යුද ඉතිහාසයේ අලිමංකඩ පරාජයේ බියකරු මතකයෙන්

21 වැනි කොටස

 

 

 

මේ රට යනු තිස්වසරක් පුරා යුද අග්නියෙන් දැවුණ තැවුණ රටකි. මරණයට අභියෝග කළ වීරෝදාර සෙබළ බළමුළු දළරළ පෙළක් සේ උස්ව නැගෙමින් මාතෘ භූමියේ උස් නිදහස වෙනුවෙන් ඇස් ඉස් මස් ලේ හා ජීවිත පූජා කරමින් සටන් කළහ.


‘අලිමංකඩ පරාජය’ ඒ අමිහිරි යුද ඉතිහාසයේ බියකරුම පරාජයකි. ඒ පරාජය තුළ ඇති යුද්ධයේ කටුකත්වය. මෙසේ ඔබ ඉදිරිපිට දිග හරිමු.


‘අලිමංකඩ’ තීරණාත්මක දින තිහක අප්‍රකාශිත කථාව’ නමින් කෘතියක් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ ‘අනුග්‍රහය’ කෘතවේදීව සිහිපත් කරමු.

කර්නල් භාතියගේ ‘හඳහන’ට අනුව යෙදී තිබුණ ග්‍රහ අපල තත්ත්වයක් නිසා භාතියගේ මාමණ්ඩිය වන හිටපු හමුදාපති හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හැමිල්ටන් වනසිංහ හා මහත්මියත් තවත් ඔවුන්ගේ ඥාතියකු වන හිටපු ඇමති සරත්චන්ද්‍ර රාජකරුණාත් ඊට පෙර මාර්තු මාසය පුරා ඉන්දියාවේ දඹදිව බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කරමින් භාතියගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් පිහිට ආධාර පැතූහ. තව ද මිය යාමට සතියකට පමණ පෙර සිංහල අලුත් අවුරුදු දිනයේ දී ඔහුගේ නිවසේ ශුභ නැකතට කිරි ඉතිර වීම සිදු කළ අතර කොතරම් උත්සාහ කළ ද කිරි උතුරා නොගිය නිසා එතැන් සිට පවුලේ ඥාතීහු යම් කිසි කනස්සල්ලකින් පසු වූහ. භාතියගේ ජීවිතයට එල්ල විය හැකිව තිබූ උවදුර මේ සිද්ධීන් මගින් ඔහුගේ ඥාතීන්ට ඉවෙන් මෙන් දැනී තිබුණා වැනිය. 


මේ අතර 21 වැනිදා තම කාර්යාලයේ සිටි බි්‍රගේඩියර් පර්සි ප්‍රනාන්දු හට හිටපු හමුදාපති ලුතිනන් ජනරාල් වනසිංහගෙන් දුරකථන පණිවිඩයක් ලැබුණි. ඊට පිළිතුරු දී අවසන් කළ ප්‍රනාන්දු මේ දවස් කීපය භාතියට බෑඞ් ඬේස්ලු (ඊ්ා ෘ්හි) යයි පැවසීය. ඒ සමගම ප්‍රනාන්දු කියා සිටියේ තමාගේ හඳහනේ ද එසේම සඳහන් වන බවකි. එම අවස්ථාවේ ප්‍රනාන්දුගේ කාර්යාලය තුළ සිටි අනෙක් පිරිස අතර කර්නල් නීල් අක්මීමන සහ හැරිස් හේවාරච්චි ද වූහ. එහෙත් ඔවුහූ කිසිවකු මේ ගත වන්නේ තම ජීවිතයේ අවසන් හෝරා කිහිපය බව දැන නොසිටියහ. විශේෂයෙන් කර්නල් භාතියට ජලයෙන් අපල උපද්‍රව ඇති විය හැකි බව ඔහුගේ හඳහනේ සඳහන් වීලු. 541 බළ සේනාධිපතිවරයා එසේ මිය යද්දී කර්නල් නීල් අක්මීමන කිලාලි රෝහලේ දී ඊට පෙර මිය ගියේය. 


