(සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)

 

ප‍්‍රශ්නය: ගත වූ වසර දෙකේදී ඒකාබද්ධ විපක්ෂය නොයෙකුත් දේශපාලන ක‍්‍රියාකාරකම්වල නිරත වුණා. පෙරළියක පෙරමග එයින් තවත් එකක් පමණ ද ?

පිළිතුර: යූ.එන්.පී ආණ්ඩුවට එරෙහිව මහජන මතය ගොඩනැගීමට මහජන රැස්වීම් ගණනාවක් දිස්ත‍්‍රික්ක ගණනාවක සංවිධානය කර තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් හැටියට යෝධ මහජන රැුලියක් ගාල්ලේ හබරාදූවේදී පෙරේදා පැවැත්වුවා. ඉන් අනතුරුව දිස්ත‍්‍රික්කයෙන් දිස්ත‍්‍රික්කයට ඒ මහජන පණිවුඩය ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. පෙබරවාරි මාසයේ නුගේගොඩ රැස්වීමක් පැවැත්වුවා. රජය සමඟ ජනතාව නොමැති බව පෙන්වීමේ එක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණයක් වන්නේ යෝධ මහජන රැස්වවීම් පැවැත්වීමයි.

ප‍්‍රශ්නය: ඒකාබද්ධ විපක්ෂය ආසන්නයේදී ගත් දේශපාලන තීරණවල ප‍්‍රතිඵල ගැන සෑහීමකට පත්විය හැකි ද?

පිළිතුර: ඒවායේ ප‍්‍රතිඵල ඉතා එක්මණින් නිරූපණය වෙනවා. එක පැත්තකින් ආණ්ඩුව ඇතුළේ දේශපාලන සහ ආර්ථීක අර්බුදය වර්ධනය වෙමින් තිබෙනවා. පළාත් පාලන ඡුන්දය නොතබන්නේ පරාජයට ඇති බය නිසයි. මෙවැනි රැුලිවලට මහජන දහස් ගණනින් සහභාගී වෙනවා. රජයට මහජන මතයක් පෙන්වීමට මහජන රැළි හේතුවක් වෙනවා.

ප‍්‍රශ්නය: ජීනිවා මානව හිමිකම් ප‍්‍රශ්නයේදී ජනාධිපති අගමැති විවේචනාත්මක මැදිහත්වීමක් කරනවා නම් ඒකාබද්ධ විපක්ෂයට නම්‍යශීලි විය නොහැකි ද ?

පිළිතුර: ලංකා ආණ්ඩුවේ ව්‍යවස්ථාවට එරෙහිව විදේශ උසාවි, විදේශ විනිසුරන් ගෙන්වීමට ඇති තත්ත්වය විවේචනයට ලක්කළේ ඒකාබද්ධ විපක්ෂය විසිනුයි. ඊටපස්සේ ජනාධිපතිතුමාටත් මේ පිළිබඳ විවේචනය කරන්නට සිදුවුණා. මාසයකට පෙර රනිල් වික‍්‍රමසිංහ මහතාටත් එයම සිදුවුණා. ඉතින් මේ අර්බුද ඇතිවුණේ කෙසේද? මහා පාවාදීමට එකඟව එහි සමයෝජනාකරුවන් බවට පත්වීම නිසා නොවේද? මෙම තත්ත්වයට එරෙහිව ඇති එකම දේශපාලන බලවේගය ඒකාබද්ධ විපක්ෂය නිසා නොවේද? තෝරාගන්නා ක‍්‍රියාමාර්ග ගැන අපට ප‍්‍රශ්නයක් නෑ.  අපි ගමන් කරන්නේ අපේ සැල්සමකටයි. අපි කලබලකාරී ක‍්‍රියාමාර්ග අනුගමනය කරලා නෑ.

ප‍්‍රශ්නය: සරත් වීරසේකර මහතා විශේෂ මානව හිමිකම් නියෝජිතයකු ඉල්ලා සිටීම ආණ්ඩුවේ විවේචනයට ලක්වෙනවා නේද?

