මැණික් වෙළෙඳාමට තුවක්කු සම්බන්ධ වන්නේ කෙසේදැයි අපි නොදනිමු. එහෙත් බේරුවල ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකු සතුව තිබූ ස්වයංක්‍රීය ගිනි අවියක් අැතුළු ගිනි අවි 13ක් සොයාගනු ලැබීමේ පුවත දැකීමෙන් මැණික් වෙළෙඳාමත් ගිනිඅවිත් අතර කිසියම් සම්බන්ධයක් ඇතැයි කෙනකුට සැකපහළ වීමට ඉඩ තිබේ. ගිනිඅවි පමණක් නොව ඒවාට යොදන උණ්ඩ 1500ක් ද ඔහුගේ සුවිසල් මැඳුරේ තිබී සොයාගැනීම එවැනි සැකයක් පවතී නම් එය තවදුරටත් වර්ධනය කිරීමට හේතු වෙයි.
අපගේ ලංකාදීප පුවත්පත පසුගිය සඳුදා (10) සිය ප්‍රධාන පුවතින් හෙළිකර තිබුණේ බේරුවල ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවෙසේ සඟවා තිබූ පාකිස්තානයේ නිෂ්පාදිත ගිනිඅවි 13ක් සමඟ උණ්ඩ 1500කට අධික ප්‍රමාණයක් මතුගම කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙන බවය. අසීමිත මුදල්, අනවසර ගිනිඅවි සමඟ ඊළඟට කියැවෙන නමක් වෙන්නේ මත්කුඩුය. මේ වැටලීමේදී එයද සනාථ කරමින් හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 20ක් ද පොලීසියට එහිදී සොයාගත හැකිව තිබේ. වැඩේ ඉතාම බරපතළ බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත.
ගිනිඅවියක් කෙනකු අතදරන්නේ, ළඟ තබාගන්නේ කුරුල්ලන්ට වෙඩි තැබීමට නොවේ. එවැනි පුද්ගලයන් ද සිටිය හැකි නමුත් සෙල්ලම් තුවක්කුවක් හැර වෙනත් ප්‍රබල ගිනිඅවි කෙනකු තම සන්තකයේ තබාගන්නේ එක්කෝ වන සතුන් වෙඩි තබා මරාදැමීමටය. නැතහොත් මිනීමැරීමටය. එසේම මිනීමරු පාතාල කල්ලිවලට ගිනිඅවි කුලියට දෙන අලෙවි කරන පිරිසක් ද මේ රටේ වෙසෙති. එයද මැණික් වෙළෙඳාම තරම්ම අධික ලාබ ගතහැකි ව්‍යාපාරයකි. එකම වෙනස මැණික් වෙළෙඳාම දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වැදගත් නීත්‍යනුකූල ව්‍යාපාරයක් වනවිට පාතාලයට අවි විකිණීම හෝ කුලියට දීම නීතිවිරෝධී බරපතළ අපරාධයක් වීමය. බේරුවල මැණික් ව්‍යාපාරිකයා මේ දෙකම කරගෙන යමින් නීත්‍යනුකූලව සහ නීතිවිරෝධීව යන දෙආකාරයටම මුදල් හම්බ කළාදැයි සෙවීම පොලීසියට බාරය. සාර්ථක වැටලීමක් සිදුකර තිබෙන මතුගම කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයට ඒ කාරණා ටික සොයාගැනීම අපහසු නොවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
අදාළ මැණික් ව්‍යාපාරිකයා පොලීසියට කොටු වී තිබෙන්නේ සඟවා තබාගත් ගිනිඅවි පිළිබඳව ඔත්තුවකට නොව ගෝනකු මරාගෙන සුඛෝපභෝගී මොටර් රථයකින් පැමිණෙන පුද්ගලයකු පිළිබඳව ලැබුණු ඔත්තුවකට අනුව සිදුකළ වැටලීමේදීය. ඔත්තුව හරියටම ලැබීම හේතුවෙන් බදුරලිය, ලත්පඳුර ප්‍රදේශයේදී වාහනය සමඟ සැකකරුවෝ දෙදෙනා කොටුකරගනු ලැබූහ. වාහනයේ ඩිකියේ මරා දැමූ ගෝනාද, එම සත්ව ඝාතනය සිදුකිරීමට යොදාගන්නා ලද බෝරදොළහේ ගිනිඅවිය සහ පතරොම් ද ජීව උණ්ඩ ද සොයාගැනීමට හැකිව තිබේ. ගෝන මස් සමඟ රසවත් කෑමක් වෙනුවට සිරබත් කෑමට සැකකරුවන්ට සිදුව ඇත්තේ පොලීසියේ වැටලීම හේතුවෙනි. එසේම නිවෙසේ සඟවා තබාගෙන තිබූ ඉතිරි ගිනිඅවි සොයාගැනීමට හැකිවී තිබුණේ පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් පසුවය. කිසිදු බලපෑමකට යටනොවී මේ වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන්ට අපගේ ප්‍රශංසාව හිමිවෙයි.
