IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අර්බුදයට විසඳුම බහුතරය ද

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා හා 
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ
ධම්ම දිසානායක

රට තුළ ඇතිවී තිබෙන අර්බුදය කුමක්ද? එය පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ බහුතරය, ජනාධිපති, අගමැති, ආණ්ඩුව සහ විපක්ෂය යන අංශවලට අදාළ හෝ ඒ අංශ අතර ඇති අර්බුදයක් ලෙස හුවාදැක්වීම අතිශයින්ම පටු තේරුම් ගැනීමකි. එසේම එය මෙරට දේශපාලන පක්ෂ යැයි හඳුන්වා ගන්නා බල-කල්ලි අතර අර්බුද්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍යක් පමණක් ද නොවේ. මේ අර්බුදය ඒ කිසිවකට වඩා ජාතියක් මුහුණදී සිටින ජාතික අර්බුදයේ පිළිබිඹුවකි. එනම් ජාතික අර්බුදයකි. එය විටින් විට මතුවන නැවත යටට ගොස් ශක්තිමත්ව මෝරා වැඩී නැවත නැවත මතුවන ජාතික අර්බුදයකි. 1953 හර්තාලය, 1971 සන්නද්ධ නැගිටීම, 1980 ජූලි වැඩ වර්ජනය, 1982 ජනමත විචාරණය, 1983 සිට තියුණු වෙමින් 2009 තෙක් ආ උතුරේ යුද්ධය, 1987-90 භීෂණ සමය, 2015 සිට ඉදිරියට එන විකෘති සහ ව්‍යාකුල පාර්ලිමේන්තුව සහ මේ මොහොතේ දකින්නට ඇති දේශපාලන-ආර්ථික-සමාජ අස්ථාවරභාවය යනු එකී ජාතික අර්බුදයේ විශේෂ මතුවීම් ය. මේ ජාතික අර්බුදය විවිධ රූපකායන් ලෙස නැවත නැවත මතුවීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර බොහෝය. ඒවා කෙටිකාලීන සහ දිගුකාලීන ය. එනම් හදිසි ප්‍රතිකාර සහ රෝග නිවාරණ ප්‍රතිකාර වශයෙනි. මෙවර ලිපිය ඒ අරබයා ය.

මේ අර්බුදය ට බලපෑ සහ බලපාන හේතු සාධක බොහෝය. මේ රටට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පරිපූර්ණ ව ලැබුණේ 1931 දී ය. වැඩිහිටි සර්වජන ඡන්ද බල අයිතිය එහි එක් ප්‍රබල අංගයකි. අමාත්‍යාංශ සේ සැලකිය හැකි විධායක කාරක සභා හතක කාර්යයන් සහ බලතල ස්වදේශිකයන්ට ලැබුණි. ඩොනොමෝර් කොමිසම විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයන් විධායක කාරක සභා හතක ට බෙදණු ලැබුවේ ස්වදේශ කටයුතු, කෘෂිකර්මය, ප්‍රාදේශීය පරිපාලනය, සෞඛ්‍යය, අධ්‍යාපනය, පොදු වැඩ කටයුතු සහ පණිවුඩ හුවමාරු කටයුතු, සන්නිවේදන යන විෂයයන් අරමුණු කර ගෙනය. මේ අනුව මේ මොහොත වන විට රටේ ප්‍රධාන අමත්‍යාංශ හතක වයස අවුරදු අසූ හතකි.