පිළිතුර: ආණ්ඩුව මොනව ප‍්‍රතික්ෂේප කරන්නත් ඉස්සෙල්ලා 2015 සැප්තැම්බර් මාසයේ ලංකාවට විරුද්ධව ගෙනා යෝජනාවට හවුල්කාර රටක් වෙමින් වැඩිම හානිය කළේ මේ ආණ්ඩුවයි. මේ විනාශය සිදුවන්නේ එහි සඳහන් වගන්ති අනුවයි. තව අවුරුදු දෙකක්  ඕනෑ යැයි කියන පිරිස් සමඟ මොන ආණ්ඩුද ? තම රටට, ආණ්ඩුවට, ජනතාවට විරුද්ධව මෙසේ කටයුතු කිරීමට එකඟ වූ රටක් තවත් නෑ.

ප‍්‍රශ්නය: මේ ගැන ඔබ පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්න කළවිට එවැන්නක් සිදු නොවන බවට අගමැතිවරයා පැහැදිලිව සඳහන් කළා ?

පිළිතුර: ආණ්ඩුවේ මේ ප‍්‍රතිචාර ගැන කිසිම විශ්වාසයක් නෑ. මොකද මේ උත්තරය දෙන්න ආණ්ඩුවට අවුරුද්දකට වඩා ගතවුණා. ඒකටත් අගමැතිතුමා හරියට පිළිතුරක් දුන්නේ නෑ. ඔහු උත්සාහ දැරුවේ පනතේ වගන්ති අර්ථ නිරූපණය කර දැක්වීමටයි. නමුත් ප‍්‍රශ්නය තිබෙන්නේ මෙම වගන්ති යෝජනාවේ ඇතුලත්වීමයි.

ප‍්‍රශ්නය: දෙමුහුන් උසාවි නොගෙනෙන බවට ජනාධිපතිවරයා දුන් සහතිකය ප‍්‍රමාණවත් නැද්ද ?

පිළිතුර: විදෙස් උසාවි, විදෙස් විනිසුරන්, පරීක්ෂකයන් පත්කරන ක‍්‍රියාවලියට ඉඩදෙන්නේ නෑ ඔහු කිව්වා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව එම පියවර තමාට ගත නොහැකි බව කියද්දී ගිය අවුරුද්දෙදි අගමැතිවරයා එය පිළිගත්තේ නෑ. ඔවුන් තවමත් ළිඳ වටේ කැරකෙමින් මෙහි වරදක් නැති බව ඒත්තුගැන්වීමට උත්සාහ කරනවා.

ප‍්‍රශ්නය: ඇමෙරිකානු නව ජනාධිපතිවරයාගේ මතවාදය සමඟ විශේෂ වාසි ලබාගැනීමේ හැකියාව ගැන මහින්ද රාජපක්ෂ මහතා පෙන්වාදුන්නත් මානව හිමිකම් සැසියේදී එවැනි තත්ත්වයක් දකින්නට ලැබුණේ නෑ නේද?

පිළිතුර: ඇමෙරිකාවේ ස්ථාවරය වෙනස්වන්නේ ඇමෙරිකාවේ නව පාලන රටාව සමඟ රටක් කරුණු කියා සාකච්ඡා කළහොත් පමණයි. එසේ නැතිව නිකන් ඉඳලා එහෙයි කියනවා නම් තමන්ගෙ යෝජනා ගැන සැලකිලිමත් වේවිද? ලෝකයේ තිබෙන්නේ ශ‍්‍රී ලංකාව පමණක් නෙවෙයි. රටවල් එකසිය අනූවක් තිබෙනවා.

ප‍්‍රශ්නය: ඒකාබද්ධ විපක්ෂයට කලබලයක් නැති බව ඔබ කීවත් පසුගිය කාලයේදී සිදු වූ දේවල් සමඟ ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තු ක‍්‍රියාදාමය කඩා කප්පල් කිරීමේ සංවිධානාත්මක වෑයමක් ඇති බවට චෝදනා එල්ලවුණා. එය පිළිගන්නවද?

