමි වූ අතර පසුව ආණ්ඩුවට එක් වූ එ.ජා.ප. මන්ත්‍රීවරුන් සමඟ ගත් විට එම සංඛ්‍යාව 158ක් විය. ඒ අය අතරින් ශ්‍රී.ල.නි.ප.යේ 7 දෙනකු ජනවාරි 8 වන විට පක්ෂය හැර ගොසින්ය. ඊට අමතරව මුස්ලිම් කොංග්‍රසය හා රිෂාඞ් බදියුදීන්ගේ මන්ත්‍රීවරු පිරිස හැරුණු විට තවත් මන්ත්‍රීවරු 142ක් පමණ ජනාධිපතිවරණයෙන් පසුව ද සන්ධානය තුළ ඉතිරිව සිටියහ. එතැන් සිට ජාතික ආණ්ඩුවේ ඇමතිකම් ලැබූ පිරිස මෛත්‍රී පිල ද නොලැබූ පිරිස මහින්ද පිල ද ලෙස රට හඳුනා ගත්තේය. සැබැවින්ම මෙම බෙදීම පක්ෂයට අවැඩකි. දින 100 ආණ්ඩුව තුළ මෙම බෙදීම සිදු නොවුණා නම් සන්ධානය තුළ සිටි බහුතර ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු ක්‍රමයෙන් මෛත්‍රී ජනාධිපතිතුමා වෙතට පැමිණෙනු ඇත. ඒ අවසරයෙන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද සම්මත කරගත හැකිවනු ඇත. දින 100 ආණ්ඩුව තුළට ශ්‍රී.ල.නි.ප.යෙන් කොටසක් සම්බන්ධවීම අවැඩක් බව ප්‍රත්‍යක්ෂ වන්නේ අගෝස්තු 17 මහ මැතිවරණ ප්‍රතිඵල හා එහි මනාප ඡන්ද සංඛ්‍යා විමසා බැලීමෙනි. කෙසේ වෙතත් අශෝක අබේගුණවර්ධන මහතා ‘යුග පෙරළිය’ කෘතියේ දී පවසන්නේ දින 100 ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් බවට පත්කිරීමේ මූලික අදහස ජනාධිපතිතුමාට ලබා දුන්නේ තමා විසින් බවයි.


දින 100 ආණ්ඩුව තුළට ශ්‍රී.ල.නි.ප.ය සම්බන්ධවීම තුළ ඊට සමඟාමීව මහින්ද රාජපක්ෂ පාර්ශ්වය යළි හිස එසවීම තවත් ආකාරයකටද විග්‍රහ කළ හැකිය. එනම්, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයකු තම පක්ෂය නිර්වචනය කරනු ලබන්නේ රටේ අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට ප්‍රතිවිරුද්ධ එමෙන්ම විකල්පයක් විය හැකි සම්ප්‍රදායිකව එ.ජා.ප.යේ පරමසතුරු දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙනි.
ශ්‍රීලනිපය මෛත්‍රී - මහින්ද පිල් වශයෙන් රට ඉදිරියේ දෙකට බෙදෙන්නේ ද ඒ අවසරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයන් තුළ මෛත්‍රී ජනාධිපතිතුමා කෙරෙහි යම් වෛරීසහගත සිතිවිල්ලක් ගොඩනඟන්නේද ජාතික ආණ්ඩුව දඩමීමා කරගනිමිනි.


අනෙක් අතට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පොදු අපේක්ෂකයා වශයෙන් ක්‍රියා කර ජනාධිපති ධුරයට තේරීපත්වන ක්‍රියාවලිය තුළ පරාජිත ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයාට යම් වේදනාවක් ගොඩනැඟීම අතිශය සාධාරණය. ජනවාරි 14 වැනිදා කතානායකතුමාගේ නිල නිවසේ දී එලෙස සුහදව ශ්‍රී.ල.නි.ප.ය මෛත්‍රී ජනාධිපතිතුමාට භාර දුන් මහින්ද රාජපක්ෂ මහතා ඉන් ටික දිනකට පසුව යළි සක්‍රීය වන්නේ ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයාගේ මෙම මානසික සංකීර්ණතාව තුළිනි. පක්ෂය භාර දෙන දිනයේ රාජපක්ෂ පවුලේ සියලු දෙනාම සමඟ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු සියලු දෙනාම මෛත්‍රී ජනාධිපතිතුමා ඉදිරියට යම් කාලසීමාවක් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සහයෝගයෙන් ආණ්ඩු කරනු ඇති බව පැහැදිලිවම දැන සිටියහ. පක්ෂය භාර දෙන එම සාකච්ඡාවේ දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් මෛත්‍රී ජනාධිපතිතුමා ඉදිරියෙහි නොනැඟු ප්‍රශ්නයක් ඇත. එනම්, ශ්‍රී.ල.නි.ප.ය භාරගත් පසු ද තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සහයෝගයෙන් ආණ්ඩුකරන්නේ ද නොකරන්නේද යන ප්‍රශ්නයයි. 