එය නිරෝගී පුද්ගලයකුගේ සාමාන්‍ය ආයු කාලයට සමානය. එහෙත් මේ අමාත්‍යාංශවලට අදාළව පොදු මහජන ක්ෂේත්‍රයේ දකින්නට ඇති අර්බුදය සහ පොදු ජනයා මුහුණ දෙමින් සිටින පීඩනය වැඩි වුණා මිසක අඩුවුණේ නැත. 
ඒ සියල්ල එසේ වීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ මෙරට නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ පීලි පැනීම ය. නියෝජනය යනු කුමක්ද යන්න මහජනයා වටහා ගත්තෙත් නැත. නියෝජිතයන් යැයි කියා ගන්නා අය වටහා ගත්තෙත් නැත. ප්‍රජාතන්ත්‍රවාදය ද එසේමය. එය වටහා ගත්තවුන් ජන සමාජයේත් පාලකයන් අතරත් ඉතා දුලබ සහ දුබල විය. ඒ දෙකම නොදත්තවුන් සුලබ වී ප්‍රබල විය. 1931 සිට රාජ්‍ය මන්ත්‍රණ සභාවත්, 1947 සිට පාර්ලිමේන්තුවත්, 1972 සිට ජාතික රාජ්‍ය සභාවත් නැවත 1978 සිට පාර්ලිමේන්තුවත් අත්පත් කරගත්තේ ඒ දෙකම නොදත් සහ ඒ දෙකටම ගරු නොකරන පිරිසක් ය. එය හරියට සුගන්ධවත් වූ විසිතුරු මල් අලෙවිකිරීමට සාදන ලද මල් වෙළඳසලක් මස්මාංශ විකිණීමට යොදාගත්තා වාගේය. හමන්නේ මල් සුවඳ නොව කුණු ගඳය.

1978 දක්වා මේ රට පාලනය කළෝ වැඩවසම් ප්‍රභූහුය. ඒ අය අර ඉහතකී නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ උපකරණ පාවිච්චි කළේ ජන සමාජය ප්‍රජාතන්ත්‍රීය කිරීමේ අදහසින් නොවේ. වෙනත් වැඩකට ය. තම වැඩවසම් ගතානුගතික ස්වාමි-දාස සම්බන්ධය තවදුරටත් නඩත්තු කිරීමට මේ අලු‍ත් උපකරණ කදිමට යොදාගැනීමට ඔවුහු අති දක්ෂ වූහ. පක්ෂ සහ මැතිවරණ සළුවෙන් සියලු‍ වැඩවසම් නොපනත්කම් වැසී ගියේය. ඒ නිසාම ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයේ ආසියානු මොඩලය ලෙස නම් දැරීය. ඒ පොත්ත දෙස බලාය. එහෙත් ඇත්ත ඇතුළ ඊට කිසිසේත්ම ගැළපුණේ නැත. ඒ ඇත්ත කුණු ගොඩක්ම වී වැඩවසම් රදළ ව්‍යාපෘතියක්ම විය. දේශපාලනය ජාතික වශයෙනුත් ප්‍රාදේශීය වශයෙනුත් වැඩවසම් පවුල් කීපයකට නතු විය. වැඩවසම් පවුල් රටේ ප්‍රජාතන්ත්‍රීය ආයතන තම පරණ වැඩේ සඳහා පාවිච්චි කරන්න පටන් ගත්හ. ඉන් රට සහ ජනයා ගලවා ගැනීමට පුරෝගාමී වමට තබා පසු කාලීන වමටත් බැරිවිය. ගලවා ගැනීමට ආ ඔවුහුත් ඒ කුණුගොඩේම කරවටක් ගිලී ගියෝය. ජනයාට මඟ කියන කිසිවෙක් ඉතිරි නොවුණේ එහෙමය. 

