IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


චන්ද්‍රිකාගෙන් මංගලට ගෝරනාඩුවක්

ජනවාරි විප්ලවයේ ඇසින් දුටු සාක්‍ෂි
 22 වැනි කොටස 
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මලිත් ජයතිලක

 

මංගල සමරවීර මන්ත‍්‍රීතුමා මලික් සමරවික‍්‍රම මහත්තයාගේ කාර්යාලයට ගොස් පෙරදින රාත‍්‍රියේ සිදුවූ සියල්ල විස්තර කළේය. එය ඇසු මලික් සමරවික‍්‍රම මහතා කලබලයට පත්වූ අතර එසැණින්ම රනිල් වික‍්‍රමසිංහ මහතා අමතා මේ පිළිබඳ දැනුම් දුන්නේය. මේ වන විට වික‍්‍රමසිංහ මහතා වෙනත් ගමනක් යමින් සිටි අතර මලික් සමරවික‍්‍රම මහතාගේ කාර්යාලයට විනාඩි දෙක තුනක දුරින් සිටියේය. ඒ අනුව විනාඩි 5 ක් ඉක්ම යාමට පෙර වික‍්‍රමසිංහ මහතා ද මලික්ගේ කාර්යාලයට පැමිණියේය. එහිදී මලික් වික‍්‍රමසිංහ මහතාට කියා සිටියේ ‘මංගල යන්න හදනවා’ යනුවෙනි.

එය ඇසු වික‍්‍රමසිංහ මහතා ද කලබලයට පත්වී ‘ඔයා එහෙම කළොත් අපි ඔක්කොම ඉවරයි. රටම අපිට බණී’ යනුවෙන් ප‍්‍රකාශ කරද්දී ඊට පිළිතුරු ලෙස මංගල කියා සිටියේ ‘ජනාධිපතිවරණය ප‍්‍රකාශ කිරීමට තිබෙන්නේ ද තව දින ගණනක් පමණයි. කෝ මුකුත් වෙන්නේ නෑනෙ. මගේ ප‍්‍රශ්නය ඒකයි. මෙතන මුකුත් සිද්ධ වෙන්නේ නැත්නම් මටත් තීරණයක් ගන්න වෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියනවා සෙනසුරාදට කලින් පැහැදිලි උත්තරයක් දෙන්න කියලා’ යනුවෙන් පැවසීය. මේ අතර මලික් සමරවික‍්‍රම මහතා චන්ද්‍රිකා මැතිනිය ද අමතා මෙම සිදුවීම සැලකර තිබුණ අතර එතුමිය ද මහත් කලබලයෙන් යුතුව සමරවික‍්‍රම මහතාගේ දුරකථනයෙන්ම මංගල සමරවීර මහතා ඇමතුවාය. විශේෂයෙන්ම චන්ද්‍රිකා මැතිනිය ලන්ඩනයේ සිට පැමිණියේ නොවැම්බර් දෙවැනිදාය.


චන්ද්‍රිකා මැතිනිය හා මංගල සමරවීර මහතා අතර ඇති ළඟ සබඳතාව නිසාම චන්ද්‍රිකා මැතිනිය මංගල ඇමතූ දුරකථන ඇමතුමෙහි ආරම්භය තරමක් රළුවිය. එතුමිය මංගලට බැණ වැදුණාය. ඒ සමගම හැකි ඉක්මනින් තම නිවසට පැමිණෙන ලෙස දැන්වූවාය. ඒ අනුව මංගල, මලික්ගේ කාර්යාලයෙන් පිටව ගියේ නිදහස් මාවතේ චන්ද්‍රිකා මැතිනියගේ නිවස වෙතය. එහිදි චන්ද්‍රිකා මංගල අතර සාකච්ඡුාවේ දී මංගල සමරවීර මහතා කියා සිටියේ තවම ඔබතුමිය මෛතී‍්‍ර ඇමැතිතුමා සමග නිශ්චිතව අවසන් තීරණයකට ඇවිල්ල නෑ. මට පේන්නේ මේ වැඬේ සිද්ධ වෙන එකක් නෑ වගේ. ඔබතුමිය දිසා කියන පණිවිඩ මත පමණයි මේ ඔක්කොම කරන්නේ’ වැනි අර්ථයකින් කථා කළ අතර එතුමිය මෛත‍්‍රී ඇමැතිතුමා සමග සාකච්ඡුාකර අවසානයේ විසඳුමකට පැමිණීමට අවම වශයෙන් සතියක කාලයක් ඉල්ලා සිටියාය. එතෙක් කිසිදු තීරණයක් නොගන්නා ලෙසත් මෙම උත්සාහය ව්‍යර්ථ වුවහොත් තමාද දේශපාලන ක‍්‍රියාලියෙන් සදහටම ඉවත්වන බව ද එතුමිය එහිදී අවධාරණය කළාය.