පසු බසිමින් සිටි හමුදාවෝ 22 වැනිදා රාත්‍රිය වන විටත් පලෛ ප්‍රදේශය වෙත පැමිණෙමින් සිටි අතර අතහැර දමා තිබූ දුම්රිය මාර්ගය ඔස්සේ එම භට පිරිස් ගමන් කරමින් සිටියහ. 
එහෙත් ඔවුන්ට ද කළපු මාර්ගයෙන් ගමන් කරමින් සිටි පිරිසට මෙන්ම ඛඔඔෑ ප්‍රහාරයන් නිරන්තරයෙන් එල්ල විය. රාත්‍රී 8 පමණ වන විටත් සිංහ හා විජයබා රෙජිමේන්තුවල භට පිරිස් පලෛ දෙසට පැමිණෙමින් සිටි අතර ඔවුන් සතු පණිවිඩ හුවමාරු යන්ත්‍ර මගින් ඒ බව දන්වන ලදී. එහෙත් අලිමංකඩ කඳවුරේ දකුණු ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල නියුතුව සිටි පළමු වැනි සිංහ රෙජිමේන්තුවේ එක් භට කණ්ඩායමකට කඳවුරෙන් ඉවත් වීම පිළිබඳ නියෝග නිසි පරිදි නොලැබීම හේතුවෙන් එම භට කණ්ඩායමේ සිටි 150ක පමණ පිරිසක් ඛඔඔෑයේ පහසු ගොදුරු බවට පත් විය. 


මේ අතර අලිමංකඩ කඳවුරේ සිට නිවාඩු ලබා සිය නිවසට ගොස් නැවත ආපසු එමින් සිටි ලුතිනන් කරුණාරත්න අලිමංකඩ කඳවුරෙන් හමුදාව ඉවත් වී පලෛ දක්වා පැමිණීම හේතුවෙන් පලෛ කඳවුරෙහි රැඳී සිටියේය. එහෙත් ඔහුගේ නෙතත් සිතත් 22 වැනිදා සවස් වරුව පුරාම යොමු වී තිබුණේ අලිමංකඩ සිට පලෛ දක්වා පැමිණෙන සෙබළ පිරිස් වෙතය. මන්දයත් දෙවැනි ලුතිනන් අනුරාධ කෝසල කරුණාරත්න නමැති ඔහුගේ සොහොයුරා ද අලිමංකඩ කඳවුරෙහි සිටි නිසාය. එහෙත් තම සොහොයුරාගේ බළ ඇණියේ බොහෝ පිරිසක් පලෛ දක්වා පැමිණියත් ඔහු එහි නොවූයෙන් ලුතිනන් කරුණාරත්න තම සොයුරාට සිදු වූයේ කුමක් ද යන්න සොයා බැලීමට අලිමංකඩ දෙසට යාමට තීරණය කළේය. බොහෝ පිරිසකගේ විරෝධය ඊට එල්ල වුවත් මේ සියල්ල අතරේ සොයුරු ප්‍රේමය ප්‍රබල විය. මේ අතර ලුතිනන් කරුණාරත්නගේ එම තීරණයට සහාය පළ කළ ඔහුගේ සමීපතම මිතුරකු වූ කපිතාන් සෙනෙවිරත්න ඔහුත් සමග මෙම ගමනට එක් විය.    


ඒ වන විට දහස් ගණනක් අලිමංකඩ සිට පලෛ සහ කිලාලි ප්‍රදේශය දක්වා පසු බැස ගිය මාර්ගයේ වැලි සහිත බිම මත වැතිරී මියගොස් සිටි සෙබළුන්ගේ සිරුරු සෝදිසි කරමින් ඛඔඔෑ ප්‍රහාර ද මධ්‍යයේ මෙම දෙදෙනා අලිමංකඩ දෙසට ගමන් කරමින් සිටියහ. එහෙත් අවසානයේ ලුතිනන්වරයා නැවත ආපසු හැරී පලෛ දක්වා යාමට තීරණය කළේය. තම සොහොයුරා සොයමින් ඛඔඔෑ ප්‍රහාර මධ්‍යයේ කි.මී. කිහිපයක් ගමන් කළ ගමනේ දී තම ජීවිත රැක ගැනීමට ඔවුන් දෙදෙනාම සමත් වුවත් ඊට සති තුනකට පමණ පසුව (මැයි 15) අර්ධද්වීපයේ ඇති වූ සටන්වල දී ලුතිනන් කරුණාරත්න සමග සිය ජීවිත අවදානම ද නොතකා පැමිණි කපිතාන් සෙනෙවිරත්න මියගිය අතර මැයි 19 වැනිදා ලුතිනන් කරුණාරත්න ද ඛඔඔෑ ප්‍රහාරයකින් තුවාල ලැබීය. 