1978 න් පසු යම් වෙනසක් සිදු විය. එහෙත් ඒ වෙනස ජන සමාජයට හිතකර නොවීය. සිදුවුණේ වැඩවසම් ප්‍රභූන්ට අමතරව අලු‍තින් ධනය රැස්කරගත් ලු‍ම්පන් ප්‍රභූ පිරිසක් දේශපාලන බලය අභ්‍යාස කිරීමට මැදිහත් වීමය. ඔවුහු ටික කලකින් දේශපාලන පොරපිටිය සහ ආයතන මුළුමනින්ම පාහේ අත්පත් කරගත්හ. පාර්ලිමේන්තුව, පළාත් සභා සහ ප්‍රාදේශීය ආණ්ඩු පමණක් නොව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන පවා ඔවුන්ගේ අණසකට යටත් කරගත්හ. ඒ විතරක් නොව රටේ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම ලු‍ම්පන් එනම් පාදඩ මැර දේශපාලන සංස්කෘතියක් බවට පත්විය. සමහර වැඩවසම් ප්‍රභූහු දේශපාලනයෙන් එක්කෝ ඉවත්වූහ. නැත්නම් වීසිවිය. ඉතිරි වූ වැඩවසම් ප්‍රභූන් පරාජය භාරගෙන ඔවුහුද ලු‍ම්පන් ප්‍රභූ දේශපාලන සංස්කෘතිය ම අනුගමනය කිරීමට පටන් ගත්හ. ඒ මත යැපෙන්නට පටන් ගත්තෝය. ලු‍ම්පන් දේශපාලනය ලාංකීය දේශපාලනයේ ගමන් තරුව බවට පත් විය. අද අප ගෙවා දමන්නේ ඒ ගමනේ කරුමක්කාරම මොහොතක් ය. මේ දිනවල පුපුරා ලාවා ගලන දේශපාලන - ආර්ථික - සමාජ ගිනි කන්ද වනාහි අර ඉතිහාසය පුරා වර්ධනය වුවක් බව තරමකින් හෝ දැන් ඔබට වැටහෙනවා ඇත. 

මින් ගැලවීමේ මඟක් සොයා ගත යුතුමය. එකක් හදිසි සහ කෙටි කාලීන විය යුතුය. අනෙක දිගු කාලීන විය යතුය. කෙටි කාලීන මඟ කුමක් ද? මෙවර එය විමසමු. මේ පවතින පාර්ලිමේන්තුව වනාහි 2015 ජනවාරි 9 දා සිටම විකෘති එකකි. රටේ ජන සමාජයේ බල තුලනය සහ පාර්ලිමේන්තුවේ බල තුලනය ගැළපුණේ නැත. ඇමැති මණ්ඩලය තුළ සාමූහික දැක්මක් හෝ වගකීමක් දක්නට නොලැබුණි. හැමෝම හැමෝම සැක කළෝය. හැමෝම හැමෝටම බියෙන් සිටියෝය. හැමෝම තවකෙකුගෙන් හෝ පිරිසකගෙන් බලය හෝ ධනය හෝ තනතුරු කඩා ගැනීමට පැහැර ගැනීමට කුරුමානම් අල්ලමින් සිටියෝ ය. ජනාධිපති සහ අගමැති අතර ප්‍රතිපත්තිමය සහ ක්‍රියාමාර්ගික එකඟතා නොතිබුණි. එය කමක් නැත. එහෙත් ඒ දෙදෙනා වෙන වෙනම කණ්ඩායමක අය නොවී එකම සන්ධානයක ප්‍රධාන නායකයන් දෙදෙනා ය. එවැනි තැනක අති බරපතළ ප්‍රතිපත්තිමය සහ ක්‍රියාමාර්ගික නොපෑහීමක් යනු රටකට සමාජයකට අත්කර දෙන්නේ මහා ඛේදවාචකයක් මිස වසන්තයක් නොවේ. සිදුවුණේ සිදුවී ඇත්තේ ඒ ඛේදවාචකය ය. 

