චම්පික ඇමතිතුමාගේ ඉල්ලීමකට අනුව අප ලියු මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෘදු පිටපතක් ආචාර්ය ජයම්පති ඇතුළු පිරිසට අප ලබා දුන් අතර ඔවුන් ද යම් යම් දේ එක්කරන ලදී. මේ වන විට එ.ජා.ප.යේ නිර්දේශ මහාචාර්ය ධම්මික ගංගානාත් ලබා දී තිබුණ අතර අප එම යෝජනා ඒ වන විටත් ඊට එක්කර අවසන්ය. කෙසේ වෙතත් ප්‍රතිපත්ති  ප්‍රකාශනයට ඇමති චම්පික දැක්වු අනවශ්‍ය හදිස්සියට සමගාමි අශෝක අබේගුණවර්ධන මහතා ද ඊට මැදිහත්ව තිබුණි.


මේ අනුව හරේනද්‍ර හා මා ආචාර්ය ජයම්පතිට බාරදුන් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් පිටපත ඔවුන්ගේ ද යෝජනා එක්කිරීමෙන් පසුව අශෝක අබේගුණවර්ධන විසින් එහි වගකීම ස්වේච්ඡාවෙන් බාර ගන්නා ලදී. විශේෂයෙන්ම එහි දී ද රතන හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වු පිවිතුරු හෙටක් සංවිධානය ගොඩ නැඟු ආහාර සුරක්ෂිතතාව ඇතුළු බොහෝ අදහස් හා යෝජනා ඒ අනුව අශෝක විසින් ඊට එක් කරන ලදි.
අශෝක හා මා අතර යම් මානසික ගැටුමක් පැවති බව කිවයුතුය. ඔහු හා මා දෙදෙනාම දේශපාලනයට පැමිණෙන්නේ කොමියුනිස්ට් පක්ෂයේ පවුල් පසුබිමකිනි. මීට පෙර දක්වා ඇති පරිදි රතන හාමුදුරුවන්ගේ සදහම්  සෙවණේ දී මා ප්‍රසන්ටේෂන් විග්‍රහය ඉදිරිපත් කරන අවස්ථාවේදී පළමු විනාඩි 10 තුළම ඔහු ඉන් ඉවත්ව ගියේය.


මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයට අදාළ සියලුම පාර්ශ්වයන්ගේ යෝජනා හා නිර්දේශ එක්කිරීමෙන් අනතුරුව තවදුරටත් එහි සංස්කරණ කටයුතු ස්වේච්ඡාවෙන්ම බාරගෙන ක්‍රියාකළේ අශෝක අබේගුණවර්ධනයි. කෙසේ වෙතත් ප්‍රතිපත්ති ප්‍රකාශනයත් සමග ඔහු ක්‍රියාකරන ආකාරය පිළිබඳ සියලු වැඩකටයුතු මධ්‍යයේ නිරන්තර අවධානයකින් සිටි අපහට ඔහුත් සමග යළිත් ප්‍රශ්නකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවිය. ඒ අන් කිසිවක් නිසා නොව, අශෝක මෛත්‍රීපාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණය කිරීමට සූදානම් වූයේ සෝදුපත් කියවීමකින් තොරවය. මෙ සම්බන්ධයෙන් මම ඔහුට මෙවන් ජාතික වැදගත්කමකින් යුත් ලියවිල්ලක් මුද්‍රණය කිරීමට පෙර සෝදුපත් කියවීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නෙමි. ඊට ඔහුගේ පිළිතුර වූයේ ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් තවදුරටත් කාලය මැරිය නොහැකි බවයි. “අලිමංකඩ පරාජය’ කෘතියේ මුද්‍රණ දෙකක් එළිදැක්වීම තුළින්ද, සන්ධාන ආණ්ඩුවේ බොහෝ ලිපිලේඛන හා ප්‍රකාශන ලිවීම හා මුද්‍රණය කිරීමේ වගකීම දැරූවකු ලෙසින්ද පොදු අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මුද්‍රණයට පෙර සෝදුපත් කියවීම අනිවාර්යය අංගයක් බව මගේ විශ්වාසය විය. මේ සම්බන්ධ ප්‍රශ්නයේදී අශෝක මගේ ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මම මේ පිළිබඳ පරණවිතානට කියා සිටියෙමි. පරණවිතාන මාගේ අදහස අනුමත කළ අතර ප්‍රතිඵලය වූයේ පරණවිතාන හා අශෝක අතර දරුණු වාග් හුවමාරුවකට මගපෑදීමය. එය සිදුවූයේ මෛත්‍රී ඇමතිතුමාගේ නිවසේදීය. ඉන් ඉවත්ව ගිය අශෝක පසුව පරණවිතානට ීඵී පණිවුඩයක් මඟින් දන්වා තිබුණේ ඔහු කිසි දිනක පරණවිතානගෙන් එවන් ප්‍රතිචාරයක් අපේක්ෂා නොකළ බවකි.