පිළිතුර: කිසිම කඩාකප්පල් ක‍්‍රියාවක් අපි කරලත් නෑ. කරන්නෙත් නෑ. පාර්ලිමේන්තුව කියන්නේ මහජනතාවගේ වේදිකාවයි. නීති වගේම අලූත් අදහස් ඉදිරිපත් වන්නේ එතැනදියි. මේ වනවිට පාර්ලිමේන්තු විපක්ෂයේ බලවත්ම පිරිස ඒකාබද්ධ විපක්ෂයයි. අනෙක් පිරිස ගත්තාම ටී.එන්.ඒ එක 16 යි. ජවිපෙ 6යි. වාර්තා අනුව බැලූවාම ලොකුම පිරිස ඒකාබද්ධ විපක්ෂයෙයි. ඉතින් මේ යථාර්ථයට පිළිතුරු නොදීත් බෑ. මහජන මතය නියෝජනයවීමට ඇති අයිතිවාසිකම් ඉඩනොදී යටපත් කරන්නේ ඇයි? මහජන මතය නියෝජනයවීමට අපේක්ෂා කරන අයිතිවාසිකම අදාළ තැනැත්තන්ට ලබාදෙනවා. එවැනි විටෙක කඩාකප්පල්කාරී ක‍්‍රියා නොවෙයි අනිවාර්යෙන්ම වාද විවාද ඉල්ලා සිටීම ලෝකයේ හැමතැනම ඇති වන තත්ත්වයක්.

ප‍්‍රශ්නය: පාර්ලිමේන්තුවේ සම්ප‍්‍රදාය හා ස්ථාවර නියෝග හොඳින් දන්නා ජ්‍යෙෂ්ඨයකු වීත් ඔබ නවකයන් ආක‍්‍රමණශීලී හැසිරීම්වලට පොළඹවනවා යැයි එල්ල වන චෝදනා පිළිගන්නවද?

පිළිතුර: මට නැවත දීමට සිදුවන්නේ පෙර පිළිතුරුමයි. ජනතාවගේ නියෝජිත ජන වරම පෙන්නුම් කරන කේන්ද්‍රස්ථානය පාර්ලිමේන්තුව බව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව තිබෙනවා. එනිසා නිශ්ශබ්ද එහෙයියන් බවට පත්වීමට කාටවත් බෑ. තමන් ලද ජනවරම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ක‍්‍රියාත්මක කිරීමේ බලය පාර්ලිමේන්තුව හරහායි තිබෙන්නේ. අනෙක් අතට විවිධ කාලවල ආචාර්ය එන්.එම්.පෙරේරා, ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, රොබට් ගුණවර්ධන, පිලිප් ගුණවර්ධන හා සුන්දරලිංගම් වැනි ජාතික නායකයන් පාර්ලිමේන්තුවෙදි මෙවැනි ගැටලූවලට මුහුණ දීලා පාර්ලිමේන්තුවෙන් ඉවත් කරනු ලැබුවා. ඒ අයත් කළේ කඩාකප්පල්කාරී ක‍්‍රියා ද? නෑ. යම්කිසි මතයක් තර්කානුකූලව ඉදිරිපත්කිරීමට ඉඩ නොදෙනවා නම් කතානායක පුටුවයි මන්ත‍්‍රීතුමා අතරයි අනිවාර්යෙන්ම ගැටලූවක් මතුවෙනවා. ඒක අතින් පයින් කෙරෙන දෙයක් නෙවෙයිනෙ. එහෙම වාදයට ඉඩ නොදී එලියට දැමීම මීට කලිනුත් කරලා තිබෙනවා.

ප‍්‍රශ්නය: දිනේෂ්ට පාර්ලිමේන්තුවේ දොර වැහෙද්දී විමල්ට ඇප නැති වෙලා. ඒකාබද්ධ විපක්ෂයත් හරියට ඇප නැතිවෙලා දේශපාලන මඩ ගොහොරුවක හිරවෙලා යැයි ආචාර්ය සරත් අමුණුගම කියන කතාව ඇත්තද?