මේ පවතින පාර්ලිමේන්තුව සහ මහජන සමාජය අතර බලතුලනය අසමාන බව කදිමට ප්‍රකාශයට පත්වූයේ පෙබරවාරි 10 ප්‍රාදේශීය ආණ්ඩු මැතිවරණයේ දී ය. එය ප්‍රාදේශීය කීවාට මහජනයා ක්‍රියා කළේ ජාතික මැතිවරණයක් ලෙස ගෙනය. ඒ ප්‍රතිඵලය මේ මොහොතේ ජනාධිපති - පාර්ලිමේන්තු අර්බුදයට බලපෑ ප්‍රධාන මෑත කාලීන සාධකය ය. එහෙත් එය නොතකා ඉදිරියට ආ පාර්ලිමේන්තුව දැන් අර්බුදයක ය. පාර්ලිමේන්තුවේ යම් කිසි කණ්ඩායමක් පෙන්නන බහුතරයෙන් ඒ අර්බුදය විසඳාගත නොහැකි තරමේ ජාතික අර්බුදයක් බවට පත්වී ඇත. බලයට පෙරේත දේශපාලකයන්ට එය පෙනෙන්නේ නැත.

 උපකල්පන කීපයකට එළඹෙමු. පාර්ලිමේන්තුවේ බහුතරය මහින්ද රාජපක්ෂ අගමැති වනවාට විරුද්ධ වුවාට රනිල් වික්‍රමසිංහ අගමැති වනවාට කැමති නැත. ඔහුට අගමැති ධුරය ලබා දීම සඳහා පෙළ ගැසෙන්නේ නැත. මේ නිගමනයට මා එන්නේ ජවිපෙ සහ ද්‍රවිඩ සන්ධානය එළිපිට කියන දේවල් සැලකිල්ලට ගනිමිනි. එසේම බහුතරයක් පෙන්නා රාජපක්ෂ පරාජය කොට වික්‍රමසිංහලා ජයග්‍රහණය කළද ඔහුව අගමැති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අකැමැතිය. ඒ අකැමැත්ත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ඔහු සතුව තිබීම විශේෂ ය. එසේම බහුතරය පෙන්වා මහින්ද රාජපක්ෂ සිය අගමැති ධුරය ආරක්ෂා කර ගත්තද ඔහුට පාර්ලිමේන්තුවේ දී මුහුණ දීමට සිදුවන්නේ තමාට එරෙහිව රනිල් වික්‍රමසිංහ කණ්ඩායම සමඟ පෙළගැසෙන බලවත් විපක්ෂයක් සමඟය. ඒ විපක්ෂය සමඟ පොර බැඳීමට තම ශක්තිය වර්ධනය කර ගැනීමට සිදුවන්නේ විවිධ තනතුරු සහ වරදාන විපක්ෂයේ අයට ලබාදීමෙනි. එවිට බලය සඳහා, රට සහ පොදුජන සමාජය නොතකා හැරීමට සිදුවීම අනිවාර්ය ය. 

මේ බල පොරය තුළ පොදු ජන සමාජයට මුහුණ පෑමට සිදුවන පීඩා නිමක් නැති වනු ඇත. ඒ අතර දැනට ඔඩුදුවා ඇති ආර්ථික අර්බුදය තවතවත් පුළුල් වීම සහ ගැඹුරුවීම ප්‍රධාන ය. එසේම දේශපාලන ව්‍යකුලතාව සහ අර්බුදය තවතවත් වර්ධනය වනු ඇත. ඒ සාධක දෙක මහා සමාජ අර්බුදයක් ජනනය කිරීමට හොඳටම ප්‍රමාණවත් ය. කෙටි කාලීනව අවශ්‍ය වන්නේ ඒ තත්වය ඇති නොවන ක්‍රියාමාර්ගයකට යාමය. එය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම නම් නොවේ. 

සිදුවිය යුතු අනුගමනය කළයුතු එකම ක්‍රියාමාර්ගය වන්නේ රටේ අතිමහත් ජනකායක් සහ ජනමත ප්‍රකාශකයන් ඉල්ලා සිටින පරිදි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමය. මන්ද ව්‍යවස්ථාවටත් පාර්ලිමේන්තුවටත් වඩා මහජන පරමාධිපත්‍යය බලවත්ය. වැදගත් ය. උත්තරීතරය. ඒ බව මේ වනවිට මහජනයා වටහාගෙන සිටිති. එය පාලකයන්ගේ අවාසනාවට හේතුවකි. එහෙත් එය රටේ සහ ජනයාගේ වාසනාවකි.

