IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඒකාබද්ධ විපක්ෂයේ අළු යට ගිනි පුපුරු


සන්ධානයක් ඇතිකර ගැනීමේ සූදානමකින් පසුවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ, මෙම වසරේ පැවැත්වෙන ජනපතිවරණයට කවර නම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේදැයි අරබයා අර්බුදයක් මේ දිනවල අළුයට ගිනි පුපුරු මෙන් දලුලා වැඩෙමින් පවතී. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එකහෙළාම සහාය දක්වන සැළකිය යුතු කණ්ඩායමක් පක්ෂ නායකත්වය හා අං පටලවාගෙන සිටී. 

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු ප්‍රකාශයට පත්කිරීම තව තවත් ප්‍රමාද කිරීම හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සදහා සැළසුම් සකස් කිරීමට සහ අවැසි ඉදිරි කටයුතුවල යෙදීමට තමන්ට නොහැකිව ඇතැයි ඔව්හු මැසිවිලි කියති. 
මෙම වසරේ ජනපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට අවැසි නෛතික අවසරය තමන් සතුවුව ද, ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය වන්නේ ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුව තිබෙන බවය. එසේ නම් අඩුම තරමින් ලබන ජූලි මාසයට පෙර හෝ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුය. අනතුරුව එළැඹෙන කාලයේ දී ජනපතිවරණය සදහා මැතිවරණ කොමිසම සූදානම් වනු ඇත.

නොසිතූ විරූ අයුරින් සිදුවෙමින් තිබෙන ප්‍රමාදය ගැන මෙම කණ්ඩායම දොස් පවරන්නේ බැසිල් රාජපක්ෂ මහතාටය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ න්‍යායාචාර්යවරයා වන ඔහු පක්ෂයේ අපේක්ෂකයා තෝරාගැනීම හා උද්ගතව තිබෙන ප්‍රමාදය සම්බන්ධයෙන් සැළකිය යුතු බලයක් අත දරන බව ඔව්හු පවසති. 

එමෙන්ම තවත් පුදුමාකාර චෝදනාවක් නගන ඔව්හු, මීට සති කිහිපයකට ඉහත බැසිල් රාජපක්ෂ මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් වික්‍රමසිංහ මහතාගේ සොහොයුරෙකුගේ නිවසේ පැවැති බවත්, වත්මන් දේශපාලන තත්ත්වය එම හමුවේ දී සාකච්ඡා කැරුණු බවත් කියති. මෙම චෝදනාව තරයේම ප්‍රතික්ෂේප කරන බැසිල් රාජපක්ෂ මහතා සන්ඬේ ටයිම්ස් හා කියා සිටියේ එය සම්පූර්ණ අසත්‍යයක් බවයි.

“එහෙම රැස්වීමක් පැවැත්වුනේ නැහැ,” යයි රාජපක්ෂ මහතා සන්ඬේ ටයිම්ස් හා පැවසුවේ ය.

ඊට වැඩි යමක් පැවසීමට ඔහුට නොහැකි වූ අතර, ගම්පහ අධිකරණයේ පැවැති නඩු විභාගයක දී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් හට දිවා ආහාර වේලකින් සංග්‍රහ කිරීම සදහා ඔවුන් කැටුව යාමට බැසිල් රාජපක්ෂ මහතා සැළසුම් කර තිබීම එයට හේතුව විය. 

වෙනම අවස්ථාවක සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතාද කියා සිටියේ රාජපක්ෂ මහතා සහ තමන් අතර එවැනි හමුවක් නොපැවැත්වුණු බවය.

රාජපක්ෂ මහතාගේ ජේ්‍යෂ්ඨ නීති උපදේශකයා පසුගිය සිකුරාදා බැංගලෝරය බලා පිටත්ව ගියේය. සිකුරාදා ගම්පහ අධිකරණයේ පැවැති නඩු විභාගයේ දී සාක්කි දුන් සාක්ෂිකරුවකු කියා සිටියේ මල්වානේ අක්කර 16 ක ඉඩමක පිහිනුම් තටාකයක් ද සහිත නිවසක් ඉදිකිරීම සදහා බැසිල් රාජපක්ෂ තමාට රුපියල් ලක්ෂ 1000 ක මුදලක් ලබාදුන් බවය.

නඩුව වැඩිදුර විභාග කිරීම ජූනි මස 9 වැනිදාට කල් තැබිණ.