අලිමංකඩ ප්‍රහාරය සඳහා ඛඔඔෑ ය ලබා දුන් මාධ්‍ය ආවරණය තරමක් සුවිශේෂීය. සියලුම මාධ්‍ය ප්‍රකාශ ඛඔඔෑ ලන්ඩන් කාර්යාලය මගින් නිකුත් කරන ලදී. අප්‍රේල් 22 වැනිදා ඔවුන් සුවිශාල අලිමංකඩ කඳවුර ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් 17,000ක් පමණ වූ සමස්ත 54 වැනි සේනාංකය ම පසු බස්වමින් අත්පත් කර ගත් බව නිල වශයෙන් ටැමිල් නෙට් වෙඞ් අඩවිය ඔස්සේ ප්‍රථමයෙන්ම ලෝකයට ප්‍රකාශ කළ අතර අවුරුදු 200 කට අධික කාලයක් විදේශීය බලවේගයන්ට යටත්ව තිබූ අලිමංකඩ ප්‍රදේශය ඉතිහාසයේ ප්‍රථම වරට දෙමළ ජනතාව සතු වූ බව ද එහි සඳහන් විය. එහි දී ඊට දින දෙකකට පෙර තීරණාත්මක ලෙස ඉයකච්වි කඳවුර තමන් සතු කර ගැනීම පිළිබඳව හෝ ලබා ගනිමින් සිටි යුදමය ජයග්‍රහණයන් විටින් විට සවිස්තරව හෙළි නොකළේ අනිවාර්යයෙන්ම අලිමංකඩ කඳවුර තමන් සතු වන බවට වූ දැඩි විශ්වාසය නිසාය. එමගින් ඔවුන් බලාපොරොත්තු වූයේ තමන් ලබන්නට යන මහා යුද ජයග්‍රහණය එක් වරම ලෝකයට හෙළි කිරීම තුළින් ලෝක ප්‍රජාවගේ සෘජු අවධානය තමන් වෙත යොමු කරවා ගැනීම බව මේ පිළිබඳ සඳහන් කළ විචාරකයන්ගේ මතය විය. ඒ අනුව අප්‍රේල් 22 වැනිදා කඳවුර සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ ග්‍රහණයට පත් වීමෙන් පසුව ඛඔඔෑ ලන්ඩන් කාර්යාලය ජාත්‍යන්තර මාධ්‍යයන්ට මෙසේ ප්‍රකාශ කළේය. 


“ඛඔඔෑ විශේෂ හමුදා සේනාංක හා කොමාන්ඩෝ ඒකකය ඉයකච්චි හමුදා කඳවුරට සාර්ථකව ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව එම කඳවුර අත්පත් කර ගනු ලැබුවා. එහිදී කොමාන්ඩෝ ඒකකය මගින් ආටිලරි තුවක්කු විශාල ප්‍රමාණයක්, යුධ ටැංකි, ආමර්ඞ් රථ හා වෙනත් විවිධ වර්ගයේ අවිආයුධ හා වෙඩි උණ්ඩ විශාල ප්‍රමාණයක් විනාශ කළ අතර සමහර ඒවා අප සතු වුණා. ගෙවී ගිය දින දෙක පුරා ශ්‍රී ලංකා හමුදාව මංමුළා වී සිටියා. ඉයකච්චි ජයග්‍රහණයෙන් පසුව දිශානති කිහිපයක් ඔස්සේ අපගේ හමුදා අලිමංකඩ කඳවුරට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරනු ලැබුවා. ඛඔඔෑ යෙහි බහු විධ ප්‍රහාර හමුවේ 54 වැනි සේනාංකයේ බහුතර සෙබළු කිලාලි කලපුව ඔස්සේ සියල්ල අතහැර දමා තුවාල ද සහිතව පැන දිව්වා. 


