IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහින්දගේ කඩවුණු පොරොන්දු

 

කෙසේ වෙතත් පක්‍ෂයේ සභාපතිනිය වශයෙන් චන්ද්‍රිකා මැතිනිය මහින්ද රාජපක්‍ෂ මහතා හට නාමයෝජනා ලබාදීමට ක්‍රියා කළාය. තවද ඇය ජනාධිපතිනිය ලෙස දිස්ත්‍රික්කයකට  එක බැගින් ප්‍රධාන රැස්වීම් 15කට මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්ව සහභාගි වීමටද එකඟ වූ අතර ඒ අනුව පළමු රැස්වීම් දෙකටද සහභාගි වී මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණයට ආශිර්වාද කළාය. එහෙත් චන්ද්‍රිකා මැතිනිය නොඉවසූ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ හිතවතුන් දෙතුන් දෙනෙක් මහින්ද - චන්ද්‍රිකා සුසංයෝගය බිඳ දැමූ 2005 ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව පැවති පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීමේදී චන්ද්‍රිකා මැතිනිය මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා අමතා කියා සිටියේ ‘මම ඔයාට නාමයෝජනා ලබාදුන්නේ ඔයාව පරද්දන්න නොවේ. ඔයාට දිනන්නයි මම ඒ අවස්ථාව ලබාදුන්නේ’ තවද ඇය එහිදී ඉල්ලීමක් කරමින් “මටත් යම් වගකීමක් දෙන්න ක්‍රියාකාරීව කටයුතු කරන්න” යනුවෙන් පැවසීය.


2005 ජනාධිපතිවරණය සඳහා ශ්‍රීලනිපය ජනාධිපති අපේක්ෂකයා ලෙස එවකට මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමා නම්කිරීම හා ප්‍රකාශයට පත්කිරීම ගැටුම් හා අර්බුද මධ්‍යයේ වුවත් අවසානයේ එය ඉතා සාමකාමී අයුරින් සිදුවිය. මෙලෙස ප්‍රකාශයට පත්කිරීමට අදාළ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජනාධිපති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගේ නම පළමුව යෝජනා කරන ලද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින්මය. එය ස්ථිර කරනු ලැබුවේ ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමතිතුමා විසිනි. එම විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම අවසන් වී එදින රාත්‍රියේ ජනාධිපතිනිය මංගල සමරවීර මහතාට ප්‍රකාශ කළේ “මම හිතුවට වඩා හොඳ ආකාරයට මේ බල හුවමාරුව සිද්ධවුණා. මට ඒ වෙලාවේ දැනුණේ අපේ අම්මයි තාත්තයිත් ඒකට ආශිර්වාද කළා කියලා” යනුවෙනි. ඒ ඉතා සතුට පිරි මුහුණින් යුතුවය. එපමණක් ද නොව, මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ජනාධිපතිවරණ මෙහෙයවිය යුතු ආකාරය පිළිබඳව ද ආරම්භයේදී එතුමිය ඉතා උනන්දුවෙන් කටයුතු කළාය. නමුත් මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලද විගස මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමා චන්ද්‍රිකා මැතිනිය සමග එතෙක් ගොඩනඟාගෙන තිබූ හොඳ හිත හිතාමතා මෙන් පළුදු කරගත් බව තතුදත් සමහරකුගේ අදහසයි.