මේ අතර ඊට පසුදින වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මංගල සමරවීර මහතා සිංගප්පූරුව බලා පිටත් වූ අතර පළමුව ඒ සඳහා දින දෙකක් වෙන්කර තිබුණ ද අවසානයේ දින 6ක්ම ඔහු එහි රැුඳී සිටියේය. තවද සිංගප්පූරුවට යාමට පෙර ඔහු අරලියගහ මැදුරට දන්වා තිබුණේ තමාගේ සිංගප්පූරු සංචාරයෙන් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණ නිශ්චිත වචනයක් ලබාදෙන බවකි. එහිදී නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා දිගින් දිගටම මංගල සමරවීර මහතාට කතාකරමින් අවශ්‍ය නම් විදේශ අමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ද ආරාධනය කළේය. කෙසේ වෙතත් මීට සමගාමීව ගෝඨාභය රාජපක්ෂ මහතා ද මංගල සමරවීර මහතා හමුවීමට අවශ්‍ය බව දන්වා පණිවුඩ කිහිපයක්ම ලබාදුන්න ද මංගල ගෝඨාභය මුණ ගැසීම ප‍්‍රතික්ෂේප කළේය.


මෙම සිදුවීමට පෙර චන්ද්‍රිකා මැතිනිය පොදු අපේක්ෂකයා වියයුතු බවට සමාජයේ යම් යම් ස්ථානවලින් අදහස් ඉදිරිපත් වෙද්දී හා යෝජනා පැමිණීමේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා ද ප‍්‍රකාශ කර සිටියේ එතුමිය පොදු අපේක්ෂිකාව වන්නේ නම් තමන් ද ඊට සහයෝගය පළකරන බවකි. ඒ සමගම ජනතා විමුක්ති පෙරමුණ ද මංගල සමරවීර මහතා වෙත පණිවුඩයක් එවමින් එම යෝජනාවම අනුමත කළේය. මෙම තත්ත්වය හමුවේ දිනක් මංගල සමරවීර මහතා චන්ද්‍රිකා මැතිනිය මුණ ගැසී මෙම අදහස ප‍්‍රකාශ කළේය. නමුත් එතුමියගේ ප‍්‍රතිචාරය වූයේ කිසිම හේතුවකින් තමන් නැවත කි‍්‍රයාකාරී දේශපාලනයට නොඑන බවයි. කෙසේ වෙතත් අවසානයේ මංගල සමරවීර මහතාගේ දැඩි ඉල්ලීම හමුවේ එතුමිය කියා සිටියේ ‘පුළුවන්නම් මගේ දුවගෙයි පුතාගෙයි කැමැත්ත ලබා දෙන්න’ යනුවෙනි. ඒ අනුව මංගල සමරවීර මහතා පළමු සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මිය මුණ ගැසී එතුමිය මගින් ලන්ඩනයේ වෙසෙන යසෝධරා හා විමුක්තිට කථා කළේය. නමුත් සුනේත‍්‍රා බණ්ඩාරනායක මහත්මියට ලන්ඩනයෙන් ලැබුණු ප‍්‍රතිචාරය ඉතා රළු එකක් විය. එම දුරකථන සංවාදය සිදු වූයේ මංගල සමරවීර මහතා ද ඉදිරිපිටදීමය.


කෙසේ වෙතත් මංගල මහින්ද හමුව සිදුවූ ආකාරයත් එම හමුවේදී සිදුවූ කතාබහත් පිළිබඳ එම දිනවල ප‍්‍රකට වූ කටකතා ගණනාවකි. එනම්, එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ මූලිකත්වයෙන් හයිඞ්පිටියට කැඳවන ලද එජාප ඡුන්දපොළ නිලධාරීන්ගේ රැුස්වීමේ දී එහි වේදිකාවේ පළමු පෙළ ආසනයක් මංගල සමරවීර මහතාට හිමි නොවීලූ. ඒ මත මංගල සමරවීර මහතා යම් කලකිරීමකට පත්ව ඇත. මේ බව දැනගත් අරලියගහ මැදුර වෙනුවෙන් ඉදිරිපත් වූ නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමා නිතර මංගල සමරවීර මහතාට කතා කරමින් ”අංකල් තාත්තට අංකල්ව හම්බුවෙන්න  ඕන” යැයි දිගින් දිගටම පවසා ඇත.


මෙලෙස දින ගණනක් හා සති කිහිපයක් ගතවෙද්දී එතරම්ම අවශ්‍ය නම් තම බොල්ගොඩ නිවසට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පැමිණෙන ලෙස මංගල සමරවීර මහතා පවසා ඇත. ඊට අනුව නොවැම්බර් 3 වැනිදා රාත‍්‍රියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මංගල සමරවීර මහතාගේ බොල්ගොඩ නිවසට ගියේය.