ඒ වැටහීම මත පදනම්වී මහ මැතිවරණයක් සඳහා පෙළ ගැසෙන ජනයා පාර්ලිමේන්තුවට තෝරා පත්කිරීමට පමණක් නොව අපේක්ෂක ලැයිස්තුවලට නම් කරන්නේ කවුරුන්ද යන්න පවා තීරණය කරන තැනකට සංවිධානය විය යුතුය. පක්ෂ යැයි කියන කල්ලි සැබෑ දේශපාලන පක්‍ෂ බවට පත් කළ හැක්කේ එවිටය. එවිට පාර්ලිමේන්තුවේ කල්ලි බහුතරයට වඩා මහජනයාගේ බහුතරය බලවත් වනු ඇත. ඒ සියල්ල සඳහා විකෘති බල තුලනයක් සහිත පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් පැවත්වීම මේ මොහොතේ මුහුණ දෙමින් සිටින දේශපාලන අර්බුදයෙන් රට ගලවා ගැනීමට ඇති එකම සහ හොඳම ක්‍රියාමාර්ගය ය. අපි ඊට පෙළගැසෙමු, බල කරමු.



අදහස් (8)

අර්බුදයට විසඳුම බහුතරය ද

සුනීතා Friday, 23 November 2018 04:59 AM

මැතිවරණ පැවැත්වීම එකම විසඳුම නොවේ. ජනපතිවරණය කලින් පැවැත්වුව, මහමැතිවරණ කලින් පැවැත්වුව, රටට මේ තරම් වියදම් දරන්න පුලුවන්ද? කලින් රජය සාමාන්‍ය විදිහට ගියා. බුධිමත් ජනතාව දන්නවා බඩු මිල ඉහළ ගියේ අධික ණය බර නිසා කියල. තව වසර දෙකක් කලින් ආණ්ඩුව තිබුනානම් ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. පාට කන්නාඩි ගලෝල බලන්න. ජනපති එජාප රජයට සාර්ථකව වැඩ කිරීමට ඉඩ දුන්නෙ නැහැ දේශපාලන කුහකත්වය නිසා. ප්‍රශ්න සේරටම මුල ජනපති. මුලින්ම පැවැත්විය යුත්තේ ජනපතිවරණයක්.

:       1761       1803

Bamunuarachchi Friday, 23 November 2018 06:12 AM

එය මැති ඇමති බහුතරය නොවයි රටේ ජනතා බහුතරය විය යුතුය. පාර්ලිමේන්තු බහුතරය විසින් ආණ්ඩුවට තිබෙන්නේ රනිල් බේරා ගන්නට නොව තමන්ගේ පැන්ෂන් එක බේරා ගැනීමටය.

:       65       75

malajohn Saturday, 24 November 2018 12:08 AM

ඔබට අලුත් ආණ්ඩුවෙන් ලැබුන තනතුර දන ගැනීමට කැමතියි අපි ධම්ම මහත්තයෝ ?

:       63       30

sunil Sunday, 25 November 2018 08:07 AM

රනිල්ව ගෙදර යවලා හොඳ අලුත් කෙනෙක්ව පත්කර ගමු. අපි දන්නවා කවුද හොරා කියලා..

:       46       86

sunetha nirmal Sunday, 25 November 2018 02:03 PM

සුනීතා, පුළුවන් සල්ලි තියනවා.

:       14       10

sena Monday, 26 November 2018 12:25 PM

මැතිවරණයකට කිසිසේත්ම යායුතු නොවේ.