කෙසේ වෙතත් පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කිරීමෙන් අනතුරුව දිනක් පාර්ලිමේන්තුවේ දී මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමා මංගල සමරවීර ඇමතිතුමා මුණගැසී කියා සිටියේ “මංගල මට ඔයයි කදිර්ගාමර් ඇමතිතුමයි එක්ක පොඞ්ඩක් කතා කරන්න ඕනැ වෙලා තියෙනවා” යනුවෙනි. ඒ අනුව මෙම සාකච්ඡාව සඳහා කදිරගාමර් ඇමතිතුමාගේ නිල නිවස ස්ථානය වශයෙන් යොදාගැනුණු අතර ඒ වන විට එතුමාගේ ආරක්‍ෂාව පිළිබඳ දැඩි අවදානමක් මතුව පැවති නිසාම ඔහු පාර්ලිමේන්තුවට පවා පැමිණියේ ඉඳහිටය. මේ අනුව එම සාකච්ඡාව සඳහා අගමැතිතුමා පැමිණියේ සජින් වාස් සමග වුවත් මෙම තිදෙනාගේ සාකච්ඡාවට සජින් සහභාගි වූයේ නැත. එම සාකච්ඡාවේදී මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමා ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීම සඳහා මංගල සමරවීර හා කදිරගාමර් ඇමතිතුමාගෙන් සහයෝගය ඉල්ලා සිටියේය. ඊට ඔවුන්ගේ පිළිතුර වූයේ “පක්ෂය දැනටමත් ඔබතුමා නම්කර ඇති තත්ත්වය තුළ එම  සහයෝගය උපරිම වශයෙන් ලැබෙනවා” යනුවෙනි. තවද එහිදී මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමා කියා සිටියේ අගමැතිවරයා පත්කිරීමේ ප්‍රශ්නයේ දී තමාගෙන් කදිර්ගාමර් ඇමතිතුමාට යම් අසාධාරණයක් සිදුවූ බව තමා පිළිගන්නා බවත් එම නිසාම තමාට ජනාධිපති ධුරයට පත්වීමට අවස්ථාව උදාවුවහොත් අගමැති ධුරයට කදිරගාමර් මහතා පත් කිරීමට තමා තීරණය කර ඇති බවත් ය. එවිට කදිරගාමර් ඇමතිතුමාගේ අදහස වූයේ තමාගේ වයස දැනටමත් 74 ක් බවත් වසර අවසානයේ තමා දේශපාලනයෙන් විශ්‍රාම ගොස් තම අත්දැකීම් එක්කර පොතක් ලිවීම ඇතුළු වෙනත් සැලසුම් කිහිපයක් ඇති බැවින් තමාට අගමැති ධුරය අනවශ්‍ය බවත්ය. එහෙත් තමාගේ හොඳම මිතුරා වන මංගල හොඳින් බලාගන්නා ලෙසත් කදිරගාමර් මහතා මහින්ද රාජපක්‍ෂ අගමැතිතුමාට පැවසීය.


එය අසා සිටි අගමැතිතුමා එවිට ප්‍රකාශ කළේ “ඔබතුමා අගමැතිකම ගන්නැත්නම් මම මංගලට නොදී කාට දෙන්නද?” යනුවෙනි. එහෙත් ඊට පිළිතුරු දුන් මංගල සමරවීර මහතා තමාටද අගමැතිකම පිළිබඳ සිහින ඇතත් ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුව අගමැති ධුරය අනුර බණ්ඩාරනායක මහතාට ලබාදීම මෙම අවස්ථාවේදී සුදුසුම ක්‍රියාමාර්ගය බව පෙන්වා දුන්නේ විශේෂයෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ජනාධිපති අපේක්ෂකත්වය ලබාදෙන අවස්ථාවේදී චන්ද්‍රිකා මැතිනිය හා මහින්ද රාජපක්‍ෂ මහතා අතර වූ එක් එකඟතාවක් වූයේ අගමැති ධුරයට අනුර පත්කළ යුතු බව වූ නිසාය.