මෙම නඩු විභාගයට දින දෙකකට පෙර, බැසිල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ 500ක් වටිනා දේපළක් අයථා ලෙස උපයාගත් මුදල් යොදාගෙන මිලයට ගෙන ඇතැයි යන චෝදනාව මත මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියේ ය. එම නඩුවේ වැඩිදුර සාක්කි විභාග කිරීමද, එම දේපළවල සම අයිතිකරුවකු බව සදහන් වූ රාජපක්ෂ මහතාගේ නැණන්ඩිය වන පුන්‍යාකාන්ති මහත්මියට සිතාසියක් නිකුත් කිරීමට අධිකරණය තීරණය කිරීම සමගම ලබන 19 වැනිදාට කල් තැබිණ. 

සෘජු අදාළත්වයක් නොමැති වුව ද, පසුගිය සතියේ අගමැති වික්‍රමසිංහ මහතා සහ අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය, නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඇතුළු දෙපාර්තමෙන්තුවේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වූහ. ෂාකච්ඡාවට බඳුන් වූ කාරණා අතර, දැනට පැවැත්වෙන මුල් පෙළ විමර්ශනයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය. ඒවායේ ප්‍රගතිය ද විමසා බැලිණ. 

එක් නිලධාරියෙක් අදහස් දක්වමින් කියා සිටියේ එම විමර්ශන අතුරින් දෙකක් සාක්කි මද කම නිසා අනෙක් ඒවාට සාපේක්ෂව දුර්වල මට්ටමක පවතින බවය. අවසන් කැරුණු විමර්ශන විශේෂ අධිකරණය වෙත යොමු කිරීමට ඇති හැකියාව ද අවධානයට ලක්විය. මේ සදහා නීතිපතිවරයා එම විමර්ශනයන් අගවිනිසුරුවරයාගේ අවධානයට යොමුකළ යුතු වන අතර, ඒ අනුව එම එක් එක් විමර්ශනවලින් අනාවරණයව තිබෙන තොරතුරු විභාග කළ යුත්තේ කවර අධිකරණයක් යටතේ ද යන්න තීරණය කරන්නේ අගවිනිසුරුවරයාය.
ජනපතිවරයා සහ අගමැතිවරයා අතර දිනෙන් දිනම වියැකී යමින් තිබෙන සබඳතාවය සැළකීමේ දී හදිසියේ පැවැති මෙම රැස්වීම උනන්දුව දනවන්නකි. තමන්ම මැදිහත්ව විමර්ශන කිහිපයක් ආරම්භ කිරීමට ජනපති සිරිසේන මහතා කටයුතු කර තිබෙන අතර, විශේෂයෙන්ම ඒවායින් ඉලක්ක කර තිබෙනුයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනට එරෙහිව මේ වන විට සාක්කි පිට සාක්කි මතු වෙමින් පවතින බව ද දැනගන්නට තිබේ. 

කෙසේවුවත් මෙම තොරතුරු මෙතෙක් නීතිපති දෙපාර්තමෙන්තුව වෙත යොමු කිරීමක් සිදුව නොමැත. අනෙකාව නීතිය ඉදිරියට පමුනුවන්නට එක් පාර්ශවයක් විමර්ශන පවත්වමින් සිටිනාතුර, එම විමර්ශනවලින් තමා විනිශ්චය කෙරෙන්නට පෙරම අනෙක් පාර්ශවය කලබලයට පත්ව සිටීමත් සැළකිල්ලට ගතයුතු කරුණකි.

ඔහුගේම පාර්ශවයෙන් බැසිල් රාජපක්ෂ මහතා වෙත චෝදනා එල්ල වන, පැවැතෙන්නට හෝ නැති වීමට හෝ ඉඩ තිබෙන - ඔහු සහ අගමැති වික්‍රමසිංහ මහතා අතර හමුව, සැකයක් නොමැතිවම බැසිල් රාජපක්ෂ මහතාගේ නමට කැළලකි. මෙය වඩාත් වැදගත් කොට සැළකිය යුතු වන්නේ ඔහු වර්තමාන දේශපාලනයේ ඉතා ඉහළ තලයක වැජඹෙන, ඒ නිසාම ඔහු සොයා පැමිණෙන්ට සිදුව තිබෙන තැන දක්වාම ප්‍රසිද්ධව සිටින, අයකු බවට පත්ව සිටින බැවින්ය. 