තවද ලන්ඩන් කාර්යාලයට අනුව සටනේ දී ඛඔඔෑ සාමාජිකයින් 303ක් මියගොස් සිටි අතර ශ්‍රී ලංකා හමුදාවේ 1000 කට අධික පිරිසක් මරා දැමීමට තමන්ට හැකි වූ බව” ද පැවසිණි. මේ අතර කොටි හඬ ගුවන් විදුලිය ප්‍රකාශ කර සිටියේ තමන් 152පප තුවක්කු 3ක්, 122පප තුවක්කු 2ක් හා 120පප අවි 9ක් ඇතුළු විශාල අවි ආයුධ ප්‍රමාණයක් එහිදී අල්ලා ගත් බවයි.

 

 

එහෙත් ශ්‍රී ලංකා හමුදාව ඛඔඔෑ ය විසින් ඉදිරිපත් කරන ලද මෙම සංඛ්‍යා ලේඛන ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් අලිමංකඩ කඳවුර අහිමි වීම හමුවේ රුපියල් මිලියන 1100 ක් වටිනා යුද උපකරණ හා වෙනත් භෞතික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා හමුදාවට අහිමි විය. 


මේ අතර ඛඔඔෑ ය අපේක්ෂා කළ ආකාරයෙන්ම මෙම පුවතත් සමගම සමස්ත ලෝකයේ ම දැඩි අවධානය ශ්‍රී ලංකාවේ යුදමය තත්ත්වය කෙරෙහි යොමු විය. මක්නිසාද යත් මෑත ලෝක ඉතිහාසයේ සිවිල් යුද තත්ත්වයක් යටතේ යම් කිසි රජයක හමුදාවක් මෙවන් වූ හමුදාමය පරාජයක් ලබා නොතිබුණ නිසාය. ශ්‍රී ලංකා හමුදාව සතු වූ විශාල යුද ශක්තියකින් හෙබි අලිමංකඩ කඳවුර මෙලෙස ඛඔඔෑ ය අතට පත් වීම පිළිබඳ පුවත ජාත්‍යන්තර ජන මාධ්‍යවල ප්‍රකාශයට පත් වීමත් සමගම ඊට හේතු ඉදිරිපත් කළ ජාත්‍යන්තර යුද විශේෂඥයන් පෙන්වා දෙන ලද්දේ දිගින් දිගට ම ශ්‍රී ලංකා හමුදාව අබිබවා යුද ජයග්‍රහණ අත්කර ගැනීමට ඛඔඔෑ ය සමත් වීම තුළ ශ්‍රී ලංකා හමුදාවේ චිත්ත ධෛර්යය පිරිහීම හා කඳවුර සතු වූ ජල සැපයුම හා වෙනත් සැපයුම් මාර්ග සියල්ල ඛඔඔෑ යේ ග්‍රහණයට නතු වීම මෙවන් පරාජයකට අවශ්‍ය පසුතලය නිර්මාණය කළ ප්‍රධාන සිද්ධීන් බවයි. තවද කඳවුරේ පරාජය වාර්තා කළ ජාත්‍යන්තර ජන මාධ්‍යය ද ටැමිල් නෙට් වෙබ් අඩවිය ඔස්සේ යමින් ප්‍රකාශ කර සිටියේ 17,000 ක් පමණ වූ ශ්‍රී ලංකාවේ හමුදාවේ සෙබළු ඛඔඔෑ ප්‍රහාර ඉදිරියේ පණ රැක ගැනීම සඳහා මරණ බයින් තැතිගෙන පලා ගිය බවකි. 