පිළිතුර: ඔව්, ඉතින් ආණ්ඩුවත් මොනවා හරි ප‍්‍රකාශ කරන්නෙපැයි. ආණ්ඩුවෙ ඉන්න අයට තමන්ගෙ ආසනේ දාහක් හොයාගන්න බෑ. හැබැයි ඒකාබද්ධ විපක්ෂෙ අයගේ දේශපාලන වැඩවලට දහස් ගණනින් පිරිස ආවා. දේශපාලන මඩ ගොහොරුවක හිරවෙලා ඉන්නෙ කවුද කියලා මහජනතාව හොඳින් දන්නවා. ආණ්ඩුවෙ තනතුරු තිබෙන  ඕනෑම කෙනෙක් විවිධ කතන්දර කියාවි. හැබැයි සැබෑ ජන මතය බැලූවාම එක්සත් ජාතික පක්ෂයේ කෙනෙකුටවත් පළාත් පාලන මන්ත‍්‍රී කෙනෙකු වීමට බැරි තැනට පත්කරලා. ඇයි එහෙම වෙන්නේ? දහස් ගණනින් අරගෙන ඒ අයටත් ජයග‍්‍රහණය කිරීමට පුළුවන්. හැබැයි සමස්තයක් වශයෙන් පරදින බව ඔවුන් පවා අද දන්නවා. මේ වනවිට ආණ්ඩුවේ දේශපාලන, ආර්ථික යාන්ත‍්‍රණය කඩාවැටිලා. ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසයත් කඩාවැටිලා.

ප‍්‍රශ්නය: ඡන්දය පවත්වන්නේ කවර ඡන්ද ක‍්‍රමයකටදැයි කියා තිබූ සංවාදය මේ වනවිට පවත්වන්නේ කවර ඡන්දයක්ද යන තැනට පරිවර්තනය වී තිබෙනවා. මේ අලූත් සංවාදය ඔබ දකින්නෙ කොහොමද?

පිළිතුර: කිසිම අලූත් සංවාදයක් නෑ. පළාත් පාලන ඡුන්දය පවත්වන්නැයි ඒකාබද්ධ විපක්ෂය දැඩි ලෙස ආණ්ඩුවට බලපෑම් කර සිටිනවා. අවුරුදු දෙකකින් ඡන්දය පවත්වලා නැහැ. ගැසට් පත‍්‍රය අච්චු ගහගෙන මුද්‍රණාලයේ තියෙගෙන ඉන්නවා. මේක ආණ්ඩුවේ යහපාලනයද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ? පළාත් පාලන සහ පළාත් සභා ඡන්දයට අපි සූදානම්.

ප‍්‍රශ්නය: ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ මෙහෙයුම් කමිටුව පසුගිය 22 වැනිදා රැස්වුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එතැනට සහභාගි වුණේ නැහැ. ඇත්තටම එතැන මොකක්ද වුණේ ?

පිළිතුර: ආණ්ඩුක‍්‍රම මෙහෙයුම් කමිටුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව පත් කරන ලද්දක්. එහි සාමාජිකයන් 21 ක් සිටිනවා. ඔවුන් කිසිවෙක් මේ කමිටුව නිසි පරිදි සහභාගී නොවන බව පැහැදිලියි. විසි එක්දෙනාගෙන් කී දෙනෙක් සහභාගී වෙනවාද යන්න දිනපතා පාර්ලිමේන්තුවට කිව යුතුයි. මම අගමැතිවරයාට මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් කියා තිබෙනවා. බැරිම තැන තමයි පාර්ලිමේන්තුවේදී මේ ගැන කිව්වේ. රටේ ආණ්ඩුක‍්‍රම වයවස්ථාව සකසන කමිටුවේ 21 දෙනාගෙන් 7 දෙනකුටත් එන්න බැරි නම් මොකක්ද මේ කමිටුවේ තේරුම. කවුද මේකට එන්නේ කවුද එන්නේ නැත්තේ කියලා පාර්ලිමේන්තුවට කියන්න  ඕනේ. එතකොට රට දන්නවා මොකද වෙන්නේ කියලා. එතකොට බොරු ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය වෙන්නේ නැහැ.

ප‍්‍රශ්නය: එහෙම බැලූවොත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසන්න ආණ්ඩුවට ඇත්තටම වුවමනාවක් නැද්ද ?

පිළිතුර: ආණ්ඩුවට ආණ්ඩුවේ අය ගේන්න බැරි තත්ත්වයක් තමා තියෙන්නේ. හැබැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලන ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගොඩනගන්න ආණ්ඩුවට වුවමානවක් තිබෙනවා.

ප‍්‍රශ්නය: විදේශ අමාත්‍යවරයාගේත් දෙමළ ජාතික සන්ධානයෙත් අදහස් සමපාත වුවත් ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් අදහස් ඊට නොගැලපෙන බවක් ඔබ දකිනවාද ?