බැසිල් රාජපක්ෂ මහතා සතු දේශපාලන විඥානය අවිවාදාත්මක බව පක්ෂ විපක්ෂ දෙපාර්ශවයම එකසේ පිළිගන්නා කාරණයකි. වෙනකක් තියා ඔහුගේ සොයුරු, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නොනිල නායක තැන වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවා බැසිල් රාජපක්ෂව සළකන්නේ පක්ෂයේ සිටින න්‍යායාචාර්යවරුන් සහ උපායමාර්ගිකයන් අතර ඉහළම තැනෙහි ලාය.

මෙම යථාර්ථය යන්තමින් පළුදු කැර තිබෙන කාරණයක් වන්නේ ජනපති සිරිසේන මහතා නැවත වතාවක් බැසිල් රාජපක්ෂ මහතා සමග අමනාපව සිටීමයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සන්ධානයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමා දැරූ උත්සාහය ව්‍යර්ථ කර දැමූයේ බැසිල් රාජපක්ෂ බව ඔහු සිතන්නේ ය. වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර, එතැනට මහින්ද රාජපක්ෂ මහතාව පත්කරන තැනට ජනපති සිරිසේන මහතා යොමුවීමට සති හා මාස ගණනාවකට පෙර සිටම පසුබිමෙහි ක්‍රියාත්මකව සිටියේ බැසිල් රාජපක්ෂ මහතාය. 

මුල් අවස්ථාවේ දී ජනපති සිරිසේන මහතා සම්බන්ධවීම ඔහු තරයේම ප්‍රතික්ෂේප කළ අතර, දෙපාර්ශවය නැවත වරක් එක්සත් කිරීම සදහා දෙදෙන මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කරන ලෙස බෞද්ධ හිමිවරුන් හරහා කැරුණු ඉල්ලීමක් ද ඔහු නොසළකා හැරියේය. මෙම තීරුවෙන් මෙවැනි අවස්ථා පිළිබද තොරතුරු නැවත නැවතත් වාර්තා කෙරිණ.

කෙසේ වෙතත් ජනපති සිරිසේන මහතා උත්සාහය අත් නොහැරියේය. 

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පිහිටි තම අනෙක් නිවස බලා ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා වේලාසනින්ම නැවත දිවයිනට පැමිණියේය. සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වූ ඔහු අවස්ථා 3ක දී ජනපති සිරිසේන මහතා හමුවී සාකච්ඡා පැවැත්වූයේය. එම සාකච්ඡාවලට මහින්ද රාජපක්ෂ සමග සහභාගාගී වූ එකම අනෙක් පුද්ගලයා වූයේ ඔහු පමණකි. 

ජනපතිවරයා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක්, ජනපතිවරයාගේ පාර්ශවය නියෝජනය කළහ. එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනගෙන් එක් අයකු වූයේ එස්. බී. දිසානායක මහතාය. 

දෙපාර්ශවය අතර සංවාදයක් ගොඩනැගීමෙහි ලා මුල් තැන ගෙන කටයුතු කළද, ඔහු නැවත නැවතත් කියා සිටියේ එවැනි රැස්වීම් නොපැවැති බවය. දෙපාර්ශවය අත්වැල් බැදගැනීමේ ප්‍රතිඵලය අද වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයට එක්ව අවසන්ය. එය නම් දින 52ක ව්‍යවස්ථාවිරෝධී රජයකි. 

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට ඔවුන් සැළසුම් කළද, එය ද ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. රනිල් වික්‍රමසිංහ මහතාම නැවත වතාවක් රටේ අගමැතිවරයා ලෙස පත්විය. මේ සමස්ත නාටකයෙන් මහින්ද මහතාව ආරක්ෂා කරගත් බැසිල් රාජපක්ෂ මහතා එය අවසානයේ නැවත වරක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගොඩනැගීමේ කටයුතුවලට යොමුවිය. 

බත්තරමුල්ලේ පක්ෂ කාර්යාලයේ රැදී සිටින ඔහු ඇතැම් විට දිනකට එම කටයුතු වෙනුවෙන් පැය 9 - 10 අතර කාලයක් වෙහෙස වේ. 
පැවැත ඇතැයි කියන බැසිල් - රනිල් හමුව, බැසිල් රාජපක්ෂ මහතා කෙරේ ඇතැම් පිරිසකගේ අමනාපය දැල්වී තිබෙන බව අනාවරණය කැරෙන එකම සිදුවීම නොවේ. මෙවැනි තත්ත්වයක් ඇතිවීමේ අක්මුල් තිබෙන්නේ අතීතයේය. 

මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ගයක් සදහන් කළ අකාරයට එදා ඉතාම බලවත් අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් සිටි කාලයේ, තමා හමුවට පැමිණෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවීම තරයේම ප්‍රතික්ෂේප කිරීමේ සහ පරිහව ලෙස සැළකිය හැකි වදන්වලින් ඇතැම් විට ඔවුන්ව ඇමතීමේ පුරුද්දක් බැසිල් රාජපක්ෂ මහතාට පැවත තිබේ. කලින් වේලාවක් යොදාගෙන ඔහු හමුවට පැමිණි ඇතැම් අයට පවා බැසිල් රාජපක්ෂ මහතා සළකා තිබෙන්නේ එළෙසය. 2015 ජනපතිවරණයට තරග කරමින් සිටි සමයේ මෙය එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවාසියට හේතු වූ කරුණක් බව ද එම ආරංචි මාර්ගය වැඩිදුරටත් පැවසුවේ ය.

එවැනි තත්ත්වයක් වර්තමානයේ ද ඇතිව තිබෙන බව පවසන බැසිල් රාජපක්ෂ මහතාගේ එදිරිවාදීන් අර්බුදය අඳුරින් එළියට ගෙන ඒමට හේතු වූ එකම කාරණය ඔහු සහ වික්‍රමසිංහ මහතා අතර පැවැති හමුව පමණක් නොවන බව පවසයි. 

එය වඩා වැදගත් කාරණයක් වන අතරම, ඉන්දියාවේ චෙන්නායි නගරය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ද හින්දු පුවත්පත සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට සහභාගීවීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ බැංගලෝරය බලා පිටත්ව ගියේ එම කාරණයට අදාළ වූ දිනයට දින කිහිපයකට පසුවය. මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයට ඉහළ ප්‍රසිද්ධියක් හිමි වූ අතර, ඔහුගේ ප්‍රකාශ හමුවේ ඉන්දියා බලධරයින් අපමණ සැනසීමට පත්වූහ. මෙම ආරාධනය මුලින්ම යොමු කොට තිබුණේ අගමැති වික්‍රමසිංහ මහතාටය. නමුත් ඊට සහභාගීවීමට හැකියාවක් නොමැති යැයි කණගාටුවෙන් වුව ද දන්වා සිටින බව වික්‍රමසිංහ මහතා දන්වා තිබිණ.

 



අදහස් (2)

ඒකාබද්ධ විපක්ෂයේ අළු යට ගිනි පුපුරු

smn Wednesday, 20 February 2019 09:22 AM

ඡන්දදායකයන් හැටියට අපටත් කියන්න දෙයක් තියෙනවා. ඊළඟ මැතිවරණ කීපයකදී අපිත් හොඳ හොඳ සෙල්ලම් දමන්නයි හිතාගෙන ඉන්නෙ.

:       16       89

janathava Wednesday, 20 February 2019 07:20 PM

රටේ නායකයා තෝරන්නේ අපිට ඕන කෙනෙක්

:       42       61

ඔබේ අදහස් එවන්න

කොලම

මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 246 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 781 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 190 0

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


පාතාලයට අවි සපයන්නන් අල්ලා දඬුවම් දිය නොහැකිද?
2024 අප්‍රේල් මස 10 342 1

පාතාලයන්ට මෙතරම් අවි කොහෙන් ද? මේ ඉකුත් සමයේ නිතර නිතර කතා බහට ලක්වූ මාතෘකාවකි. අන්ධයා අලියාගේ ස්වරූපය කියා පෑ හැටි සිහිපත් කෙරෙන උත්තර ඒවාට ලැබුණා මිස


පාසලක දුවා දරු ඉරණම දරුවන්ටම බාරදිය යුතුද?
2024 අප්‍රේල් මස 10 223 2

විෂය කටයුතුවලට අදක්ෂ දරුවන් හැඳින්වීම සඳහා පොදුවේ සමාජය තුළ ව්‍යවහාර වන විශේෂණ පදයක් වන්නේ ‘‘මැටි ගුලියක්’’ යන්නය. එහෙත් එය නිවැරැදි නොවේ. දක්ෂ, අදක්


ආර්ථිකය ශ්‍රීලනිපය අනාගතය
2024 අප්‍රේල් මස 08 396 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site