මේ අතර ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ආරම්භයේදීම ‘කැම්පේන් මැනේජර්’ තනතුරට මංගල සමරවීර මහතා පත්කරමින් පත්වීමේ ලිපියක් එතුමාට ලැබුණි. එහෙත් රට පුරා රැස්වීම් මාලාව සංවිධානය කිරීමේදී හා ඒවාට කථිකයන් නම් කිරීමේදී අනුර බණ්ඩාරනායක මහතා හා චන්ද්‍රිකා මැතිනියට නිසි ස්ථානය හිමි නොවන බව පෙනෙන්නට තිබුණි. අවම තරමින් රැස්වීම් ලැයිස්තුව හෝ අනුර බණ්ඩාරනායක මහතාගේ අතට පත් නොවීය. එහෙත් සමහර අවස්ථාවලදී අදාළ රැස්වීම්වල පෝස්ටර් හා ප්‍රචාරක දැන්වීම්වල අනුර බණ්ඩාරනායක මහතා ද සහභාගිවන බව සඳහන් වුවද අදාළ රැස්වීම පිළිබඳ විස්තර ඔහු අතට පත් නොකිරීමට අරලියගහ මැදුරේ ප්‍රචාරක කටයුතු මෙහෙය වූ සමහරු ක්‍රියා කළහ.


කෙසේ වෙතත් 2006 ජුනි 29 වැනිදා ශ්‍රීලනිපයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වුණි. 29 වැනිදා චන්ද්‍රිකා මැතිනියට සුවිශේෂ දිනයකි. ඒ එතුමියගේ උපන්දිනය එදිනට යෙදෙන බැවිනි. එහෙත් එදින මධ්‍යම කාරක සභාව රැස්කරන්නේ චන්ද්‍රිකා මැතිනිය පක්ෂයෙන් නෙරපීම සඳහාය. මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේ අරමුණ කල්තියා දැනගත් මංගල සමරවීර ඇමතිතුමා තම අත්අකුරින්ම ලිපියක් ජනාධිපතිතුමාට ලියා එදින මගහැරීම සඳහා මාලදිවයිනට ගියේය. තවද, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමාද මෙම ක්‍රියාවට විරෝධය දැක්වීය.


මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සියලුම මැති ඇමැතිවරුන්ට තරයේ කියා සිටියේ චන්ද්‍රිකා මැතිනිය සමග කිසිදු සබඳතාවක් නොපවත්වන ලෙසයි. බර්ටි ප්‍රේමලාල්, ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අලුත්ගමගේ හා පවිත්‍රා වන්නිආරච්චි වැනි විශාල පිරිසක් ඒ වන විට චන්ද්‍රිකා මැතිනිය සමග ඉතා ළඟ සබඳතාවක් පැවැත්වූහ. සාමාන්‍යයෙන් වාර්ෂිකව සැප්තැම්බර් 26 වැනිදා හොරගොල්ල සමාධිය අසල පැවැත්වෙන පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයට සහභාගිවීම ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් විසින් නවතා දැමුවේ තම පැවැත්ම පිළිබඳ වූ බිය නිසාමය. එපමණක් ද නොව විවාහ උත්සව හා වෙනත් උත්සව සභාවලදී චන්ද්‍රිකා මැතිනිය සිටින්නේ නම් එම ස්ථානවලින් මැති ඇමැතිවරු පලාගියේ හා පසුබැස්සේ ද තම පැවැත්ම අනතුරෙහි දමා ගැනීමෙන් වැළකීමටය. 2006 හා 2007 වසරවල දී සුපුරුදු පරිදි චන්ද්‍රිකා මැතිනිය මැති ඇමැතිවරුන්ට නව වසර සඳහා සුබපැතුම් පත් යැවුවත් පෙරළා ඔවුන් කිසිවකු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. 2006 - 2007 වන විට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා චන්ද්‍රිකා මැතිනියත් සමග ළඟ සබඳතා පැවැත්වූ මැති ඇමැතිවරුන් පිළිබඳ කොතරම් සැකයකින් හා බියකින් පෙළුනේද යන්නට හොඳම උදාහරණයක් ඩිලාන් ඇමැතිතුමා මුහුණ දුන් ප්‍රශ්නයක් තුළින් පෙන්වාදිය හැක.