පිළිතුර: රටට අහිතකර මේ යෝජනාවටත් ඊට වගන්ති ඇතුළත් කරන්නත් ආණ්ඩුව කටයුතු කළේ දෙමළ ජාතික සන්ධානයේ වුවමනාවටයි. එහෙම තමයි එම රටවල් ශ‍්‍රී ලංකාවට අහිතකර යෝජනාවක් ගෙන එමින්, ඊට විදේශ අමාත්‍යවරයාගේ සහයෝගයක් ලබා ගත්තා. දෙමළ ජාතික සන්ධානයට ෆෙඩරල් ආණ්ඩුවක් අවශ්‍ය වෙලා තිබෙනවා. එය හංගන්න දෙයක් නැහැ. හමුදා සාමාජිකයන්ට දඬුවම් කරමින් ෆෙඩරල් ආණ්ඩුවක් ගොඩනගා ගැනීමේ පියවර තමයි මේ තබන්නේ. එය රටටම තේරෙනවා. මේ දේවල් පෙන්නේ නැත්තේ දෙමළ ජාතික සන්ධානයට කප්පම් ගෙවන සුළු පමණයි.

ප‍්‍රශ්නය: රණවිරු දඩයම ගැන කියනකොට, පසුගිය ආණ්ඩුව කාලයේදී ජනමාධ්‍යවේදීන්, සමාජ ක‍්‍රියාකාරීන් වගේ පිරිස්වල අතුරුදන්වීම්වලට බුද්ධි අංශ සාමාජිකයන් සම්බන්ධ බව මේ වෙනකොට අධිකරණයේදී හෙළිවෙමින් තිබෙනවා. වැරැදිකරුවන්ට දණ්ඩ මුක්තිය හිමි විය යුතුයි කියලා ඒකාබද්ධ විපක්ෂය විශ්වාසය කරනවාද ?

පිළිතුර: සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කළ යුතුයි. චෝදනා ඔප්පු නොකර කෙනෙක් වැරැදිකාරයෙක් කරන්න බැහැ. ඉතින් චෝදනාවක් තිබෙනවා නම්, කරුණු තිබෙනවා නම් ඒවා නීත්‍යානුකූලව ඔප්පු කරන තෙක් කරන චෝදනා වලංගු නැහැ. ඒ තත්ත්වය පසුගිය අවුරුදු දෙකම කාලයේදී අපි දැක්කා. පසුගිය කාලයේදී චෝදනා ඔප්පු නොකරපු අසත්‍ය චෝදනා අපි දැක්කා. ආණ්ඩුවේ චෝදනාවල වලංගුභාවයක් නැති බව අපි දැක්කා. අපි ප‍්‍රශ්න කරන්නේ ආණ්ඩුවේ දේශපාලන කි‍්‍රයාවලිය මිසක් අධිකරණ කි‍්‍රයාවලිය ගැන නෙමෙයි.

ප‍්‍රශ්නය: මේ අවුරුද්ද අවසන් වෙන්නට පෙර ආණ්ඩුව පෙරළා දමන බව අවුරුද්ද ආරම්භයේදී මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. දැන් මාර්තු මාසය අවසන්. කාර්තුවක් අවසාන වේගෙන යනවා. යම් නිශ්චිත කාලයක් ඉතිරි වී තිබෙනවා. මේ ආණ්ඩු පෙරළීමේ කතාව ඔබ දකින්නේ කොහොම ද?

පිළිතුර: මේ රටේ හෝ වෙනත් රටක දේශපාලනය සම්බන්ධයෙන් අපි මැරිලා ඉපදිලා නැහැ. ආණ්ඩු පෙරළෙන්නේ, පෙරළන දිනයටයි. එය මේ දවසේ වෙනවා කියලා කියන්න බැහැ. මීට කලින් ආණ්ඩු කීයක් පෙරලූණාද ? අපේ ආණ්ඩුවත් පෙරළුණා. අද වනවිට ආණ්ඩුව අර්බුදයකට ලක්වෙලා තියෙනවා. ආණ්ඩුව පෙරළෙන ලකුණු දැන් දකින්න තිබෙනවා. ආණ්ඩුව පෙරළෙන්නේ ඡන්දෙන්.