සොයාගත් ගිනි අවි අතර තිබූ එක් අවියක් ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් බවටද හඳුනාගෙන තිබේ. මෙය අයිතිකරු දැනට ද සිටින ප්‍රභූ පුද්ගලයකු නම් මේ සැකකාර ව්‍යාපාරිකයා බේරා ගැනීමට පොලීසියට මේ වනවිට දුරකතන ඇමතුම්වලින් බේරුමක් නැති තත්ත්වයක් ඇතිවීමට ද තිබේ. ප්‍රභූ ආරක්ෂක ගිනි අවිය තමන්ට ලැබුණේ මියගිය පියාගෙන් යැයි සැකකරු පවසා තිබිණි. එහෙත් මේ ගිනිඅවිය මැණික් වෙළෙන්දකුගේ නිවෙසේ අවි ගබඩාවකට පැමිණීමට විශේෂ හේතුවක් තිබිය යුතුය. එය සොරකම්කොට අංකය මකනලද එකක් නොවේ නම් එහි අයිතිකරු කවුදැයි හඳුනාගැනීම ප්‍රභූ ආරක්ෂක බළකායට අමාරු නැත. එවැනි තොරතුරු හැකි ඉක්මනින් සොයාගැනීම මේ අවි ගබඩාවේ සෙසු අයිතිකරුවන් කවුදැයි හඳුනාගැනීමට උපකාරී වනු ඇත.
අප මුලින්ම සඳහන් කළාක් මෙන් මැණික් වෙළෙඳාමත් අවි ගබඩාවක් තබා ගැනීමත් අතර පවතින සම්බන්ධතාව වහාම හෙළිකර ගැනීම අවශ්‍යය. විනෝදයට දඩයමේ යාමත් අහිංසක සතුන් මරා දැමීමත් පුරුද්දක් වශයෙන් කරන සල්ලිකාරයන් මේ රටේ සිටින බව රහසක් නොවේ. එහෙත් එසේ සතුන් දඩයමේ යාමට වුවද අවි ගබඩාවක් පවත්වා ගැනීමට අවශ්‍ය නැත. එසේ නම් මොහු මේ ගිනිඅවි පාතාලයේ කොන්ත්‍රාත් මිනීමැරුම් සඳහා කුලියට හෝ සින්නක්කරවම ලබාදෙන පුද්ගලයකු විය හැකි යැයි සාධාරණ සැකයක් මතුවෙයි. නැතහොත් වෙනත් බරපතළ අපරාධ සඳහා ඔහුම යොදාගන්නවා විය හැකිය. එසේත් නැත්නම් විනෝදාංශයක් වශයෙන් ගිනිඅවි සහ ජීව උණ්ඩ එකතු කරන පුද්ගලය වියහැකිය. එවැනි විනෝදාංශයක අවසානය සිරගෙදරය. ඒ බව දැන දැනත් එය සිදුකරන පුද්ගලයෝ නම් විරල වෙති. වහාම මේ පුද්ගලයාත් ගිනිඅවි ගබඩාවත් අතර පවතින සම්බන්ධතාව හෙළිකර ගැනීම අවශ්‍ය වන්නේ එබැවිනි. ලංකාවේ දෙවැනියට ලොකුම මත්කුඩු තොගය ගොඩබෑමට නියමිතව තිබුණේ ද බේරුවලට බවත් මෙහිදී සිහිපත් කිරීම අවශ්‍යය. මත්කුඩු ජාවාරම සහ ගිනිඅවි අතර ඇත්තේ ගහට පොත්ත මෙන් දැඩි සම්බන්ධයකි.
පාතාලයට සම්බන්ධකම් පවත්වන සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් දුන් නියෝග හේතුවෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට උත්සාහ කිරීමක
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා සියලු දරුවන්ට පාසලේ දී ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ වැඩපිළිවෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන
රටක ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටෙමින් පවතී නම් එවැනි රටක සංවර්ධනය පිළිබඳ කොතරම් පුරාජේරු කතා කිව්වත් පලක් නැත. ඒ මක්නිසාද යත් ඉදිකිරීම් කර්මාන්තය සමත
කතානායකට එරෙහි විශ්වාසභංගය, අලුත් සන්ධානය, ආණ්ඩුවේ ගමන, කෝප් කමිටුවෙන් ඉවත්වීම යනාදී කරණු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සමග කළ ස
සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයකට පත්ව සිටින සභාපතිවරුන් එම තනතුරු අතහැර යන්නේ ආණ්ඩු වෙනසකින් පසුවය. ඇතැම්විට අමාත්‍යවරයා වෙනස්වීමෙන් පසුව ද සමහර සභාපත
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලය මගින් පසුගියදා සම්මත කරගනු ලැබීය. එවැනි සංශෝධනයක් සඳහා පිඹුරුපත් සකසන බව සඳහන් මාධ්‍ය ව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැණික් මුදලාලිගේ නිවෙස අවි ගබඩාවක්වීමේ රහස
Lal Friday, 14 December 2018 01:47 PM
ඒ වුණාට රනිල් නැවත බලයට පැමිණි විගස මැනික් මුදලාලී ගොඩ.