එනම්, 2007 වසරේ දිනක රාත්‍රියේ හිතවත් ඇමැතිවරු පිරිසකට ඩිලාන් ඇමැතිතුමා රාත්‍රි භෝජන සංග්‍රහයක් සූදානම්කර ඇත. ඔවුන් එයට සහභාගි විය යුත්තේ එදිනට යෙදී තිබුණ කැබිනට් රැස්වීම අවසන්වීමෙන් අනතුරුවය. ඒ අනුව සියලුදෙනාම එදින කැබිනට් මණ්ඩලයට ගියේ රාත්‍රී භෝජන සංග්‍රහයට ද යාමට සුදුසු පරිදි ඇඳ පැලඳගෙනය.


කෙසේ වෙතත් කැබිනට් නොවන අනෙකුත් නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිවරු ඊට නියමිත වේලාවට සහභාගි වුවද කැබිනට් මණ්ඩලයට ගිය කිසිවකු එහි නො ආහ. කැබිනට් රැස්වීම අතරතුර කේන්තියෙන් කෑගැසූ ජනාධිපතිතුමා චන්ද්‍රිකාගේ කට්ටිය තාම මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. දැනුත් මේ කට්ටිය ඇඳගෙන ඉන්නේ අද රෑටත් එකතුවෙලා කුමන්ත්‍රණය කරන්න යනුවෙන් පවසා ඇත.  මේ අනුව කැබිනට් මණ්ඩලයට ගිය කිසිවකුත් යළි ඩිලාන්ගේ ගෙදර ආවේ නැත. මේ අතර ඩිලාන්ගේ වාසනාවට මෙන් එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවූ ඩලස් අලහප්පෙරුම හා ගාමිණී සෙනරත් ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ. මෙම තත්ත්වය මත එම දෙදෙනා කරුණු දැක්වීමෙන් පසු එය කුමන්ත්‍රණයක් නොවන බව ජනාධිපතිතුමා පිළිගත්තේය. පසුදින ඩිලාන් ඇමතු ජනාධිපතිතුමා ‘මට මේ එක එකා කේලම් කියනවනෙ’ යනුවෙන් පැවසීය.


2004 මහ මැතිවරණයෙන් සතියකට පමණ පසු දිනයකි. මෙය එම මහ මැතිවරණයේදී මා දේශපාලන වැඩ කටයුතු කළේ තාඹුගල මහතා යටතේය. තාඹුගල මහතා ඒ වන විට චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ සම්බන්ධිකරණ ලේකම්වරයාය. පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් මා හඳුනාගත්තේ එම මැතිවරණය තුළ කටයුතු කිරීමේදීය. 


අප කණ්ඩායම අතරින් එකල මෝටර් රථයක් තිබුණේ මා සතුව පමණි. වටිනාපහ හාමුදුරුවන්ටත් නිමල් වීරතුංග මහතාටත් තම තමන්ගේ ගමන් බිමන් යාමට මගේ මෝටර් රථය ලබාදී කොළඹ සිට ඉන්ටර්සිටි බසයේ බණ්ඩාරගමට පැමිණීම එකල මගේ පුරුද්දය. චන්ද්‍රිකා ජනාධිපතිතුමියගෙන් පැමිණි ඉල්ලීමක් මත තාඹුගල මහතා අපට පවරා තිබූ දේශපාලන අභ්‍යාසය වූයේ හෙළ උරුමයේ ඡන්ද පදනමට යම් බලපෑමක් කිරීමය. ඒ උදෙසා හෙළ උරුමයේ සඟ සමුළුවලට එරෙහිව අපි ද විකල්ප සඟ සමුළු පැවැත්වීමු. ඉන් ප්‍රධානම සඟ සමුළුවක් පැවැත්වූයේ නුගේගොඩ බස් නැවතුම්පොළේදීය. දැඩි ශ්‍රීලනිපවාදී චතුර කථිකයකු වූ පසුව 2008 දී අපවත් වී වදාළ තුන්නානේ ප්‍රඥාමුර්ති හාමුදුරුවෝ එහිදී කළ කථාවක් මට තවමත් මතකය. ජාතික හෙළ උරුමයේ ප්‍රධාන හිමිවරුන් කිහිප දෙනකුගේ අන්වර්ථ නාමයන් සඳහන් කළ උන්වහන්සේ ‘ඔය ශාරුක් ඛාන් හාමුදුරුවො, පිච්චමල් හාමුදුරුවො වගේ කට්ටිය තාත්තගේ දණිස්වල හිටපු කාලෙත් අපි මේ රටේ ජනතාවට බණ කිව්ව’ යනුවෙන් පැවසූහ.