:       14       0

Neel Perera Tuesday, 27 November 2018 07:42 AM

මැතිවරණයක් පැවැත්වීම නොවෙයි මෙතන ප්‍රශ්නය, දැන් ආණ්ඩු කරනවාය කියන පක්ෂය යටතේ මැතිවරණයක් පැවැත්වීමයි. අනිවාර්යයෙන්ම අවනීතියෙන් ජනතා ඡන්දය මංකොල්ල කනවා. මේකට හොඳම විසඳුම භාරකාර රජය විසුරුවා හැර විශේෂ නිර්පාක්ෂික ස්වාධීන මැතිවරණ කොමිසමක් පත්කර ඒ යටතේ මැතිවරණය පැවැත්වීමයි. එසේ නොහැකිනම් භාරකාර රජය සඳහා එක පක්ෂයකින් ඇමතිවරු පත්නොවී සෑම පක්ෂයකින්ම සමාන නියෝජිතයින් ප්‍රමාණයක් නම්කර ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් පවත්වන පිණිස ඔවුන්ට බලය ලබාදීමයි. පොස්ටර්, කටවුට්, ප්ලාස්ටික්, මැරබලය, අවනීතිය, බලහත්කාරකම්, තර්ජනය කිරීම්, පහර දීම්, මිනිමැරුම්, නාස්තිකාර වියදම්, රාජ්‍ය නිළධාරි සහ වාහන අවභාවිතාව නැති, පොලිසිය සහ ආරක්ෂක අංශවල නිර්පාක්ෂික සේවය ලබාදෙමින් මැතිවරණයක් පවත්වන්න. එසේ නැත්නම් මෙය කෝටි 400 - 500 ක් මහජන මුදල් නිෂ්ඵල ලෙස වැය කිරීමකි.

:       1       54

බද්රානි Tuesday, 27 November 2018 09:26 AM

මේ අර්බුධයට එකම විසඳුම වන්නේ ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමයි. යම්කිසි ලෙසකින් මහමැතිවරණයක් තුළින් කිසිදු පක්ෂයකට බහුතරයක් හිමි නොවුන හොත්, නැවත වතාවක් රට මේ අරාජික තත්වයට ඇදවැටෙන බව පැහැදිලියි. පසුගිය වසර තුනහමාරක කාලය තුළ ජනාධිපතිතුමා යටතේ පැවති රජයේ සියලුම ක්‍රියාවන් වලට එතුමා ඍජුව වගකිව යුතුයි. අද මේ රට කිසියම් ව්‍යසනයකට අද දැමීමේ, සියලුම වගකීම ජනාධිපති වරයා භාර ගත යුතු අතර, හැකි ඉක්මනින් එතුමා තම තනතුරෙන් ඉවත්වී, ජනාධිපති මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කල යුතුයි.කෙසේ වෙතත්, වර්තමාන ජනාධිපති වරයා හැර, 2015 ට ප්‍රථම මේ රටේ බිහිවූ සියලුම විධායක ජනාධිපතිවරු ව්‍යවස්ථාවට අනුව කටයුතු කල බවද අප පිළිගත යුතුයි.

:       1       19

ඔබේ අදහස් එවන්න

කොලම

සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 26 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 201 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


නරියාකන්ද ඛේදවාචකය උගන්වන පාඩම
2024 අප්‍රේල් මස 23 844 6

දියතලාව නරියාකන්ද (ෆොක්ස්හීල්) මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගයක් අතරමැද දී සිදුවූ අනතුරකින් තරගය නරඹමින් සිටි පුද්ගලයන් හත් දෙනකු මරුමුවට පත්වී තවත්


වෛද්‍ය අධ්‍යාපනය කොයිබටද?
2024 අප්‍රේල් මස 22 927 0

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වියදම්කාරී තත්වයෙන් දෙවැනි තැනට පත් වන්නේ එම්. බී බී.


රාජ්‍ය සේවකයන් දේශපාලක අතකොලුවීමට ඉඩ නොදෙමු
2024 අප්‍රේල් මස 22 181 2

ඉදිරි මාස 6ක කාලය ඇතුළතදී මේ රටේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට නියමිතය. ව්‍යවස්ථානුකූලව මීළඟ ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මැද සහ ඔක්තෝබර් මැද කාලය ඇතු


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 493 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site