මන්දයත් පන්සල්යාම ආරම්භ කළ මහින්ද රාජපක්ෂ මහතා සමඟ එම පිල ශ්‍රී.ල.නි.ප පාක්ෂිකයා හා මෛත්‍රී ජනාධිපතිතුමා අතර ඉහත ගොඩනැඟී තිබූ එම මානසික සංකීර්ණය තවදුරටත් වර්ධනය කරනු වස් මෛත්‍රී ජනාධිපතිතුමා ‘එ.ජා.ප අලියාගේ වලිගයේ ශ්‍රී.ල.නි.ප.ය ගැටගසා ඇතැයි සාටෝපවත් අයුරින් ප්‍රකාශ කළහ. තවද, අනෙක් අතට ජනාධිපති ධුරයට පත්වී දින 5 ක් තුළ ශ්‍රී.ල.නි.ප.ය මෛත්‍රී ජනාධිපතිතුමාට හිමිවීම හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා ද එම අභියෝගයට සාර්ථකව මුහුණදීමට ගත යුතු ඉදිරි දේශපාලන විකල්පයන් පිළිබඳ අවධානය යොමු කිරීම අතිශය සාධාරණය.

 

සත්‍යවශයෙන්ම දින 100 ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් බවට පත් වීම හමුවේ ශ්‍රී.ල.නි.පය මෙලෙස මෛත්‍රී - මහින්ද යනුවෙන් පිල් දෙකකට බෙදීම දේශපාලන ඛේදවාචකයක් බඳුය. සැබවින් ම එය ශ්‍රී.ල.නි.ප.ය සම්බන්ධයෙන් ඓතිහාසික අත්වැරදීමකි :්‍යසිඑදරසජ්ක ඵසිඒනැ* නැතහොත් දේශපාලන වශයෙන් ආතක් පාතක් නොමැතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාට එය දේශපාලන අත්වැලක් බඳු විය. 


9 වැනිදා අලුයම පරාජයත් සමඟම අරලියගහ මැදුරට සම්බන්ධ බොහෝ දෙනා ජනාධිපතිතුමාගේ පරාජයට වගකිවයුත්තේ කවුරුන්දැයි එකිනෙකා පරයා ප්‍රශ්න කරන්නට විය. එහි දී තැනින් තැන මුවින් මුව අරලියගහ මැදුර තුළ මෙන්ම පසුව රට පුරාද මතවාදී ලෙස විශාල පිරිසකගේ නම් ලැයිස්තුවක් පරාජයේ හේතුකාරක ලෙස ඉදිරිපත් වන්නට විය. ඒ අතරින් නෙවිල්, සජින් හා කපිතාන් තිස්ස සමඟ රාජපක්ෂ පවුලේ අයගේ නම් ද ඉදිරියට පැමිණියේය. මෙහි පළමු තිදෙනා අතරින්ද නෙවිල් ප්‍රධාන චූදිතයෙක් විය. රටක් වශයෙන් ඒ වන විට සජින්ගේ ක්‍රියාකලාපයද ප්‍රතික්ෂේප කර හමාරය.


යම් විෂයයක් සම්බන්ධයෙන් ලෝකයේ සිටින ප්‍රබුද්ධ ම ප්‍රාඥයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරියට පැමිණ ජාතික වටිනාකමක් ඇති යම් දෙයක් පවසයිද, එය ජනාධිපතිතුමා පිළිගත්තද ඈත සිට එය අසා සිටින නෙවිල්, අරලියගහ මැදුරේ සිට කොටුව මන්දිරයට යන දුර ප්‍රමාණය හා වේලාව තුළ ජනාධිපතිතුමාගේ සිත වෙනස්කර නෙවිල්ගේ මතය ජනාධිපතිතුමාගේ අවසන් මතය බවට පරිවර්තනය කරනු ලබන බව අරලියගහ මන්දිරය තුළ ප්‍රකට කරුණකි. අධිවේගී මාර්ගයේ දිවෙන සුඛෝපභෝගී බස් රථ ගණනාවක හා ඉන්ධන පිරවුම්හල් ගණනාවක හිමිකරු වන ඔහු තවත් ව්‍යාපාර ගණනාවකම හිමිකරුය. 


මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වසර 9 ක පාලන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගත් ඔහු වෙනුවෙන් ඕනෑම නිලධාරියකුට කතාකොට නෙවිල්ගේ අවශ්‍යතාව ඉටුකර දීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම පිළිබඳ අරලියගහ මැදුරට සම්බන්ධ බොහෝ දෙනකු සිටියේ නොසතුටිනි. ඔහු තමන්ට අහිතවත් සියලු දෙනාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ විරසක කරවීමට ක්‍රියා කළ අතර ඇමතිවරු පවා නෙවිල් ඉදිරියේ සිටියේ එකත්පස්වය. බොහෝවිට ජනාධිපතිතුමාට කතා කිරීමට උත්සාහ කරන මැති ඇමතිවරු අවසානයේ නෙවිල්ට හෝ කතා කිරීම තුළින් සතුටක් ලැබූහ.


මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පරාජය පිටුපස සිටි මහා ටැඹක් ලෙස අරලියගහ මැදුර විසින්ම නම් කළ තවත් ප්‍රධාන චරිතයකි සජින් ද වාස් ගුණවර්ධන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේම දරුවකුට මෙන් සජින්ට ද සැලකීය. ජනාධිපතිතුමාගේ නිදන කාමරයට යා හැකි තවත් එක් පුද්ගලයෙකි ඔහු. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ මග නැඟුම ප්‍රධාන විධායක ලෙස ඉපයීම් ආරම්භ කළ ඔහුට මිහින් ලංකා ආයතනයද භාර දුන්නේය. රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයේ දී ඇරඹි එම මිහින් ලංකා සමාගම එහි පළමු වසර 2 තුළ ම මහා පරිමාණයේ අලාබ ලැබූ ආයතනයක් බවට පත් විය. 


ජනාධිපතිතුමාගේ විදේශ සංචාර සිදු වන්නේ සජින් වාස්ගේ අභිමතයට අනුවය. ජනාධිපති ලේකම් කාර්යාලයේ නොනිල බලවතා ඔහුය. 2009 න් පසුව යුද අපරාධවලට ගොදුරු වූ රටක් ලෙස ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීරණය කළේද සජින් විසිනි. අරලියගහ මැදුරේ තොරතුරුවලට අනුව ශිරන්ති රාජපක්ෂ ආර්යාවගේ නම විකිණීම තුළින් බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් සිදු වූ අතර ඒ පිටුපස ද සිටියේ සජින් ද වාස් ගුණවර්ධනය. විශේෂයෙන්ම ජනාධිපතිතුමා හා ආර්යාව අතර යම් සිද්ධියක් සම්බන්ධයෙන් පරස්පර අදහසක් පැමිනි කල ඒ මැදට පැමිණියේද සජින් බව අරලියගහ මැදුර තුලින් කියැවේ. ඒ අනුව අවසන් තීරණය ඔහුගේමය. සජින් විසින්ද යමක් ජනාධිපතිතුමාට කියූ කල එය පරම සත්‍යයක් සේ ජනාධිපතිතුමා පිළිගත්තේලු. දෙවන මත විමසුමක් නැත. එම පාලනයේ වසර 9 ක කාලය තුළ සජින් වාස් තුළින් විද්‍යාමාන වූ ඒ මහා බලපරාක්‍රමයෙහි පදනම ශිරන්ති රාජපක්ෂ ආර්යාවත් සමඟ තිබූ විශ්වාසනීයත්වයයි. 


සරලව පවසතොත් සජින් යනු එම පාලන යුගයේ ධන නිධානයකි. ඒ අතරම එකල අරලියගහ මැදුරේ තිබූ තවත් ප්‍රවාදයක් වූයේ ‘මැඩම්ගේ ප්‍රොජෙක්ට් එකකට සෙට්වෙන්න පුළුවන් නම් ජීවිතේ ගොඩ’ යන අදහසයි. කෙසේ වෙතත් මැඩම්ගේ මූල්‍ය කළමනාකරණය ‘ැරද ලෙවල්ය. ඉන් වඩාත්ම ප්‍රයෝජන ගත්තේ සජින් වාස් බව කියැවේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නීතිය ක්‍රියාත්මක කිරීමේදී මැති ඇමතිවරුන්ගේ සිට පහළට විවිධ ප්‍රමිතීන්ට අනුව නීතිය ක්‍රියාත්මක කළ අතර  නෙවිල් හා සජින් වැනි අය නීතියේ රැහැනින්  සම්පූර්ණයෙන්ම මුදවාලීය.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : ඉෂාන් සංජීව



අදහස් (0)

මෛත්‍රී රනිල්ගෙන් මහින්දට තල්ලුවක්

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site