මහ මැතිවරණ ප්‍රතිඵලවලට අනුව යාන්තමින් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ වරම එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවිය. අගමැති ධුරය පිළිබඳ ප්‍රශ්නයේ දී චන්ද්‍රිකා මැතිනියත් ජනතා විමුක්ති පෙරමුණත් ඉතිහාසයේ පළමුවරට එකම මතයක සිටියහ. ඒ අගමැති ධුරය සඳහා විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මහතා මේ දෙපාර්ශ්වයේම තේරීම විය. එහෙත් හිටපු විපක්‍ෂනායකවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාද අගමැති සටන අත්හැරියේ නැත. කෙසේ වෙතත් නොවිසැඳු අගමැති ප්‍රශ්නය දින ගණනාවක්ම දේශපාලන ලෝකයේ විවෘතව පැවතිනි. මේ අතරවාරයේ දිනක් වටිනාපහ සෝමානන්ද හාමුදුරුවෝ මට කථාකොට එක්තරා ලිපිනයක් හා දුරකතන අංකයක් ලබාදී මගේ මෝටර් රථයෙන් අදාළ පුද්ගලයා පුංචි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි තම පන්සලට කැඳවාගෙන එන ලෙස ඉල්ලා සිටියහ. මම ද අදාළ දිනයේ නියමිත වේලාවට ලිපිනයේ සඳහන් නිවසට ගියෙමි. මා එලෙස ගියේ හොරණ ඉලිඹ ප්‍රදේශයේ පිහිටි නන්දන කට්ටඩි මහතාගේ නිවසටය.


ඔහුගේ නිවස ඉදිරිපිට බඞ් අඹගසක් තිබුණ අතර ඒ අසලට ගිය ඔහු යම් ස්ත්‍රෝත්‍ර කිහිපයක් හඬ නඟා කීමෙන් පසුව ඇණයකින් අඹගසේ සවිකර තිබූ රුක්අත්තන පොත්තෙන් කපන ලද රූපයක් ඉන් ගලවා රතු පැහැති රෙදිකඩක ඔතාගැනීමෙන් අනතුරුව මගේ මෝටර් රථයට ගොඩවිය. හොරණ ඉලිඹේ සිට පන්සලට එන අතරවාරයේ නන්දන කපු මහතා කියූ කථාවේ සාරාංශය මෙසේය.


ඉතිරිය ලබන සතියට....

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (1)

මහින්දගේ කඩවුණු පොරොන්දු

sam Thursday, 18 May 2017 07:13 AM

උස් පහත භේදයකින් තොරව බහුතරයක් දෙනා කේලාම් අසනවා. බොරු වලට රැවටෙනවා. තමන්ගේ පැවැත්ම සඳහා බොරු කියනවා. බොරු පොරොන්දු දී මිනිසුන් මුලා කරනවා. නමුත් කාලයක් තිස්සේ මෙහෙම දේවල් කරනකොට බහුතරයකට ඒ කරපු වැරදි තේරුම් ගිහින් ඒවා අත හරිනවා. නමුත් කලාතුරකින් සමහර පුද්ගලයෝ ඉන්නවා අර බලු වලිගේ ඇදය වගේ, කවදාවත් වැරදි පුරුදු වලින් මිදෙන්න බැහැ .

:       0       39

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4915 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 530 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site