IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මැතිවරණයේදී ඝාතනය කළ මෙක්සිකෝවේ මාධ්‍යවේදියා

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන 09

 

 

ආන්දෝලනාත්මක මාධ්‍ය ඝාතන පිළිබඳ විමර්ශන සිදුවන මෙවැනි දේශපාලන මොහොතක සිය මාධ්‍ය මෙහෙවර නිසාම අකාලයේ ජීවිත පූජා කළ ලෝක පූජිත සහෘදයන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අපි සිතුවෙමු. ඒ පසුගිය වසරේ පමණක් ලොව පුරා සේවයේ යෙදී සිටි ජනමාධ්‍යවේදීන් සහ මාධ්‍ය ක්‍රියාකාරිකයන් 94 දෙනෙකු ඝාතනයට ලක්වූ බැවිනි. පසුගිය වසරේ පැවැති මෙක්සිකෝ මැතිවරණයද මෙහිදී දැඩි කතාබහකට ලක්වූවකි. සියයකට අධික දේශපාලන ක්‍රියාකාරිකයන් සංඛ්‍යාවක් මිය ගිය මෙම මැතිවරණයේදී, දහසකට අධික පිරිසක් මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වූ අතර ඔවුන්ට එල්ල වූ අඩන්තේට්ටම් ඊට හේතුවයි. ප්‍රබල මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වූ ජෝස් ග්වාඩාලු_පේ ද මැතිවරණය දා සන්ධ්‍යාවේ ඝාතනයට ලක්වූ අපේ සහෘදයෙකි. 


අපරාධ, හදිසි අනතුරු සහ මෙක්සිකෝ දේශපාලන තත්ත්වය පිළිබඳ වාර්තා කරන ඩිජිටල් පුවත්පතක වූ ීැප්බ්රසද ඡක්හ් භැඅි පදිඑකහ හි වාර්තාකරුවෙකු ලෙස කටයුතු කළ ග්වාඩාලුපේ, ඒ වන විට ආරක්ෂාව හා සම්බන්ධ පුවත් වාර්තාකරණයේ විශේෂඥයෙක් ලෙස ප්‍රකට විය. 


පසුගිය වසරේ ජුලි මස 05 වැනිදා කැන්කන්හි පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථානයකදී හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් සිදුකරන ලදැයි සැලකෙන මෙම ඝාතනය, ඔහුගේ මාධ්‍ය කටයුතු හේතුවෙන් සිදුකරන ලද්දක්දැයි මෙතෙක් බලධාරින් නිල වශයෙන් දැනුම් දී නොමැති අතර මෙක්සිකානු නිදහස් මාධ්‍යවේදීන් වෙනුවෙන් සහාය දක්වන ්රඑසජකැ 19 නම් සංවිධානයේ නීතිඥ ඩියාගෝ මාටිනස් පැවසුවේ ග්වාඩාලුපේ ගේ ඝාතනයට පෙර දෙවරක්ම ඔහු වෙත මරණ තර්ජන පැමිණ ඇති බවයි. බීබීසී පුවත් සේවයට වැඩිදුරටත් අදහස් දක්වමින් නීතිඥ මාටිනස් පවසා සිටියේ ග්වාඩාලුපේ විසින් ලියා පළ කරන ලද ලිපි දෙකක් හේතුවෙන් ඔහු මෙම මරණ තර්ජනවලට ගොදුරු වූ බවත්, ඒ බව සති තුනකට පෙර ඔහුගේ ආයතන ප්‍රධානී රූබට් පැට් වෙත දැනුම් දී තිබූ බවත්ය. එහෙත් හඳුනා නොගත් පුද්ගලයෙකු විසින් එල්ල කරන ලදැයි සැලැකෙන වෙඩි පහරකට රූබන් පැට්ද ගොදුරු වූයේ ග්වාඩාලු_පේ මියගොස් මසක් යන්නටත් මත්තෙනි.


මේ අනුව ලොව තෙවැනි වැඩිම මාධ්‍යවේදීන් සංඛ්‍යාවක් ඝාතනය වූ රට ලෙස මෙක්සිකෝව ලැයිස්තුගත වී ඇති අතර ඔවුන් තෙවැනි වන්නේ සිරියාවට සහ ඇෆ්ගනිස්ථානයට පමණි. කෙසේ වෙතත් මැතිවරණ හේතු මුල්කර ගනිමින් ඝාතනයට ලක්වූ වැඩිම ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව මෙක්සිකෝවෙන් වාර්තා වීම කැපී පෙනේ. 


විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි මෙක්සිකානු ජනාධිපති එන්රික් පෙනා නියෝටාගේ වසර හයක පාලන කාලය ඇතුළත ජනමාධ්‍යවේදීන් 43 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර ඔහුගේ අවසන් වසරේදී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන් සංඛ්‍යාව සටහන් වන්නේ 12ක් ලෙසිනි.  


එහෙත් තවමත් යුක්තිය ඉටු වී නොමැති මේ සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට  මෙක්සිකානු පොලීසිය අසමත් වී ඇත. 

 

 

 


මාලන් විදානපතිරණ
ඡායාරූප : අන්තර්ජාලයෙනි



අදහස් (0)

මැතිවරණයේදී ඝාතනය කළ මෙක්සිකෝවේ මාධ්‍යවේදියා

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site