එම හමුව ආරම්භයේදීම මංගලගේ පිටට තට්ටු කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ‘ගිය දේවල් අමතක කරන්න. අපි එකතුවෙලා වැඩ කරමු’ යනුවෙන් පවසා ඇත. මීට පෙර නාමල් මන්ත‍්‍රීතුමා මංගල සමරවීර මහතාට පවසා තිබුණේ ‘අංකල් තාත්තගෙ හිතේ තරහක් නෑ. අපි එක පැත්තෙ මිනිස්සුනෙ.  ඕන දෙයක් බේරගන්න පුළුවන්නෙ. අංකල්ගෙ සංවිධාන ශක්තිය ගැන තාත්ත දන්නව’ යනුවෙනි.
මෙම හමුවේදී ජනාධිපතිතුමා කියා සිටියේ නැවත මංගල සමරවීරට විදේශ අමාත්‍යාංශය මෙන්ම වරාය හා නාවික අමාත්‍යාංශය ද ලබාදිය හැකි අතරම පක්ෂය තුළ හිමිව තිබු ජ්‍යෙෂ්ඨත්වය ද නැවත ලබාදිය හැකි බවයි. තවද ජී.එල්. පීරිස් මහතා යටතේ විදේශ අමාත්‍යාංශය දුර්වල වී ඇති බවද ජනාධිපතිතුමා පවසා සිටියේලූ. එහෙත් ඒ සියල්ලට මංගල සමරවීර මහතා ලබාදුන් පිළිතුර වූයේ තමා 5 වැනිදා සිංගප්පූරුවට යන බවත් එහි සිට යළි පැමිණ පසු සිතා බලා උත්තරයක් ලබාදිය හැකි බවත්ය.


කෙසේ වෙතත් මංගල සමරවීර මහතා පස්වැනි දා සිංගප්පූරුව බලා යාමට පෙර ඔහුගේ අතින්ම ලිපි දෙක්ක ලිවීය. ඉන් එකක් රනිල් වික‍්‍රමසිංහ මහතා වෙතටය. අනෙක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙතය. රනිල් වික‍්‍රමසිංහ මහතාට යැවූ ලිපියට අනුව ‘ඔබ දැනටමත් ප‍්‍රකාශ කරලා තිබෙනවා ජනාධිපතිවරණයට තරග කරන බව. නමුත් මැතිවරණය ජය ගන්න නම් සුළු පක්ෂවල සහයෝගය අත්‍යවශ්‍යයි. දැනටමත් ටී.එන්.ඒ. සංවිධානය ප‍්‍රකාශ කර තිබෙනවා ඔබට ජයගත නොහැකි බව. ඒ සමගම ජ්.වී.පී. හා සරත් ෆොන්සේකා මහතා ඔබට සහයෝගය ලබා දෙන්නේ නැත. මේ සියලූදෙනාගේ සහයෝගය ඔබට ලබාගත හැකි නම් එදිනට ඔබගේ ජයග‍්‍රහණය වෙනුවෙන් මම කැපවී වැඩකරමි’ යනුවෙන්ද එම ලිපියේ සඳහන් වීලූ.


අනෙක් අතට මංගල සමරවීර මහතා මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් ලියමින් ‘ඔබත් මමත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් මහ පාරේ සටන් කර තිබෙනවා. ගුටි ප‍්‍රහාරවලට මුහුණදීලත් තිබෙනවා. අප පක්ෂයේ ස්ථාවරය එයයි. ඔබට එය කළ හැකි බව මගේ විශ්වාසයි. තවද කැබිනට් මණ්ඩලයද 25 දක්වා අඩු විය යුතුයි. 2005 දී අපි ජනාධිපති මන්දිරයේ දී තීන්දුවක් ගත්තා. ඔබ ජනාධිපති වූ පසු අනුරට අගමැතිකම හා චන්ද්‍රිකා මැතිනියට දේශපාලනය කිරීමට ඉඩ ලබාදෙන බව.


ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය බලය ඔබ සතුව තිබෙනවා. ඔබ එසේ කරනවා නම් එදිනට මම ඔබට පූර්ණ සහයෝගය ලබා දෙනවා’ යනුවෙන් එම ලිපියේ සඳහන් වූ අතර එම ලිපි දෙක ජනාධිපතිතුමාට හා රනිල් වික‍්‍රමසිංහ මහතාට බාර දීමට කටයුතු සලස්වා මංගල සමරවීර මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගියේලූ. කට කතා ස්වරූපයෙන් ප‍්‍රකට වූ මෙම සිදුවීම අවම තරමින් මංගල සමරවීර මහතාගේ සිතේ තෙරපෙමින් තිබූ අදහස් ලෙස නම් සිතිය හැක.

සකස් කළේ : 
ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

චන්ද්‍රිකාගෙන් මංගලට ගෝරනාඩුවක්

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4915 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 530 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site