එම අවස්ථාවේ දී කඳවුර තුළ සෙබළු 12,000 ක් පමණ පිරිසක් සිටියහ. සාමාන්‍යයෙන් බටහිර සම්ප්‍රදායට අනුව රාජ්‍ය හමුදාවක එක් සේනාංකයක සියලුම නිලයන්ට අයත් නිලධාරීන් හා සෙබළු 15,000 - 20,000 ත් අතර පිරිසක් සිටියත් ශ්‍රී ලංකා හමුදාව තුළ සාමාන්‍යයෙන් එක් හමුදා සේනාංකයක් නියෝජනය කරන්නේ හමුදා සාමාජිකයින් 8,000 - 10,000ත් අතර පිරිසකි. ඒ අනුව අලිමංකඩ කඳවුරෙහි ස්ථාන ගත වී 54 වැනි සේනාංකය හා එහි සිටි වෙනත් රෙජිමේන්තු කිහිපයක සෙබළු හා නිලධාරීන් පසු බැස ගිය පුවත වාර්තා කළ ජාත්‍යන්තර ජන මාධ්‍ය විසින් එහි සිටි සෙබළ සංඛ්‍යාව 17,000ක් ලෙස සඳහන් කළේය. 


අලිමංකඩ කඳවුරෙන් පසු බසින හමුදාවන්ට ඛඔඔෑ ය දැක් වූ ප්‍රතිචාරය දෙස බලන විට පළමුව පසු බැසීමට අවකාශ සලසා දෙවනුව තමන්ගේ ද ආරක්ෂාව උපරිම අන්දමින් තහවුරු වන අයුරින් ප්‍රහාර එල්ල කිරීම දැක ගත හැකි විය. සැබවින්ම එය පසු බසින සතුරු හමුදාවකට සාර්ථක ලෙස ප්‍රහාර එල්ල කරන යුද කලාවට අනුගත සිද්ධාන්තයකි. එසේ නොවන්නට පසු බසින මාර්ගය සම්පූර්ණයෙන්ම ආවරණය කොට පසු බසින හමුදාවන්ට ප්‍රහාර එල්ල කළේ නම් ශ්‍රී ලංකා හමුදා සෙබළුන් සමග ඇති වන මුහුණට මුහුණලා සටනක දී ඛඔඔෑ යට ද විශාල හානියක් සිදු වීමට ඉඩ තිබිණ. මන්දයත් පසු බසින හමුදාවක් වුවත් එහි 12,000ක සෙබළ පිරිසක් සමග ඊට අනුරූප වෙඩි බලයක් ද ඔවුන් සතු වූ බැවිනි. කෙසේ වෙතත් ඛඔඔෑ ප්‍රහාර හමුවේ 22 පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ පසු බැසීමේ නිල නියෝග අවුල් සහගත වූ අතර එම අවස්ථාවේ එලෙස ශ්‍රී ලංකා හමුදාව හදිසියේ පසු බසින බවක් ඛඔඔෑ ය ද දැන නොසිටියේය. එමනිසාම ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඛඔඔෑ යේ යම් පිරිසක් ද විනාශයට ලක් විය. 


අප්‍රේල් 22 වැනිදා සවස 2.30 පමණ වන විට ජයග්‍රාහී ලෙස අලිමංකඩ කඳවුර ප්‍රදේශයට ඇතුළු වූ ඛඔඔෑ සාමාජිකයෝ තමන් ලද ඓතිහාසික යුද ජයග්‍රහණය නිල වශයෙන් සැමරීම 23 වැනිදා පෙරවරුවේ සිදු කළහ. එම නිල උත්සවයේ දී දැකිය හැකි වූ වැදගත් සිද්ධියක් ලෙස සඳහන් කළ හැක්කේ නොනවතින රැල්ල පළමු අදියරේ සිට අලිමංකඩ ජයග්‍රහණය තෙක් සියලු ඛඔඔෑ ජයග්‍රාහී ප්‍රහාරයන් මෙහෙය වූ ප්‍රභාකරන් අලිමංඩක ජයග්‍රහණය සැමරීමට පැවති ඛඔඔෑ නිල උත්සවයෙන් සිතාමතාම ඉවත්ව සිටීමයි. එමගින් ඔහු බලාපොරොත්තු වූයේ තමන් පිටු පසින් සිටි මෙම සියලු ජයග්‍රහණයන්ට උර දුන් බානු හට යම් කිසි වැදගත් ස්ථානයක් හිමි කර දීමයි.

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය අන්තර්ජාලයෙනි