කෙසේ වෙතත් පරණවිතානගේ සෘජු මැදිහත්වීමත් සමගම මුද්‍රණයට නියමිත ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපතක් අශෝක විසින් මා හට ලබාදුනි. එහි සෝදුපත් කියවීම මා වෙනුවෙන් ඉටු කළේ හරේන්ද්‍රයි. සෝදුපත් කියවීමේදී සිදුවූ අතපසුවීමක් හේතුවෙන් පරණවිතාන හා මම වැරදිකරුවන් වූ අතීත කථාවක් මීට පෙර දැක්වීය. ඒ 2009 ඌව පළාත් සභා මැතිවරණය ආශ්‍රිත ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රකාශනයක එක් වාක්‍ය ඛණ්ඩයක මුඛ්‍ය අර්ථය වෙනස්වීම පිළිබඳවය. එදින සිට පරණවිතාන හා මම, ලියන ලියවිල්ලක් මුද්‍රණයට පෙර එහි සෝදුපත් වරක් නොව දෙවරක් කියවීමේ අවශ්‍යතාව තේරුම් ගත්නෙමු. මේ අතර ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෘදු පිටපත .ඹචා්එැ. වන්නේ සදහම් සෙවණේ ස්ථාපිතව තිබූ මාධ්‍ය ඒකකයේ ලාල් මල්ලිගේ පරිගණකය තුළය. අශෝක එහි පැමිණියේ ඉඳහිටය. ඒ අවසරයෙන් හරේන්ද්‍ර හා මම අපට සිතැඟි පරිදි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වාක්‍ය ඛණ්ඩ හා ඡේද, මාතෘකා සුමට කිරීමට ඉඩහසර විවරකර ගත්තෙමු.


දිනක් මා සඳහම් සෙවණේ සිටිය දී ලයනල් ප්‍රනාන්දු මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි. ඔහු රහසින් මෙන් මට කියා සිටියේ ‘මලිත් මැනිෆෙස්ටෝ එක ලියල ඉවර නෑ නේද? කරුණාකරල මේ කොටසත් එකතු කරන්න” ඔහු ඉංග්‍රීසියෙන් කියා සිටියේ .ෂරරසට්එසදබ දෙර ව්බෛ්.. යන්න පමණි. මම පෙරළා විමසා සිටියේ එය කරන්නේ කෙසේද යනුවෙනි. ලයනල් ප්‍රනාන්දු මහතා එය සිදුකරන ආකාරය මට විස්තර කළේය. යුද්ධය ඇරඹීමට පෙර ඔහු යාපනයේ සිටි අවසන් සිංහල දිසාපතිවරයාය.


පෙර සඳහන් කළ පරිදිම රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රතිපත්ති කමිටුවේදී සෑමවිටම චම්පික ඇමතිතුමා රනිල් වික්‍රමසිංහ මහතාගේ මතය සමඟ යම් පරස්පරතාවක් පෙන්වන බව පෙනෙන්නට තිබුණි. විධායක ජනාධිපතිගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයේදී චම්පික ඇමතිතුමාත් රතන හාමුදුරුවෝත් එකහෙළා කියා සිටියේ විධායක ජනාධිපති ධූරයේ අසීමිත බලතල කප්පාදු කරන බව පමණක් ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කළයුතු බවය. ඒ සමගම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් ජනතාවට ලබාදෙන සහන පිළිබඳ අදහස් හා යෝජනා ද එපරිදිම සංකීර්ණ විය. 


මේ පිළිබඳ ප්‍රශ්නයේ දී මා ඉදිරිපත් කළ අදහස රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම තවත් බොහෝ අය පිළිගත්තහ. එහිදී මා කියා සිටියේ ජනතා සහන පිළිබඳ කොටසේදී අපට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ වන විට 2015 සඳහා ඉදිරිපත් කර තිබූ ‘බයියගෙ අය - වැය’ අවතක්සේරු කළ නොහැක. සැබවින්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ සිහිනය බොඳවූ දිනයක් ලෙසද මහින්ද ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඔක්තෝබර් 24 වැනිදා දැක්විය හැක.


මෙම කරුණ නිසාම රනිල් වික්‍රමසිංහ මහතා මගේ යෝජනාව එකවිට අනුමත කළා වෙන්නට ඇත. එනම්, මාකියා සිටියේ ආර්ථික සහන පිළිබඳ කොටසේදී ආණ්ඩුව දැනට ඉදිරිපත්කර ඇති අය - වැයෙහි සඳහන් සහන හා ප්‍රතිලාභ යෝජනා අපගේ  මූලික පදනම වශයෙන් තබාගනිමින් ඊට වඩා යම් සංඛ්‍යාත්මක හා ප්‍රතිශතාත්මක ධන අගයක් අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ යෝජනා කරමු යන්නයි. එසේ නොවන්නට රාජපක්ෂ බුල්ඩෝසරයට අපට මුහුණදිය නොහැක. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අතර්කානුකූල හා අවිද්‍යාත්මක, මැතිවරණය ඉලක්ක කරගත් අය - වැය ඉදිරියේ අපි පමණක් තර්කානුකූල හා විද්‍යාත්මක වී ඵලක් නැත. බලාපොරොත්තු සුන් වූ අවස්ථාවකට ගැළපෙන්නේ බලාපොරොත්තු සුන් වූ පිළිතුරකි. එය ඉංග්‍රීසි කියමනකි. මගේ අදහස සම්පූර්ණයෙන්ම පිළිගත් රනිල් වික්‍රමසිංහ මහතා එය එසේකරන ලෙසට අනුමැතිය ලබාදුන් අතර මේ සම්බන්ධයෙන් එ.ජා.ප ප්‍රතිපත්ති කමිටුව බාරව කටයුතු කළ මහාචාර්ය ධම්මික ගංගානාථ සමඟ එක්ව කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියේය. සැබවින්ම “මෛත්‍රී පාලනයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් සාමාන්‍ය ජනතාව ආකර්ෂණය කරගැනීමට මූලික පදනම සැකසුණේද අවසානයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තැපැල් ඡන්දය ප්‍රකාශ කරන දින වනවිටත් එළිදැක්වීමට නොහැකි වූයේ ද තවදුරටත් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයට පළමුව යොදා තිබූ ‘තුන්කල් දැක්ම’ යන නම වෙනස්කොට ‘මහින්ද චින්තන ලොව දිනන මඟ’ යනුවෙන් නැවත වෙනත් නමක් යෝජනා කරන්නේද මුද්‍රණයකොට තිබූ පළමු ප්‍රතිපත්ති ප්‍රකාශන තොගය හකුළාගන්නේද අප සියලුදෙනා මේ ආකාරයට උපරිම කැපවීමකින් හා දැනුම, බුද්ධිය හා උපායමාර්ගික එළැඹුම් සීරුමාරුවට තබා කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඔක්තෝබර් 24 වැනිදා සමස්ත එ.ජා.නි.ස මැති ඇමතිවරු සියල්ලෝම මෙන්ම ගම් මට්ටමේ ආණ්ඩුවේ ක්‍රියාකාරීන්ටද මහත් අමන්දානන්දයක් ගෙනදුන් දවසක් විය. ජනාධිපතිතුමා අය - වැය යෝජනා කියවීම පටන්ගත් මොහොතේ සිට එය අවසන් වනතුරුම විපක්ෂය වෙත එල්ලවන මුරුගසන් වරුසාවක් ලෙසට සන්ධානයේ අයවැය පතිත විය. අයවැයට සවන්දෙමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ ඔහු සතු වූ සියලු බලාපොරොත්තු අතහැරියේ එහිදී යැයි යමකුට සිතිය හැකි තරම්ය. සමස්ත එ.ජා.ප මන්ත්‍රී මණ්ඩලයේම අහිංසක අසරණ ජනාධිපතිවරණ සිහිනය ඉතා රෞද්‍ර ආකාරයෙන් මහින්ද ජනාධිපතිතුමා ඩැහැගන්නා ආකාරයක් එම අය - වැය කථාව තුළින් තවදුරටත් විෂද විය. ජනාධිපතිතුමා සිය අයවැය කථාව පුරාම සහන පිට සහනද, වැඩි වැටුප්ද, එකක් යන්නට එකක් ආකාරයෙන් ප්‍රකාශ කරද්දී ආණ්ඩු පක්ෂයේ අත්පොළසන් හඬ හා මේසවලට ගසන ලෑලි හඬ රූපවාහිනී තුළින් රටටම ශබ්ද නංවන්නට විය.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්